Thursday, November 13, 2014

දේශපේ‍්‍රමීත්වය සහ අපේ සිරි ලංකාව




අපි ඇත්තටම බැලූවොත් මේ රටේ බහුතරයක් ඉන්නෙ දේශපේ‍්‍රමීන්. මිනිස්සු මහින්දව රාජපක්ෂව බලයට ගේන්නෙම මේ දේශපේ‍්‍රමිත්වය නිසා. සංඝයාගෙන් ආශිර්වාද අරගෙන යුද්ධ කරපු දුටුගැමුණු වගේ තමයි අපේ මහින්ද රාජපක්ෂවත් මිනිස්සුන්ට පේන්නේ. ඒ අයට අනූව මහින්දත් සංඝයාට ගොඩක් භක්තියෙන් වැඩ කරපු, රටේ සිංහල ජාතියට තැනක් අරන් දීපු ශ්‍රේෂ්ට පුද්ගලයෙක්. ඒත් මේ ලඟකදි ඉඳන් මේ දේශපේ‍්‍රමිත්වයට කණකොකා හ`ඩල වගේ ගතියක් මට දැනෙනවා. දැන් රට ඇතුලෙ දේශපේ‍්‍රමීන් කල්ලි බෙදිල. ඔවුනොවුන් ගහගන්නවා. මොන දේශපේ‍්‍රමිය කියන දේ අහන්නද කියල හිතාගන්න බැරුව රටේ ජනතාව අසරණ වෙලා. ඇත්තටම ලංකාවේ මිනිස්සු කොයි තරම් පව් ද.. පොඞ්ඩක් ඇෙඟ් පතේ හයිය පෙන්නල මුස්ලිම් මිනිස්සුන්ට සද්දයක් දාලා සිංහල ජාතිය රැුකගන්න ආපු වීරයා තමයි ගලබොඩඅත්තේ ඥනසාර හාමුදුරුවො කියන්නේ. එතකොට රතන හාමුදුරුවො කියන්නේ කවුද. එයා තමයි බුද්ධාගම ආරක්ෂා කරගන්න දේශපාලනික වශයෙන් පත්වුණ හෙළ උරුමයේ ප‍්‍රධාන චරිතය. දැන් ඥනසාර හාමුදුරුවො බනිනවා රතන හාමුදුරුවන්ට ‘‘රතන කතා කරන්නේ වෙන මඟුලක්, රතන හාමුදුරුවො කොහොමද නිර්මාල් රංජිත් දේවසිරි එක්ක හරි අසාද් සාලි එක්ක හරි එකට වාඩි වෙන්නෙ’’ කියල. මම අහන්නෙ ඇයි එහෙම වාඩිවෙන්න බැරි කියල. මේකෙන් කියන්නේ දැන් රතන හාමුදුරුවන්ගෙ දර්ශනේ ඥනසාර හාමුදුරුවන්ටත් ඥනසාර හාමුදුරුවන්ගෙ දර්ශනේ රතන හාමුදුරුවන්ටත් ගැලපෙන්නෙ නැති මට්ටමකට ඇවිත්. ඔන්න දැන් මේ දේශපේ‍්‍රමීන් වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියන එකයි මට තියෙන ප‍්‍රශ්නෙ. මිනිස්සු යන්නෙ කාගෙ මඟුල් ගෙදරට ද? රතනගේ එකටද? ඥනසාරගෙ එකට ද?

ඇයි මිනිස්සු බහුතරයකට මේ දේවල් නොතේරෙන්නේ? ලංකාවේ ඉන්න මිනිස්සු ඒ තරමටම බබ්බු වෙන්න බැහැ. මේක දේශපේ‍්‍රමී තරඟයක් නෙමෙයි ද? අනෙකට වඩා තමන් දේශපේ‍්‍රමියෙක් වෙන්න දඟලන දැගලීමක් නෙමෙයිද? රටක ආගම හරි ජාතිය හරි අනිත් දේවල් වලට වඩා ඉස්මතු වෙනව කියන්නේ ඒ රටේ කිසිම ප‍්‍රගතියක් එතනින් එහාට සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ආගම ජාතිය කියන එක දියුණු රටකට ප‍්‍රධාන මාතෘකාවක් වෙන්න බැහැ. මිනිස්සුන්ට ලස්සන සංකල්ප ඔළුවට එන්න විදිහක් නැහැ ආගමයි ජාතියයි ඇතුලෙ ඒ අය හිරවෙලා ඉන්නකොට. අළුතෙන් දේවල් හිතන්න නම් මිනිස්සු මේ බැමි වලින් නිදහස් වෙන්න  ඕනි.

ඒ ටික නොතේරෙන තාක් ඥනසාරල, මහින්දල ගොඩාක් බිහිවේවි. අපි එතනම ඉඳීවි.. රට අතීතෙට යාවි..



Wednesday, November 12, 2014

ජීවත්වෙනවා කියන්නේ හුස්ම වැටෙන එකට ද?



‘‘අපි කැමති නෑ අපේ නූපන් දරුවන්ව මරන්න. මොකද අපට  ඕන එයාලා ඉපදිලා, ලොකු වෙලා,  අපේ යුද්ධවලදි යුද වදින්න’’
-මැරලින් මැන්ෂන්


ආගමික විශ්වාස හෝ වෙනත් අන්තවාදී හේතූන් මත ගබ්සාවට විරුද්ධ වන පිරිස හැරුණු කොට යම්කිසි තාර්කික පදනමක් මත මේ ගැන අදහස් දරණ පිරිස ප‍්‍රධාන වශයෙන් කොටසස් දෙකකට බෙදෙනවා. ඒ pro-life (ජීවිතකාමී) සහ pro-choice (අභිමතකාමී) වශයෙන්.

ජීවිතකාමී අදහස් දරණ අය කියන්නේ කළලය යනු ජීවයක් ඇති දෙයක් නිසා එයට ජීවත්වීමට ඇති අයිතිය කොන්දේසි විරහිත ව පිළිගත යුතු බවයි. ඒ කියන්නේ ඒ අය ගබ්සාවට මුළුමණින්ම විරුද්ධයි. අනෙත් අතට අභිමතකාමී අය කියන්නේ තම සිරුර සම්බන්ධ ව තීරණ ගැනීමේ අයිතියක් පුද්ගලයාට ඇති බවයි. ඒ අනුව තම සිරුර තුළ වැඩෙන කළලය තබාගන්නවාද, නැත්නම් ඉවත්කරනවාද කියන තීරණය ගැනීමේ සම්පූර්ණ අයිතිය අදාළ කාන්තාව සතුයි.

මේ කණ්ඩායම් දෙක දැන් අවුරුදු ගාණක් තිස්සේ විවිධ විද්‍යාත්මක කරුණු, දාර්ශනික ගැටලූ, සදාචාරත්මක තර්ක විතර්ක වගේ දේවල් ඔස්සේ තමන්ගේ මතය සනාථ කිරීමේ ව්‍යායාමයක යෙදී ඉන්නවා. මේ වගේ නිමක් නැති වාද විවාදය තුළ කුස තුළ තිබෙන කළලය ජීවිතයක් ලෙස සැලකිය යුතු ද, ඉපදී නැති අයකු ජීවියකු ලෙස සැලකිය හැකිද, කළලයට හැඟීම් දැනීම් තිබෙනවාද, එයට වේදනාව දැනෙනවාද වගේ දරුණු විද්‍යාත්මක හා දාර්ශනික තර්ක විතර්ක තව දශක ගාණක් පවතීවි. ඒත් ඒ දේවල් අමතක කරලා අපට එදිනෙදා මුණගැහෙන ඇත්ත ගැන හිතද්දි එක දෙයක් ගැන වැඩි වාදයකින් තොර ව එකඟ වෙන්න පුළුවන්. ගබ්සාවක දී කළලයට වේදනාවක් දැනෙනවාද, නැත්නම් කළලයට ඒක දැනෙන්නේ කොහොමද කියන එක සමහර විට අපට කවදාවත් දැනගන්න බැරි වේවි. ඒත් කාටවත්  ඕන නැති, අඩු තරමේ තමන්ගේ මවටවත්  ඕන නැති කෙනෙක් හැටියට උපදින දරුවකුට, ඒ විදියට ඉපදුනයින් පස්සේ  ගෙවන්න සිද්ධ වෙන ජීවිතයත්, තමන්ගේ ජීවිතේ කොහෙත්ම බලාපොරෙත්තු නොවුණ වෙලාවක, සමහර විට තමන් ජීවිතේ අත්වින්ඳ වඩාත්ම අප‍්‍රසන්න සිද්ධියක ප‍්‍රතිඵලයක් විදියට, තමන්ගේ අරමුණු, හීන හැම එකටම නැවතීමේ තිත තියාගෙන උපදින දරුවෙක් එක්ක කාන්තාවකට (සමහර විට එයත් අවුරුදු 13-14ක දරුවෙක් වෙන්නත් පුළුවන්* ගෙවන්න සිද්ධ වෙන ජීවිතයත් ගොඩක් වේදනාකාරී වෙන්න පුළුවන්. ඒක ජීවිත කාලයක් ගෙවන්න සිද්ධ වෙන වේදනාවක්.

‘‘මට දහස් ගාණක් තීරණකාමී කාන්තාවන් සහ පිරිමින් මුණගැහිලා තියෙනවා. ඒත් මට කවදාවත් ගබ්සාකාමී කෙනෙක්ව නම් හම්බවෙලා නෑ. අභිමතකාමී වෙනවා කියන්නේ ගබ්සාකාමී වෙනව කියන එක නෙවෙයි. අභිමතකාමී වෙනවා කියන්නේ ආණ්ඩුවේ හෝ වෙනයම් බලාධීකාරියක බලපෑමෙන් තොර ව, තමන්ට, තමන්ගේ පවුලට අවශ්‍ය මොකක්ද කියන දේ නිවැරදි ව තීරණය කරන්න පුද්ගලයකුට තියෙන හැකියාව ගැන විශ්වාසය තැබීමයි.’’
-    හිලරි ක්ලින්ටන්

කවුරුත් විනෝදය පිණිස ගබ්සාව කරගන්නේ නෑ. ඒ වගේ ම බොහෝ දෙනකුට ශාරීරික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද තරමක වේදනාකාරී අත්දැකීමක්. නමුත් කෙනකුට ඒ වේදනාව නොතකා ගබ්සාව තෝරාගන්න සිද්ධවෙන්නේ ඒ හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නැති නිසයි. නොදැනුවත්කම, අතපසුවීම හෝ සමහර විට තමන්ගේ කැමැත්තකින් තොර ව බලහත්කාරයෙන් සිදු වුණු ගැබ්ගැනීමකින් තමන්ගේ සම්පූර්ණ ජීවිතය ම අවුල්වෙන එක වලක්වාගන්න එක වරදක්ද?

ලංකාව වගේ රටවලට එනකොට ගබ්සාව පිළිබඳ තියෙන විවාදය මීටත් වඩා ගොඩක් පටු තැනකට එනවා. ගතානුගතික ආගමික මතවාද, සුචරිතවාදී සංස්කෘතික බලවේග මත තමයි ලංකාවේ ගබ්සා විරෝධය ගොඩනැගෙන්නේ. පුද්ගල නිදහස කියන සංකල්පයක් ගැන හැඟීමක්වත් නැති, අනුන්ගේ ජීවිත තමන් හිතන විදියට  පැවතිය යුතුයැයි හිතන, ඒ ජීවිතවලට බලපෑම් කිරීමෙන් සතුටට පත් වෙන සංස්කෘතියක් ඇතුලේ ගබ්සාවක් සිදුකරගන්නා තැනැත්තිය පව්කාරියක් ලෙස නම්කර ඇයට ගල් ගහන්න බලන් ඉන්න සමාජයකට ඒකේ තියෙන තාර්කික-අතාර්කික භාවය එතරම් වැදගත් වෙන්නේ නැහැ.

ලංකාවේ ගබ්සාව මුළුමණින් ම පාහේ නීතිවිරෝධීයි. ඒත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළ සංඛ්‍යා ලේඛණ වලට අනුව ලංකාවේ අවුරුද්දකට ගබ්සා ලක්‍ෂ 3ක් විතර සිද්ධ වෙනවා. ඒ කියන්නේ දවසකට සිද්ධ වෙන ගබ්සා ප‍්‍රමාණය 800කට වැඩියි. කොහාම වුණත් මේ සංඛ්‍යාව බොහෝ විට මීට වඩා බොහෝ වැඩි විය හැකි බවත් ඔවුන් ම පිළිගන්නවා.
මේ හැම ගබ්සාවක්ම සිද්ධවෙන්නේ හොර රහසේ. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් යම් පහසුකම් තියෙන ස්ථානයක සිද්ධකරන ගබ්සාවක ඉඳන් අතිශය නොදියුණු ආකාරයට, කිසිදු දැනුමක් නැති පුද්ගලයින් අතිශය අනතුරුදායක ක‍්‍රම භාවිතා කරමින් සිදුකරන ගබ්සා දක්වා විවිධ ක‍්‍රමවලට මේ ගබ්සා සිද්ධවෙනවා. ඒත් එක දෙයක් පැහැදිළියි. මොන ආකාරයට කෙරුණත් මේ විදියට හොර රහසේ සිදුවන ගබ්සාවකින් පසු යම් ගැටලූවක් හෝ අසාධ්‍ය තත්ත්වයක් ඇති වුණොත්, ඔවුන්ට පිළිගත් රෝහලක හෝ පවතින සෞඛ්‍ය පද්ධතියක පිහිට ලබාගන්න විදියක් නෑ. සමහර විට මෙහි අවසාන ප‍්‍රඵීඵලය විදියට අදාළ කාන්තාවගේ ජීවිත කාලයට බලපාන ආකාරයේ ආබාධයක් ඇතිවෙන්න, නැත්නම් ජීවිතයෙන් වන්දි ගවන්න පවා සිද්ධවෙන්න පුළුවන්.

ලංකාව තුළ පසුගිය කාලය තුළ ළමා ලිංගික අපචාර හා අඩු වයසින් ලිංගික ක‍්‍රියාකාරිත්වයට එළඹෙන ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. නමුත් උපත් පාලනය වැනි දේවල් පිළිබඳ විධිමත් ලිංගික අධ්‍යාපනයක් ගැටවර වියේ දරුවන්ට තබා බොහෝ විට දරුවන් කිහිප දෙනකු සිටින වැඩිහිටියන්ටවත් නැහැ. මේ වගේ තත්ත්වයන් තුළ එවැනි කෙනකුට ඇති වන අනපේක්‍ෂිත ගැබ්ගැනීමකින්, ඔවුන්ගේ අධ්‍යාපනයත්, ඉදිරි ජීවිතයත් විතරක් නෙවෙයි, ඔවුන්ගේ සම්පූර්ණ පවුල ම පවා ඇතැම් විට බිඳවැටෙන්න පුළුවන්.

ඒ වගේ ම දැනටත් දරුවන් කිහිපදෙනකු සිටින, ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් පවුලකට අනපේක්‍ෂිත විදියට තවත් දරුවෙක් ලැබුණොත්, ඔවුන් ආර්ථික අගාධයේ තවත් ගැඹුරට ගිලීගොස් දැනට සිටින දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණයටත් එය අනර්ථකාරී විදියට බලපාන්න පුළුවන්. ජාතිය රැුකගැනීම වෙනුවෙන් වැඩිවැඩියෙන් දරුවන් හැදීමට උනන්දු කරන සංවිධාන කොතෙකුත් තිබුණත් බොහෝ විට ඒ දරුවන්ට කන්න බොන්න දෙන්න වෙන්නේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ට ම තමයි.

බාලවයස්කාරියකට සිදු වූ ලිංගික බලහත්කාරකමක ප‍්‍රතිඵලයක් හැටියට සිදු ව ගැබ්ගැනීමක දී, එහෙමත් නැත්නම් විකෘති කළලයක් ඇති අවස්ථාවක දී වගේ ඉතා ම සීමිත අවස්ථාවල දී විතරක්වත් ගබ්සාවට ඉඩදිය යුතු බවට යෝජනාවක් පසුගිය කාලයේ ඉදිරිපත් වුණා. වසර කිහිපයක් ගෙවිලා අද වන විටත් ඒ යෝජනාවලට සිදු වූ දෙයක් නැහැ.

සමහර විට අප වැනි අවුරුදු දෙදහස් ගණනක ඉතිහාසයක් ඇති රටකට මේ වගේ දේවල් නොගැලපෙතැයි කියා කවුරු හෝ ඒ යෝජනා කුණු කූඩයට දැම්මා වෙන්න පුළුවන්. මිනිස් ජීවිතවලටත් වඩා කැපවීමෙන් හරකුන්ගේ ජීවිත පවා රැුකගන්නට සටන් කරන සිංහල බෞද්ධ මහත්වරුන්, මෙවැනි බටහිරින් එන යෝජනා පරාජය කර තමන් සිදුකරගත් මහා පුණ්‍යකර්මය ගැන සතුටින් පසුවනවා වන්නටත් පුළුවන්. ඒත් ‘‘ගබ්සාව නමැති ප‍්‍රාණඝාතයෙන්’’ වලකා ඔවුන් උපද්දන ‘‘ජීවිත’’ ගැන එතනින් එහාට කවුරුත් කතාකරන එකක් නෑ. මන්දපෝෂණයෙන් පෙළෙමින්, කිසිවකුගේ ආදරයක් නොලබා, මහ පාරේ, නැත්නම් මුඩුක්කුවක ගෙවෙන ඒ ‘‘ජීවිත’’ ගැන, නොයෙක් අපචාරයන්ට ලක් ව, සමාජ විරෝධී ක‍්‍රියාවලට යොමු වී හිරගෙදරින් ඒ ‘‘ජීවිත’’ කෙළවර වෙන එක ගැන කවුරුත් වදවෙන එකක් නෑ. ඒ ජීවිතත් එක්ක ගැටගැහිලා මැරෙනකන් ම ඒකෙන් විඳවන, සමහර විට ඒකෙන් ම මැරෙන ‘‘ජීවිත’’ ගැනත් මේ කාටවත් මතක් වෙන එකක්වත් නෑ. මේ විදියට ‘‘අමානුෂික ගබ්සාවෙන්’’ ඒ ‘‘ජීවිත’’ බේරගෙන, ඒ පින් බලෙන් නිවනට හෝ ස්වර්ගයට යන්න බලන් ඉන්න අයට ඒ ‘‘ජීවිත’’ ජීවිත කාලය පුරාවට නගන දුක් අඳෝනා කණකටවත් ඇහෙන එකක් නෑ.

ගබ්සාව කියන්නේ ප‍්‍රචලිත කළ යුතු වත්, ප‍්‍රවර්ධනය කළ යුතු දෙයක් වත් නෙවෙයි. ප‍්‍රචලිත කළ යුත්තේ උපත් පාලනය සඳහා ඇති වෙනත් උපක‍්‍රම සහ ලිංගික අධ්‍යාපනයයි. ඒත් මේ දේවල් මගඇරුණු කෙනෙකුට, ජීවිතයේ සිදු වූ එක අතපසුවීමක් හෝ වැරදීමක් නිසා මුළු ජීවිත කාලයට විඳවන්න ලක්කරන එක කොහෙත්ම සාධාරණ නෑ. තමන්ගේ ශරීරය අයිති තමන්ට. තමන්ගේ ජීවිතය අයිති තමන්ට. තමන්ට අයිති ශරීරය ගැන, තමන්ට අයිති ජීවිතය ගැන තමන්ට කැමති තීරණයක් ගන්න අවස්ථාව කෙනකුට දුන්නොත්, ජීවිතයේ සිදු වූ එක් වරදක් නිවැරදිකරගන්න අවස්ථා දුන්නොත්, සමහර විට එයාටත් ජීවිතයක් තියේවි.

‘‘ජීවිතේ කියන්නේ හුස්ම වැටෙන එකට විතරක් නෙවෙයි.’’


Tuesday, November 11, 2014

වචන වලින් ඇත්ත කියන්න පුළුවන් ද?

මේ ලඟදි උපුල්ශාන්ත සන්නස්ගලගෙ ලස්සන කතාවක් මුහුණු පොතේ ෂෙයා වෙමින් තිබුණා. මමත් ඒක නිකමට වගේ ඇහුවා. ඒකෙ සන්නස්ගල කියනවා ‘‘වචනත් එක්ක ගණුදෙණු කරනවට වඩා ජීවිතත් එක්ක ගණුදෙණු කරන එක ගොඩක් අමාරර වැඩක්’’ කියල. ඔහු ඒකට හොඳ උදාහරනෙකුත් අරගෙන එනව, ලංකාවේ කසාද බඳින්න කලින් පූර්ව පරීක්ෂණ නැහැ ඒ නිසා විවාහයට කලින් ඒ දෙන්න කොයිතරම් දුරට ගැලපෙනවද කියන එක තේරුම් ගන්න හැකියාවක් අපේ සංස්කෘතිය ඇතුලෙ නැහැ කියන එක. ඇත්තටම මේ තත්ත්වය ගොඩක් දුරට ඇත්ත. මොකද අපිට එළියෙන් නොපෙනුනට විවාහයෙන් පස්සෙ මිනිස්සු ගොඩක් විඳවනවා.. එළියට විඳිනවා වගේ පෙන්නනව විතරයි.. සන්නස්ගල කියපු දේ මේකට ගොඩක් අදාල වෙන්නෙ මෙතනදි.

ඇයි ඒක එහෙම වෙන්නේ... ඒකට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. ඒත් මිනිස්සු වචනත් එක්ක කරන හරඹය මෙතනදි ගොඩක් දැනෙන දෙයක්. ඇත්තටම මිනිස්සු ඒ වචන වලට අර්ථයක් දුන්නනම් මිනිස්සුන්ට ජීවිතත් එක්ක ගණුදෙණු කරන එක ඒ තරම් අමාරු වෙන්න බැහැ. ප‍්‍රශ්ණෙ තියෙන්නේ මිනිස්සුන්ගෙ ඇතුලෙ. මොකද මිනිස්සු ඒ කතා කරපු වචන තිබිල තියෙන්නේ ඒ අයට පිටින්.. නැත්තම් ඇයි ඒ බඳින්න කලින් කියන ලස්සන කතා බැන්දට පස්සෙ මිනිස්සුන්ගෙන් කියවෙන්නේ නැත්තේ.. මිනිස්සු හිතල තමන් ආදරය කරන අනෙකාව රවට්ටනව වෙන්න බැහැ. මම හිතන්නේ ඒ මොහොතට ඒ මිනිස්සුන්ට දැනෙන ඇත්ත දේ තමයි ඒ වචන වලට පෙරළෙන්නෙ. ඒත් ඒක දිගටම ඒ විදිහට නොදැනෙන එකයි එතන තියෙන අවුල.

මිනිස්සු විවාහයෙන් පස්සේ ජීවිතේ අතහරිනවා. තවත් ඒ මිනිස්සුන්ට ලබාගන්න දෙයක් නැහැ.. පස්සේ තියෙන්නෙ ජීවිතේ ගැටගහගන්න දිවීමක් විතරයි. ඒකෙදි මිනිස්සුන්ට ආදරේ මඟහැරෙනවා. ගොඩක් වෙලාවට ඒක මුලින්ම වෙන්නේ ගෑණුන්ට. බඳින වයස එද්දිම ගෑණු සාම්ප‍්‍රදායික චරිත බවට පත්වෙනවා. ඒ කියන්නේ ඒ වෙද්දි ඒ ගෑණු චරිතෙ මැරිල ඉවරයි.. ඒකට ඒ මිනිස්සුන්ට මුකුත් කියන්න බැහැ. මොකද එහෙම කළේ නැත්තම් මැලිබන් වයිට් පෆ් ඇඞ් එකේදි වගේ ඒ අයව reject වෙන්න පුළුවන්.



තමා තුළ සිටින තමාව ප‍්‍රතික්ෂේප කළ යුතු ද?


‘‘සමලිංගිකයෙක් යම් හෙයකින් විෂම ලිංගිකයෙක් හැටියට හැසිරෙනව නම් විකෘතිය ඇත්තේ එතනය. තමන්ගේම ලිංගයේ කෙනෙකු සමඟ යහන්ගතවීමේ කිසිදු වරදක් නැත. මිනිස්සුන්ට ලිංගික නිදහස තිබිය යුතුය.’’
-එල්ටන් ජෝන්-

අද වනවිට සමලිංගිකත්වය රෝගයක් හෝ විකෘතියක් නෙමෙයි කියන පිළිගැනීම ලෝකය පුරා පැතිරෙමින් තිබුණත් තාමත් ලෝකයේ රටවල් 77ක සමලිංගිකත්වය නීතියෙන් තහනම්. ලංකාවත් මේ රටවල් අතරට අයත්. මානව අයිතීන් ගැන මොන තරම් කතාකරන යුගයක වුණත් තාමත් මිනිස්සු සමලිංගික සම්බන්ධතා පිළිගන්න තරම් පරිණත වෙලා නැහැ. ඒ වගේ සම්බන්ධතා සමහර අයට විකාරයක්, තවත් අයට පිස්සුවක් නැත්නම් මානසික රෝගයක් වගේ තමයි තාමත් පේන්නෙ. ඒ සම්බන්ධතා ඇතුලෙ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන යථාර්ථය ගැන තේරුම්ගන්න අවශ්‍ය අවකාශය ආසියානු සමාජය ඇතුලෙ තාම රෝපණය වෙලා නැහැ.

මිනිස්සුන්ට ඇතිවෙන හෝමෝ ෆෝබියාව (Homo Phobia) කියන්නෙ මකුළුවන්ට තියෙන බය, කරුවලට තියෙන බය වගේ් ස්වාභාවික එකක් නෙමෙයි. ඒක ආගමික හා සංස්කෘතික බලපෑම මත ඇති කරපු බයක්. කි‍්‍රස්තියානි ආගමික දෘෂ්ටියට අනුව ගත්තහම මෙම සමලිංගිකත්වය කියන දේ ස්වභාවික නීතියට විරුද්ධයි කියල මතයක් ලෝකයේ තිබුණ ද බෞද්ධ සංස්කෘතියකින් යුතු ආසියානු රටවල් තුළ මෙම විරුද්ධත්වය ගොඩ නැගෙන්නේ එම රටවල් යුරෝපයේ කොලනි බවට පත්වීමෙන් අනතුරුව යි. එනම් ලිංගිකත්වය සම්බන්ධ ප‍්‍රශ්ණ ආසියානු  රටවල මතුවන්නේ වික්ටෝරියානු සංස්කෘතියෙහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

මෙහිදී ලංකාව පිළිබඳව සැලකීමේදී විශේෂයෙන් ආගමික සංස්ථා තුළ අදටත් සමලිංගික සබධතා සුලභව පවතින බව ප‍්‍රසිද්ධ රහසක්. ලංකාවෙ පමණක් නෙමෙයි ලෝකයේ විවිධ රටවල දාර්ශනිකයින්, චිත‍්‍ර ශිල්පීන් සහ නොයෙකුත් ශේෂ්ට පුද්ගලයන් අතර පවා මෙවැනි සම්බන්ධතා පැවතුණි. නමුත් අද පවතින ගැටළුව වන්නේ පුද්ගලයෙකුට තමාගේ ලිංගික අභිමතය පිිළිබඳව තීරණය කිරීමට ඇති පුද්ගලික නිදහස සමාජය තුළින් ප‍්‍රශ්ණ කිරීම යි. මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන ලිංගික අවශ්‍යතාවයන් පවා බහුතර සමාජයේ රුචිකත්වයට අනූව සිදු කිරීමට සිදුවීම ඉතාමත් ශෝචනීය ඉරණමක්.

‘‘පිළිගත්’’ විෂම ලිංගික කුලකයට අයත් නොවන අයකු තම ලිංගිකත්වය හෙළි කළහොත් සමාජයේ ‘‘සාමාන්‍ය’’ පුරවැසියකු ලෙස ඔහුට ඇති පැවැත් ම ඉන් අවසන් වෙනවා. එවැනි පුද්ගලයකු රැුකියා ස්ථානයේ දී, මිතුරන් අතරේ දී පමණක් නොව බොහේ විට පවුල තුළ පවා පත්වන්නේ ලාදුරු රෝගියකුගේ තත්ත්වයටයි. ඒ නිසා හැමවිටම ඔවුන්ට සිද්ධවෙන්න සමාජයට බොරු ප‍්‍රතිරූපයක් ගොඩනංවන්න. එහිදී ඔවුන් තමන්ගේ අනන්‍යතාව පිළිබඳව ස්වයං ගැටළුවකට මුහුණදෙනවා. 

අනෙත් අතට සමලිංගිකත්වය ලංකාව තුළ නීති විරෝධී නිසා රැුකියාවේ දී හෝ වෙනත් තැනක දී ලිංගිකත්වය මත පදනම් ව සිදුවන වෙනස් කර සැලකීම්වලට විරුද්ධ ව කිසිම ක‍්‍රියාමාර්ගයක් ගන්න බැහැ. තමන්ගේ ලිංගික හැඩගැස්ම නිසා ඔවුන්ට සාමාන්‍ය පුරවැසියෙක්ට ලැබෙන අයිතියවත් ලැබෙන්නෙ නැහැ. ලිංගික සමානාත්මතාවය ගැන පුරසාරම් ෙදාඩන සමාජය ඇතුලෙදි ඔවුන්ගෙ ජීවිත හැම තිස්සෙම පිටුපසට තල්ලූ වෙනවා. එහිදී තමන් ‘‘නීති විරෝධී සත්ත්වයෙක්’’ යන වරදකාරී හැඟීමත් සමග ජීවිතය ගෙවන්න ඔවුන්ට සිද්ධ වෙනවා. ‘‘උපතින් ම නීති විරෝධී පුද්ගලයෙක්...’’

මේ නිසා ලෝකයේ බොහෝ රටවල සමලිංගික හා පාරලිංගිකයන් විවාහ අයිතිය, ක‍්‍රීඩා හා රැුකියා පිළිබඳ අයිතීන් වැනි දේ ගැන සටන් කරන යුගයක අපේ රටේ සමලිංගික හා පාරලිංගිකයන්ට සිදු වී ඇත්තේ තමන්ට තමන් ලෙස ජීවත් වීමට මූලික අයිතිය ඉල්ලා හඬ නගන්නයි. 

තමන්ට වඩා වෙනස් හැම දෙයක් ගැන ම ‘‘ෆෝබියාවක්’’ දක්වන ලංකාවේ බහුතර සමාජය තුළ නම් හෝමෝෆෝබියාව පැවතීම ගැන පුදුම විය යුතු නැහැ. තමන් දරන අදහස පමණක් පැවතිය යුතු බවටත් තමන්ට වඩා වෙනස් සියළු දේ භයානක සාපරාධි දේ ලෙසටත් දකින, ඒ වෙනස්කම් දක්වන පිරිස දුර්වල හෝ සුළුතර කන්ඩායමක් නම් ඔවුන් පීඩාවට පත්කොට පාගා දැමීමෙන් තෘප්තියට පත් වන, විශේෂයෙන් කුමන ආකාරයක හෝ ලිංගිකත්වයක් තහනම් කිරීමෙන් හෝ සීමා කිරීම තම පරම ප‍්‍රීති ප‍්‍රමෝදය කරගත් වර්තමාන ‘‘පොදු’’ ලාංකික මිනිසාගෙන් සමලිංගිකත්වය සම්බන්ධ ව මීට වඩා හොඳ ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

නමුත් මෙහි ගැටළුව ඇත්තේ අනෙකා කන බොන, අඳින පළඳින, අදහන දේ මෙන්ම ඔවුන්ගේ ලිංගිකත්වය ද තමාට අභිමත ආකාරයෙන් මිස වෙනත් ආකාරයන්ගෙන් පැවතීම තහනම් කිරීමට නොතිත් ආශාවක් දක්වන මේ බහුතර ‘‘පොදු’’ මිනිසුන් පමණක් නොව, ඊට විරුද්ධ ව හඬ නගන, සාපේක්‍ෂ ව වඩා ලිබරල් අදහස් දරණ අප වැනි සුළුතරයක් මිනිසුන් තුළ ද, ඇතැම් විට අපත් නොදැනුවත් ව මතු වන හෝමෝෆෝබික් ලක්‍ෂණයි.

සමලිංගික අයිතීන් පිළිබඳ ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන පුද්ගලයන් පවා ඇතැම් විට තමන් හා සමීප පුද්ගලයකු සමලිංගික යැයි දැනගත් විට ඔවුන්ට දක්වන ප‍්‍රතිචාරය ‘‘සාමාන්‍ය’’ නැහැ.

‘‘සමහර යාළුවෝ මගෙන් අහනවා මම කොහොමද මගේ පෙම්වතා එක්ක ලිංගික ව හැසිරෙන්නේ වගේ ප‍්‍රශ්න... ඒත් එයාලා කවදාවත් විෂමලිංගික කෙනෙක්ගෙන් අහන්නෙ නෑ එයාගේ බිරිඳ හෝ පෙම්වතිය එක්ක එයා කොහොමද හැසිරෙන්නේ කියලා...’’ මේ ගැන කතාබහක දි කෙනෙක් දක්වපු අදහසක්.

මින් පෙනෙන්නේ නීතිය හෝ පොදු මහා සමාජයට ඔබ්බෙන්, ‘‘ප‍්‍රගතිශීලී’’ සුළුතර සමාජය තුළ පවා ලිංගික විවිධත්වය පිළිබඳ ඇති ආධුනික හා නොවැඩුණු ආකල්පයයි. පාරලිංගිකයන් සම්බන්ධ ව මේ තත්ත්වය වඩාත් දරුණුයි.

පාර්ලිමේන්තුව වැනි තීරණාත්මක බලයක් සහිත තැන්වල පවා ‘‘සාමාන්‍ය’’ නොවන ලිංගික රුචිකත්වයෙන් යුතු සැලකිය යුතු තරම් පිරිසක් සිටියත් ඒ කිසිවකු ඒ වෙනුවෙන් එළිපිට හඬ නගන්නට පසුබට වන්නට, සිවිල් සමාජය තුළ ඇති මේ නිද්‍රාශීලී ස්වභාවයත් හේතුවක් වෙන්න පුළුවන්.

හෝමෝ ෆෝබියාව පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා විශ්ව විද්‍යාලයේ 1996දී සිදුකළ අධ්‍යයනයකින් අපූරු කරුණක් හෙලිවුණා. ඔවුන් කළේ විශම ලිංගිකයැයි තමන්ව හඳුනාගත් පිරිමින් කණ්ඩායමක් ගෙන ඔවුන් අතුරින් හෝමෝ ෆෝබික් ආකල්ප දැරූ පිරිස හා අනෙක් පිරිස කොටස් දෙකකට වෙන් කළා. ඉන් පසුව ඔවුන්ට විරුද්ධ ලිංගික, කාන්තා සමලිංගික හා පිරිමි සමලිංගික ශෘංගාර චිත‍්‍රපටි නැරඹීමට සලස්වා ඒවා නැරඹීමේදී ඔවුන්ගේ ලිිංගේ්්න්ද්‍රය ප‍්‍රතිචාර දක්වන ආකාරය නිරීක්ෂණය කළා. කණ්ඩායම් දෙකේම පුද්ගලයන්ගේ ලිංගේන්ද්‍රය විෂම ලිංගික හා කාන්තා සමලිංගික ශෘංගාර චිත‍්‍රපටි වලට ප‍්‍රතිචාර දැක්වූවා. නමුත් පිරිමි සමලිංගික ශෘංගාර චිත‍්‍රපටි වලට ප‍්‍රතිචාර දැක්වූයේ හෝමො ෆෝබික් කණ්ඩායම පමණයි.

අවසානයේ ඔවුන් එළඹුණ නිගමනය වූයේ හෝමො ෆෝබියාව එම පුද්ගලයන් තුළ ඔවුන් නොදැනුවත්වම පවතින සමලිංගික ආශාවේ ප‍්‍රතිඵලයක් විය හැකි බවයි. කෙසේ වෙතත් ඒ කිසිවකු තමන්ට එවැනි හැඟීම් ඇති බව පිළිගත්තේ නැහැ.

මින් පෙනෙන්නේ සමලිංගිකයන්  කෙරෙහි බියක් දක්වන පිරිසෙන් කොටසක් ඇත්ත වශයෙන් ම බිය වන්නේ තමා තුළ ම ඇති සැඟවුණු ආශාවන්ට බවයි.

අවසාන වශයෙන්, ඔබට ඔබේ ජීවිතය අනෙත් අයට අවශ්‍ය ආකාරයට නොව ඔබට අවශ්‍ය ආකාරයට ගෙවන්නට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ අනෙත් අයගේ ජීවිත ඔබට අවශ්‍ය ආකාරයට පාලනය කරන්නට නොගොස් ඔවුන්ගේ ජීවිත පිළිබඳ තීරණ ඔවුන්ට ම ගැනීමට ඉඩ සැලසීමයි. එවිට පවතින සංස්කෘතිමය, සදාචාරමය, ආගමික තාප්ප වලින් වට කොට ඇති සමාජයට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම මිනිසුන්ගේ අයිතීන් ස්ථාපිත වූ රාජ්‍යයක් බිහි විය හැක.

ඇමරිකා එක්සත් ජනපදය තුළ සමලිංගික අයිතීන් වෙනුවෙන් අභීත හඬක් නැගූ, ඒ හේතුවෙන් ම ඝාතනයට ලක් වූ දේශපාලන ක‍්‍රියාකාරිකයකු වන හාවි මිල්ක්ගේ චරිතය ඇසුරෙන් 2008 දී නිෂ්පාදනය වූ මිල්ක් චිත‍්‍රපටයේ එක් තැනක හාවි මිල්ක් මෙසේ කියයි:

‘‘මම ඉල්ලන්නෙ මෙච්චරයි, ඝාතනයක් සිද්ධ වෙන්න  ඕන නම් මම හිතනවා පස්දෙනෙක්, දහදෙනෙක්, සීයක්, දාහක් නැඟී සිටීවි කියල. මම කැමතියි හැම සමලිංගික නීතිඥයෙක්ම, හැම සමලිංගික ගෘහනිර්මාණ හිල්පියෙක්ම පාරට බහිනවා දකින්න. වෙඩි උණ්ඩයක් මගේ ඔලූවට ඇතුල් වෙනව නම් ඒ වෙඩි උණ්ඩය මේ හැමෝම වහගෙන ඉන්න කාමර ෙදාරවල් ඔක්කොම විනාශ උණාදෙන්. එච්චරයි. මම ඉල්ලන්නෙ මේ ව්‍යාපාරය ඉස්සරහට අරං යන්න කියලයි. මේක පුද්ගලික ලාභය ගැනවත්, මහන්තත්වය ගැනවත්, බලය ගැනවත් ප‍්‍රශ්ණයක් නෙමෙයි. මේක ‘‘අපි’’ හැමෝම ගැනයි. සමලිංගිකයෝ විතරක් නෙමෙයි, කල්ලෝ, ආසියානුවො, ආබාධිතයෝ, මහල්ලෝ මේ අපි හැමෝම. බලාපොරොත්තුවක් නැති වුණාම මේ ‘‘අපි’’ හැමදේම අතහැරල දානවා - මම දන්නවා බලාපොරොත්තු වලින් විතරක් ජීවත් වෙන්න බැහැ. ඒත් බලාපොරොත්තුවක් නැත්නම් ජීවත් වීමේ තේරුමක් නැහැ. ඉතින් ඔයත්, ඔයත්, අරයත්, හැමෝම ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්න  ඕන. ඔබ ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්න  ඕන’’


Monday, January 13, 2014

දුක් සුසුම් තුළ සැඟව ගිය රද්දොළුවේ මතක සටහන්

අතුරුදහන්වූවන් සිහි කිරීම ස`දහා 23වන වරටත් පවත්වනු ලැබූ සැමරුම් උත්සවය යෙදී තිබුණේ ඔක්තෝබර් 27වන දිනටය. රද්දොළුගම අතුරුදහන් වූවන්ගේ සමාරකය ඉදිරියට රැුස් වූ මිනිසුන් තම දරුවන්, ස්වාමියන් වෙනුවෙන් කදුළු වගුරද්දි ඉන් ම`දක් ඔබ්බෙන් මහත් උත්කර්ෂවත් අන්දමින් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවත්වනු ලැබීය. මහත් වූ ජන ගංගාවක් එම අධිවේගී මගෙහි ඇති ආශ්චර්යය භුක්ති වි`දීමට පැමිණ සිටිද්දි යාපනය, ති‍්‍රකුණාමලය ඇතුළු දිවයිනේ සෑම දෙසින්ම තම දරුවන්, ස්වාමිපුරුෂයන් අතුරුදහන් වීමේ දුක බෙදා ගැනීමට පැමිණි සිටි පිරිසගෙන් රද්දොළුව මංසන්ධිය පිරී තිබුණි. ජාතිය, ආගම, කුලය ආදි කිසිදු භේදයකින් තොරව සෑම දෙනාම තම දුක අන් අය සම`ග හුවමාරු කර ගත්හ. ඔවුන් විසින් තම දරුවන්, ස්වාමිපුරුෂයන් මෙනෙහි කරමින් සිදුකල දුක්බර අෙ`දා්නාවන් ඇසූ කාගේත් දෙනෙත් වල ක`දුළක් පැන නැ`ගිණී.

එහිදී මධ්‍යම පළාතෙහි අතුරුදහන් වූවන් වෙනුවෙන් අදහස් දැක්වූ සුජාතා නම් මව කියා සිටියේ ඇයගේ ස්වාමිපුරුෂයා 89 සිට අතුරුදහන්ව සිටින බවත් එසේ පවුලේ කවරෙකු හෝ අතුරුදහන් වූ, පවුල් විශාල ප‍්‍රමාණයක් මධ්‍යම පළාත තුළ සිටින බවය. ඇයගේ අවසාන ඉල්ලීම වූයේ මින් ඉදිරියට හෝ මෙලෙස කිසිවෙකු අතුරුදහන් කරවන්නට හෝ මරා දමන්නට එපා යනුවෙනි. එවැනි වූ මානුෂීය ඉල්ලීම් දස දහස් ගණනින් ඔවුන්ගේ කටින් පිට වුවද ඒවාට සවන් දීමට හෝ පිළිතුරු දීමට හෝ කිසිවෙකු සිටින්නේදැයි ගැටළුවකි.

තම පුතාව අතුරුදහන් වූ අයුරු විස්තර කල ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ මවක් තරයේම කියා සිටියේ ඇයගේ දරුවා අතුරුදහන් කරවූයේ ආණ්ඩුව බවයි. තම පුතා වෙනුවෙන් එය සෘජුව ප‍්‍රකාශ කිරීමට තරම් ශක්තියක් ඒ අම්මාට තිබුණි. ඇගේ පුතා LTTE එකට සම්බන්ධ බව කියමින් පැහැරගෙන ගිය බවත් ඔහුව නිදහස් කර ගැනීමට ඇය කප්පම් පවා ගෙවූ බවත් ඇය හෙලි කර සිටියාය. මෙවැනි  අතුරුදහන් වූවන් සිටින පවුල් වලින් තොරතුරු ලබාගන්නා හමුදා නිළධාරීන් රාතී‍්‍ර 9.00න් පසු දුරකතන ඇමතුම් දෙමින් එම පවුල් වල කාන්තාවන්ට වාචික ලිංගික අපයෝජනයන් පවා සිදු කරන බව ඇය ප‍්‍රකාශ කරන විට මෙවන් වූ සමාජයක කොටස්කරුවෙකු විීම පිළිබ`දව මා තුළද ඇති වූයේ ලැජ්ජාවකි. මහත් වූ දුකක් උහුලමින් තම පුතා පිළිබ`දව ආරංචියක් ලැබෙන තුරු දෑස් දල්වා සිටින මෙවැනි මව්වරුන්ට මෙතරම් පහත් ආකාරයෙන් සැලකීමට තරම් මිනිසුන් කෙතරම් අමානුෂිකදැයි එහි රැුස් වූ අන් අයට ද සිගෙන්නට ඇත. ඇය අවසානයේදී අසනුයේ තම දරුවා අතුරුදහන් කරවීම පිළිබ`දව වාර්තාවක් හෝ පර්යේෂණයක් නොමැතිව ඔහු මිය ගියේ යැයි සිතා සොහොනක් තනනුයේ කෙසේද යන මානූෂීය ප‍්‍රශ්ණය යි. ඇත්තෙන්ම කොතරම් කොමිසම් පත් කලද මෙවැනි මව්වරුන්ට පිළිතුරු ලබා දිය නොහැකි එවැනි කොමිසම් වලින් ඇති ඵලය කුමක්ද?
එසේම ඇතැම් අතුරුදහන් වූවන් අනපේක්ෂිත ලෙස නැවත පැමිණෙන අවස්ථාද තිබෙන බවත් නමුත් තමන් අතුරුදහන්ව සිටි කාලය තුළ ඔවුන්ට අත්වි`දින්නට සිදු වූ දේවල් හා ඔවුන්ව ර`දවාගෙන සිටි ස්ථානයන් පිළිබ`දව කිසිවක් ප‍්‍රකාශ නොකරන බවද අතුරුදහන් වූවන් පිළිබ`දව අදහස් දැක්වීමේදී ප‍්‍රකාශ විය. ඇත්තෙන්ම ඔවුන් එසේ මුනිවත රකිනුයේ තමාගේ ජීවිතය පිළිබ`දව ඇති බිය නිසාවෙන් ද නැතිනම් කිසිවක් නොකියන ලෙස ඔවුන්ව බිය වද්දා ඇති හෙයින් දැයි කිසිවෙක් නොදන්නෙහිය.
89දී අතුරුදහන් කරවීම් වලට විරුද්ධව මේ මිනිසුන් හා එක්ව පාගමන් ගිය ජනාධිපතිතුමා අද වන විට අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් බිහිරි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව බිටෝ ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කර සිටියේය. එසේම අතුරුදහන් කරවීම් නොකරන බවට එදා ප‍්‍රතිඥා දුන් ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ ද අද වන විට එවැනි අතුරුදහන්වීම් සිදු වන බව පැහැදිලි වෙමින් පවතින බැව් ඔහු ප‍්‍රකාශ කළේය. කුමන හෝ රටක් තුළ මෙවැනි අතුරුදහන් වීම් හෝ මරා දැමීම් සිදු වන්නේ නම් ඒ ස`දහා වගකිව යුත්තේ පවතින ආණ්ඩුවය. එවැනි දේ සිදු කරන්නන්ට විරුද්ධව කිසියම් කි‍්‍රයාමාර්ගයක් ගැනීමේ වගකීම පැවරෙනුයේ ද ආණ්ඩුවටම ය. ලංකාවෙහි දිගින් දිගටම සිදු වන අතුරුදහන් වීම් පිළිබ`දව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් ප‍්‍රශ්ණ කරයි. එස් වුවද අල් ජසීරා නාලිකාව ජනාධිපතිතුමා හා කල සාකච්ඡුාවකදී එතුමා කිසිදු ජුගුප්සාවකින් තොරව කියා සිටියේ ලංකාවේ අතුරුදහන් වීම් සිදු නොවන බවත් මෙලෙස අතුරුදහන් වී ඇතැයි දක්වනුයේ ගැහැණු ළමයින් සම`ග පැන ගිය හෝ විදේශ රැුකියා වලට ගිය අය බවත් ය. මෙවැනි දේ හමුවේ සෑම මිනිසෙකුටම ජීවත් වීමේ අයිතිය ඇතැයි යන අයිතිවාසිකම ලියවිල්ලකට පමණක් සීමා වූවක්දැයි සැකයක් කවරෙක් තුළ වුවද ඇති විය හැක.
එදින රද්දොළුවට රැුස්ව සිටි මිනිසුන්ට අතුරුදහන් වී ඇත්තේ සිංහලයෙක් ද දෙමළ පුද්ගලයෙක් ද යන්න ගැටළුවක් වූයේ නැත. ඔවුන් සැමටම පැවතියේ එකම බලාපොරොත්තුවකි. දකුණේ ඇතැම් මිනිසුන් මරණ සහතිකය හා වන්දි මුදල් ලැබීමෙන් අනතුරුව තම පවුලේ අතුරුදහන් වූවන් පිළිබ`ද මතකයන් හකුලා ගනිද්දී උතුරේ මිනිසුන් තවමත් ඔවුන් වෙනුවෙන් හ`ඩ නැගීමට මෙලෙස එක් වී සිටියි. ඔවුන් මෙලෙස හ`ඩ න`ගා ඉල්ලා සිටිනුයේ අන් කිසිවක් නොව තම ස්වාමිපුරුෂයන්, දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන ලෙසටය. අතුරුදහන් වූවන්ගේ ස්මාරකයෙහි තම දරුවාගේ හෝ ස්වාමිපුරුෂයාගේ ඡුායාරූපයට උපහාර දක්වමින් ඔවුන් හෙළු ක`දුළු වලට වගකිව යුත්තෝ කවුරුද?

අද වන විටත් කොහි සිටින්නේදැයි කුමක් වූයේදැයි නොදන්නා ඔවුන් වෙනුවෙන් උපහාර දක්වා අප ද රද්දොළුවෙන් නික්මුණෙමු. කෙතරම් අධිවේගී මාර්ග ඉ`දි වුවද, කෙතරම් සංවර්ධනය වූව ද ඒ මිනිසුන් තුළ ඔවුන් වෙනුවෙන් දැවෙන දුක තුරන් කිරීමට ඒ කිසිවකට නොහැකි වනු ඇත.

ආශ්චර්යයේ මායාව

2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත්වෙද්දි රටටම ‘සුභ අනාගතයක්’  ලබා දෙන්න පොරොන්දු වුණා. ඒ කියපු විදිහටම සියළුම සංවර්ධන වාර්තා වලට අනූව, ලංකාව අද ඉතාමත් ඉහල සංවර්ධනයක් ලබල තියෙනව. ඒත් ඒ සංවර්ධන වාර්තා වල දත්තයන්ගේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ලඟදි එක එක කතා පැතිරුණා. ඒ කොහෙම වුණත් මේ සංවර්ධනයේ මොකක් හරි හිඩසක් තියෙනවා කියල නම් මේ වෙනකොට සමහර මිනිස්සුන්ට තේරිල තියෙනවා. කොයි තරම් මිනිස්සුන්ට ඒ දේවල් තේරුණත් කටක් අරින්නෙ නැති විදිහට ඒ අයව නිශ්ශබ්ද කරල තියන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන්. එහෙම බලනකොට මේ ආණ්ඩුව ඇත්තටම හරිම දක්ෂ ආණ්ඩුවක් කියල තමයි කියන්න වෙන්නෙ. මොකද ඇත්තටම විපක්ෂය ආණ්ඩු පක්ෂය වෙලා ඉන්න කාලෙ ලංකාවට කැසිනෝ ගේන්න ගියා නම් හරි, මේ විදිහට පවුල් බලයක් ගොඩනැගෙන්න ගත්තනම් හරි, මිනිස්සු අතුරුදහන් වෙන්නයි ඝාතනය වෙන්නයි ගත්තනම් හරි, බඩු මිල වැඩි වෙන්න ගත්තනම් හරි මිනිස්සු කුලප්පු වෙලා උද්ඝෝෂණ කරල සෑහෙන්න වික‍්‍රම පානවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ අද වෙද්දි මොන දේ වුණත් ප‍්‍රශ්ණයක් නැති ගාණට මිනිස්සු අඳ, ගොළු, බිහිරි වගේ තත්ත්වෙකට පත්වෙල ඉන්න එක. මම හිතන්නෙ එහෙම වෙන්නෙ, ගොඩක් මිනිස්සු කියන විදිහට කන්න නැති වුණත් රට, ජාතිය බේරගෙන කිසිම බයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන් වෙන්න යුද්ධෙ ඉවර කරපු නිසා වෙන්න ඇති. ඒ වගේ හිතන මිනිස්සු ඉන්න රටකට නම් ආර්ථිකය ගැනවත්, දේශපාලනය ගැනවත් කිසි දෙයක් කියල වැඩක් නෑ. මොකද මිනිස්සුන්ට ඒ දේවල් ඇහෙන්නෙ නෑ කියල මේ වෙද්දි හොඳටම පැහැදිලියි.

මේ වෙනකොට ගාලූ පාරයි, හොරණ පාරයි දෙකම කාපට් කරල හදනවා. ඒකෙ තියෙන ආශ්චර්යය කියන්නෙ මිනිස්සුන්ට පැයකින් යන්න තියෙන ගමනට  දැන් පැය 2-3ක් විතර යනවා. ඒත් මිනිස්සු නම් මුකුත්ම කියන්නෙ නෑ. මොකද ඒක හැදුවට පස්සෙ පාරවල් ලස්සන වෙලා රට දියුණු වෙනව කියල ආණ්ඩුවෙන් පෙන්නල දීල තියෙනවනෙ. අනේ ඒ නිසා වැඩ ඉවර වෙලා පැයෙන් ගෙදර යන මනුස්සයා පැය 2-3ක් විතර පරක්කු වෙලා යනවා. මටත් ගිනි රස්නෙ පිච්චි පිච්චි බස් එකේ එද්දි සුභ අනාගතයක පෙරනිමිති වගේම ආශ්චර්යයේ අසිරියත් හොඳටම පේන්න පටන් ගත්ත. නගර අලංකරණය කියල විහාරමහාදේවි එකේ තියෙන අවුරුදු ගාණක් පරණ ගස් කපල ගිනි ගහන අව්වෙ ළමා සෙල්ලම් පිට්ටනියක් හදලා. මේ හැම ව්‍යාපෘතියකින්ම කොයි තරම් මුදල් ප‍්‍රමාණයක් නාස්ති වෙනවද, ඒවට කොයි තරම් කොමිස් දෙනවද.. මේ දේවල් මිනිස්සු දන්නවා ඒත් ඒ දේවල් ලංකාවේ මිනිස්සුන්ට අදාල නෑ. ‘හැම ආණ්ඩුවක්ම එහෙම තමයි’ කියල ඒක සාධාරණීකරණය කරගන්නවා. මේ වගේ සැලසුම් වලින් රට දියුණු වෙනව කියල හිතන්න තරම් මිනිස්සු පටු වුණේ කොහොමද කියල මට තේරුම් ගන්න අමාරුයි.

ජේ.වී.පී එකෙන්වත් යූ.එන්.පී එකෙන්වත් මොන තරම් දේවල් ගෙනත් පෙන්නුවත්, කොයි තරම් කෑ ගැහුවත් ඒ කිසිම දෙයක් මේ මිනිස්සුන්ට දැන් ඇහෙන්නෙ නෑ. මොකද ඒ හැමදෙයක්ම යටගහන්න පුළුවන් විදිහට මිනිස්සුන්ගෙ ජාති ආලය උඩට උස්සුල තියෙන්නෙ. ඒ නිසා මානව හිමිකමුයි, ඇමරිකාවයි, NGO යි විකුණ විකුණ මේ ආණ්ඩුව ඒ අයගේ සුභ සිද්ධිය හදාගන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි, මාර්තු වල එන ජිනීවා සමුළුවෙදි ‘ලංකාව විනාශ කරන්න එන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වලට ඉඩ දෙන්න එපා’ කියල කෑගහල, සමහර අය නොකා නොබී උද්ඝෝෂණ එහෙමත් කරල කොහොමහරි බස්නාහිර ඡුන්දෙදි මිනිස්සුන්ගෙන් ඡුන්දෙ කඩාගන්න හදන එක. ඒක තව ටිකක් හොඳින් කරගන්න අපේ ජනාධිපතිතුමා ඉඳල හිටලා ගිහිල්ල පොඩි එකෙක්ව වඩාගෙන, වයසක ආච්චි කෙනෙක්ගේ ඔළුව අතගාලා එනවා. ඒ හින්ද අපේ රටේ මිනිස්සුන්ට ජනාධිපතිව දැනෙන්නෙ අපේ කෙනෙක් විදිහට. ගමේ මිනිහට ඒක තව ටිකක් ළංවෙලා ගමේ කෙනෙක් විදිහට දැනෙනවා. ඒ දැනෙන විදිහ නිසාම කොයි තරම් ප‍්‍රශ්ණ තිබුණත් ඇස් දෙක වහගෙන ගිහින් ‘අපේ නායකයට’ ඡුන්දෙ ගහල එනවා. ඒ මිනිස්සුම ඊට පස්සෙ හිතනව, ආණ්ඩුව වැරදි කරන්නෙ ශක්තිමත් විපක්ෂයක් නැති නිසා ඒ හින්ද එයාලට තියෙන ප‍්‍රශ්ණ විසඳන එක සිවිල් සංවිධාන වල හරි විපක්ෂෙ හරි වගකීමක් කියල. ඉතින් ඒ චින්තනය වෙනස් වෙනකල් මේ තියෙන අර්බුධ ඒ විදිහටම හරි තව ටිකක් වැඩි වෙලා හරි ඉස්සරහට ඒවි.

ඒ මොනා වුණත් මේ ආණ්ඩුුවට පාරවල් හැදීම ගැනයි, මිනිස්සුන්ට ඇන්දවීම ගැනයි සෑහෙන්න හොඳ පලපුරුද්දක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳට ඇඞ්වර්ටයිසිනුයි, මාර්කටිනුයි පාවිච්චි කරන්නත් දන්නවා. ඒ නිසා වැඩි වැඩියෙන් පාරවල් හැදෙන, ලොකු ලොකු අයට වැඩි වැඩියෙන් කොමිස් ලැබෙන ආශ්චර්යමත් රටක් ලැබීම පිළිබඳව කිසිම ගැටළුවක් නැතුවම ලංකාවාසී සියල්ලන්ම ඉත සිතින් සතුටු වනු නොඅනුමානය.