Friday, October 30, 2009

මගේ වැරැද්දද... රටේ වැරැද්දද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණෙයි මහ මැතිවරණෙයි දෙක ම එකට තියන්න යනවලූ.මිනිස්සු කියනව සරත් පොන්සේකා එක්සත් ජාතික පක්ෂෙ පොදු අපේක්ෂකය කරන්න හදනවලූ. ඇයි දන් නෑ ඒ කිසි දෙයක් ඒ තරම් මගේ ඇගට දැනෙන් නෑ. මේ රටේ කිසි දෙයක් වෙන්නෙ නෑ කියන එක විතරයි මට දැනෙන්නෙ.

මට පොඩි කාලෙදි මගේ යාළුවො කිව්ව මං ඉන්නෙ හීන ලෝකෙක කියල. මට ඒ කාලෙදි තේරුන් නෑ මොකක්ද එයාල කියන්නෙ කියල. ඇත්තටම නම් තේරුම් ගන්න ඕනකමක් තිබුණෙත් නෑ. ඒත් හැබැයි මට දැන් තේරෙන විදිහට නම් ඒ කාලෙදිත් ඒ අය දැනගෙන හිටිය මේ රටට හරියන විදිහට ජීවත් වෙන්න.මං හිතන විදිහට මේ රටේ ජීවත් වෙන්න අමාරුයි කියල මට තේරුන් නැති වුණාට මගේ වයසෙ හිටපු අනිත් අයට ඒක තේරිල තිබුණා. මං නිදහස කියන වචනෙත් එක්ක ජීවිතෙ දිහා බලන්න පුරුදු වෙල තිබුණෙ. මං ආස කලේ ඒ විදිහට ජීවත් වෙන්න. ඒ කාලෙදි මං හිතුවෙ මං ජිවත් වෙන විදිහ හරි කියල. කොයි වෙලාවකවත් මට තේරුණේ නෑ මට කොතන හරි වැරදිල කියල.

දැන් මට සමහර දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒව හරිමද කියල නම් මං තාම දන්නෙ නෑ. ඒත් මට හිතෙන විදිහට නම් මගේ වයසෙ ඉන්න අනිත් අයට විඳින්න හම්බ වුණ ලෝකෙයි මට හම්බුණ ලෝකෙයි ගොඩක් වෙනස්. මට ඕන වුණෙ වෙනස් විදිහට දේවල් දකින්න. ඒත් සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අයින් කරල රැඩිකල් විදිහට ඉන්න තරම් හයියක් මට තිබුණෙත් නෑ. එි නිසා හැමවෙලේම සම්ප්‍රදායයි රැඩිකල් ලෝකෙයි මැද්දෙ තමයි මට ඉන්න සිද්ධ වුණෙ. එතකොට මට සාම්ප්‍රදායික ගැහැණු සමාජෙ කොටසකුයි රුඩිකල් සමාජෙ කොටසකුයි miss වෙනව. මට රැඩිකල් වෙන්න බෑ මං පවුලක් ඇතුලෙ ජීවත් වෙන නිසා. මට සාමිප්‍රදාමික ගැහැණියෙක් වෙන්න බෑ ඒක හරි ගොං කියල දැනෙන නිසා. සාම්ප්‍රදායික සමාජයක් ඇතුලෙදි ගැහැණියෙක්ට තියෙන්නෙ කොහොම හරි මිනිහෙක්ව කසාද බැඳගෙන ළමයෙක් හදාගෙන තමන්ගෙ ජීවිතේ ළමයා බවට පත් කරගෙන ජීවත් වෙන්න. එතනින් එයාලගෙ ජීවිතේ ඉවර වෙනව.

හ්ම්ම්.... දැන් මට ජීවිතේ ගැන වගකීමකින් හිතන්න වෙලා. ඉස්සර නම් ඇත්තටම කිසිම වෙලාවක මට මේ වගේ දේවල හිතුණෙ නෑ. ඉතිං..මට ආපහු හැරිල සාම්ප්‍රදායික වෙන්න නම් අමාරුයි. දැන් රට ඉස්සරට වඩා සංස්කෘතික වේගෙන එන නිසා රැඩිකල් වෙලා ජීවත් වෙන්න පුළුවන් කියලත් මං හිතන්නෙ නෑ. ඒ නිසා සමහර විට මං දැකපු ජීවිතේට යන පාර මගින් නවත්තන්න වේවි... අකමැත්තෙන් වුණත්...

Saturday, October 24, 2009

හීනයක්...

මේ වෙද්දි මිනිස්සුන්ගේ ජීවිත වල හීන කියල දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ හැමදෙයක්ම දියාරු වෙලා ගිහින්. ඇයි එහෙම වුණේ කියන එකට මිනිස්සුන්ට කියන්න ගොඩක් හේතු තියෙනව. සමහර අය කියනට ඒක මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි සමාජෙ තියන ප්‍රශ්නයක් කියල තවත් අය කියනව එහෙම වෙන්න හේතූව political හරි economical හරි ප්‍රශ්න නිසා කියල. ඔව් මම පිළිගන්නව ඒ හැම දේම ඒකට බලපානව ඒත් ඒ හින්දම විතරක් නෙමෙයි මිනිස්සුන්ට හීන නැති වෙල තියෙන්නෙ. ඇත්තටම කියනව නම් මට දැනෙන විදිහට මේ මිනිස්සු හීන කියල දෙයක් දන්නෙ නෑ. ඉතින් එහෙම දෙයක් ගැන දන් නැතූව කොහොමද හීනයක් හදන්නෙ.

දැන් මිනිස්සු ඔක්කොම ජීවත් වෙන්නෙ පොළවෙනෙ. පොළවෙ ඉන්නකම් මිනිස්සුන්ට හීන පේන්නෙ නෑ තමයි. පොළවෙ ඉද්දි දැනෙන කඨෝරකම විතරයි එතකොට හම්බවෙන්නෙ. පේන්නෙ නැද්ද එළියට බැස්සම හම්බවෙන මිනිස්සුන්ගේ මූණවල් වල හැටි. මැරෙන්න ඔන්න මෙන්න වගේ. ජීවත් වෙනව කියල කිසිම රහක් ඒ ජීවිත වල නෑ. මට ඒ වගේ මිනිස්සුන්ගෙන් අහන්න තියෙන්නෙ ඇයි ජීවත් වෙන්නෙ කියල විතරයි. ඒත් මොකක් හරි අහේතූවකට දැන් ඉන්නෙ එහෙම මිනිස්සු විතරයි. ඒ නිසා ඛෙදාගන්න දෙයක් නැති වුණත් අකමැත්තෙන් හරි හරි මිනිස්සු එක්ක ජීවත් වෙන්න වෙනව.

මේ පොළවෙ ඉන්නව කියන මිනිස්සුන්ටත් හීන වගයක් තියෙනව. ඒ තමයි එහා පැත්තෙ ඉන්න මිනිහට පේන්න ඊට වඩා ලොකූ ගෙයක් හදන එක. අනිත් එකාට වඩා හොඳ වාහනයක් ගන්න එක. තව ඇහුවොත් තවත් කියාවි...ආහ්..ඒ ටික ඉවර වුණාම එන්නෙ ළමයව හදන එක..ඇත්තට කොයි තරම් දුප්පත් thinking style එකක්ද.. කිසිම දවසක වෙන රටක මිනිහෙක්ට හිතෙන් නැති පහළම තියෙන thinking style එකක්.. ඇත්තටම ඇයි දන් නෑ දෙවියො මවද්දි ලංකාවෙ මිනිස්සුන්ව මේ තරම්ම ගොං කලේ. කිසිම දෙයක් ගැන ටිකක් වෙනස් විදිහට බලන්න කිසිමම ඕනකමක් මේ රටේ මිනිස්සුන්ට කවදාවත් එන එකක් නෑ. අර වගේ පල් වෙච්ච හීන එක්ක ඉඳල එහෙම්මම මැරිල යාවි.. එක අතකට ඒක හොඳයි මොකද මේ රට මෙතනින් ඉවර වේවිනෙ.. නැත්තම් මේ රටේ කාගෙ හරි ජෘනෙකින් හැදුනොත් ආපහු මෝඩ පරම්පරාවක් හැදෙන්න ඉඩ තියෙනවනෙ.

මොනා වුණත් මම මගේ හිත හදාගන්න ඕන නිසා හරි විශ්වාස කරනව පොඩි හරි හීනයක් ඉතූරු වෙල තියෙන මිනිස්සු ටික දෙනෙක් හරි තාම ලංකාවෙ ජීවත් වෙනව කියල.. නැත්තම් මට මං ගැනම ප්‍රශ්නයක් එනව මේ වගේ මිනිස්සු ගොඩක් මැද්දෙ මං ජීවත් වෙන්නෙ ඇයි කියල...