Monday, January 13, 2014

දුක් සුසුම් තුළ සැඟව ගිය රද්දොළුවේ මතක සටහන්

අතුරුදහන්වූවන් සිහි කිරීම ස`දහා 23වන වරටත් පවත්වනු ලැබූ සැමරුම් උත්සවය යෙදී තිබුණේ ඔක්තෝබර් 27වන දිනටය. රද්දොළුගම අතුරුදහන් වූවන්ගේ සමාරකය ඉදිරියට රැුස් වූ මිනිසුන් තම දරුවන්, ස්වාමියන් වෙනුවෙන් කදුළු වගුරද්දි ඉන් ම`දක් ඔබ්බෙන් මහත් උත්කර්ෂවත් අන්දමින් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පවත්වනු ලැබීය. මහත් වූ ජන ගංගාවක් එම අධිවේගී මගෙහි ඇති ආශ්චර්යය භුක්ති වි`දීමට පැමිණ සිටිද්දි යාපනය, ති‍්‍රකුණාමලය ඇතුළු දිවයිනේ සෑම දෙසින්ම තම දරුවන්, ස්වාමිපුරුෂයන් අතුරුදහන් වීමේ දුක බෙදා ගැනීමට පැමිණි සිටි පිරිසගෙන් රද්දොළුව මංසන්ධිය පිරී තිබුණි. ජාතිය, ආගම, කුලය ආදි කිසිදු භේදයකින් තොරව සෑම දෙනාම තම දුක අන් අය සම`ග හුවමාරු කර ගත්හ. ඔවුන් විසින් තම දරුවන්, ස්වාමිපුරුෂයන් මෙනෙහි කරමින් සිදුකල දුක්බර අෙ`දා්නාවන් ඇසූ කාගේත් දෙනෙත් වල ක`දුළක් පැන නැ`ගිණී.

එහිදී මධ්‍යම පළාතෙහි අතුරුදහන් වූවන් වෙනුවෙන් අදහස් දැක්වූ සුජාතා නම් මව කියා සිටියේ ඇයගේ ස්වාමිපුරුෂයා 89 සිට අතුරුදහන්ව සිටින බවත් එසේ පවුලේ කවරෙකු හෝ අතුරුදහන් වූ, පවුල් විශාල ප‍්‍රමාණයක් මධ්‍යම පළාත තුළ සිටින බවය. ඇයගේ අවසාන ඉල්ලීම වූයේ මින් ඉදිරියට හෝ මෙලෙස කිසිවෙකු අතුරුදහන් කරවන්නට හෝ මරා දමන්නට එපා යනුවෙනි. එවැනි වූ මානුෂීය ඉල්ලීම් දස දහස් ගණනින් ඔවුන්ගේ කටින් පිට වුවද ඒවාට සවන් දීමට හෝ පිළිතුරු දීමට හෝ කිසිවෙකු සිටින්නේදැයි ගැටළුවකි.

තම පුතාව අතුරුදහන් වූ අයුරු විස්තර කල ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ මවක් තරයේම කියා සිටියේ ඇයගේ දරුවා අතුරුදහන් කරවූයේ ආණ්ඩුව බවයි. තම පුතා වෙනුවෙන් එය සෘජුව ප‍්‍රකාශ කිරීමට තරම් ශක්තියක් ඒ අම්මාට තිබුණි. ඇගේ පුතා LTTE එකට සම්බන්ධ බව කියමින් පැහැරගෙන ගිය බවත් ඔහුව නිදහස් කර ගැනීමට ඇය කප්පම් පවා ගෙවූ බවත් ඇය හෙලි කර සිටියාය. මෙවැනි  අතුරුදහන් වූවන් සිටින පවුල් වලින් තොරතුරු ලබාගන්නා හමුදා නිළධාරීන් රාතී‍්‍ර 9.00න් පසු දුරකතන ඇමතුම් දෙමින් එම පවුල් වල කාන්තාවන්ට වාචික ලිංගික අපයෝජනයන් පවා සිදු කරන බව ඇය ප‍්‍රකාශ කරන විට මෙවන් වූ සමාජයක කොටස්කරුවෙකු විීම පිළිබ`දව මා තුළද ඇති වූයේ ලැජ්ජාවකි. මහත් වූ දුකක් උහුලමින් තම පුතා පිළිබ`දව ආරංචියක් ලැබෙන තුරු දෑස් දල්වා සිටින මෙවැනි මව්වරුන්ට මෙතරම් පහත් ආකාරයෙන් සැලකීමට තරම් මිනිසුන් කෙතරම් අමානුෂිකදැයි එහි රැුස් වූ අන් අයට ද සිගෙන්නට ඇත. ඇය අවසානයේදී අසනුයේ තම දරුවා අතුරුදහන් කරවීම පිළිබ`දව වාර්තාවක් හෝ පර්යේෂණයක් නොමැතිව ඔහු මිය ගියේ යැයි සිතා සොහොනක් තනනුයේ කෙසේද යන මානූෂීය ප‍්‍රශ්ණය යි. ඇත්තෙන්ම කොතරම් කොමිසම් පත් කලද මෙවැනි මව්වරුන්ට පිළිතුරු ලබා දිය නොහැකි එවැනි කොමිසම් වලින් ඇති ඵලය කුමක්ද?
එසේම ඇතැම් අතුරුදහන් වූවන් අනපේක්ෂිත ලෙස නැවත පැමිණෙන අවස්ථාද තිබෙන බවත් නමුත් තමන් අතුරුදහන්ව සිටි කාලය තුළ ඔවුන්ට අත්වි`දින්නට සිදු වූ දේවල් හා ඔවුන්ව ර`දවාගෙන සිටි ස්ථානයන් පිළිබ`දව කිසිවක් ප‍්‍රකාශ නොකරන බවද අතුරුදහන් වූවන් පිළිබ`දව අදහස් දැක්වීමේදී ප‍්‍රකාශ විය. ඇත්තෙන්ම ඔවුන් එසේ මුනිවත රකිනුයේ තමාගේ ජීවිතය පිළිබ`දව ඇති බිය නිසාවෙන් ද නැතිනම් කිසිවක් නොකියන ලෙස ඔවුන්ව බිය වද්දා ඇති හෙයින් දැයි කිසිවෙක් නොදන්නෙහිය.
89දී අතුරුදහන් කරවීම් වලට විරුද්ධව මේ මිනිසුන් හා එක්ව පාගමන් ගිය ජනාධිපතිතුමා අද වන විට අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් බිහිරි ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව බිටෝ ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කර සිටියේය. එසේම අතුරුදහන් කරවීම් නොකරන බවට එදා ප‍්‍රතිඥා දුන් ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ ද අද වන විට එවැනි අතුරුදහන්වීම් සිදු වන බව පැහැදිලි වෙමින් පවතින බැව් ඔහු ප‍්‍රකාශ කළේය. කුමන හෝ රටක් තුළ මෙවැනි අතුරුදහන් වීම් හෝ මරා දැමීම් සිදු වන්නේ නම් ඒ ස`දහා වගකිව යුත්තේ පවතින ආණ්ඩුවය. එවැනි දේ සිදු කරන්නන්ට විරුද්ධව කිසියම් කි‍්‍රයාමාර්ගයක් ගැනීමේ වගකීම පැවරෙනුයේ ද ආණ්ඩුවටම ය. ලංකාවෙහි දිගින් දිගටම සිදු වන අතුරුදහන් වීම් පිළිබ`දව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරන්තරයෙන් ප‍්‍රශ්ණ කරයි. එස් වුවද අල් ජසීරා නාලිකාව ජනාධිපතිතුමා හා කල සාකච්ඡුාවකදී එතුමා කිසිදු ජුගුප්සාවකින් තොරව කියා සිටියේ ලංකාවේ අතුරුදහන් වීම් සිදු නොවන බවත් මෙලෙස අතුරුදහන් වී ඇතැයි දක්වනුයේ ගැහැණු ළමයින් සම`ග පැන ගිය හෝ විදේශ රැුකියා වලට ගිය අය බවත් ය. මෙවැනි දේ හමුවේ සෑම මිනිසෙකුටම ජීවත් වීමේ අයිතිය ඇතැයි යන අයිතිවාසිකම ලියවිල්ලකට පමණක් සීමා වූවක්දැයි සැකයක් කවරෙක් තුළ වුවද ඇති විය හැක.
එදින රද්දොළුවට රැුස්ව සිටි මිනිසුන්ට අතුරුදහන් වී ඇත්තේ සිංහලයෙක් ද දෙමළ පුද්ගලයෙක් ද යන්න ගැටළුවක් වූයේ නැත. ඔවුන් සැමටම පැවතියේ එකම බලාපොරොත්තුවකි. දකුණේ ඇතැම් මිනිසුන් මරණ සහතිකය හා වන්දි මුදල් ලැබීමෙන් අනතුරුව තම පවුලේ අතුරුදහන් වූවන් පිළිබ`ද මතකයන් හකුලා ගනිද්දී උතුරේ මිනිසුන් තවමත් ඔවුන් වෙනුවෙන් හ`ඩ නැගීමට මෙලෙස එක් වී සිටියි. ඔවුන් මෙලෙස හ`ඩ න`ගා ඉල්ලා සිටිනුයේ අන් කිසිවක් නොව තම ස්වාමිපුරුෂයන්, දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන ලෙසටය. අතුරුදහන් වූවන්ගේ ස්මාරකයෙහි තම දරුවාගේ හෝ ස්වාමිපුරුෂයාගේ ඡුායාරූපයට උපහාර දක්වමින් ඔවුන් හෙළු ක`දුළු වලට වගකිව යුත්තෝ කවුරුද?

අද වන විටත් කොහි සිටින්නේදැයි කුමක් වූයේදැයි නොදන්නා ඔවුන් වෙනුවෙන් උපහාර දක්වා අප ද රද්දොළුවෙන් නික්මුණෙමු. කෙතරම් අධිවේගී මාර්ග ඉ`දි වුවද, කෙතරම් සංවර්ධනය වූව ද ඒ මිනිසුන් තුළ ඔවුන් වෙනුවෙන් දැවෙන දුක තුරන් කිරීමට ඒ කිසිවකට නොහැකි වනු ඇත.

ආශ්චර්යයේ මායාව

2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත්වෙද්දි රටටම ‘සුභ අනාගතයක්’  ලබා දෙන්න පොරොන්දු වුණා. ඒ කියපු විදිහටම සියළුම සංවර්ධන වාර්තා වලට අනූව, ලංකාව අද ඉතාමත් ඉහල සංවර්ධනයක් ලබල තියෙනව. ඒත් ඒ සංවර්ධන වාර්තා වල දත්තයන්ගේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ලඟදි එක එක කතා පැතිරුණා. ඒ කොහෙම වුණත් මේ සංවර්ධනයේ මොකක් හරි හිඩසක් තියෙනවා කියල නම් මේ වෙනකොට සමහර මිනිස්සුන්ට තේරිල තියෙනවා. කොයි තරම් මිනිස්සුන්ට ඒ දේවල් තේරුණත් කටක් අරින්නෙ නැති විදිහට ඒ අයව නිශ්ශබ්ද කරල තියන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන්. එහෙම බලනකොට මේ ආණ්ඩුව ඇත්තටම හරිම දක්ෂ ආණ්ඩුවක් කියල තමයි කියන්න වෙන්නෙ. මොකද ඇත්තටම විපක්ෂය ආණ්ඩු පක්ෂය වෙලා ඉන්න කාලෙ ලංකාවට කැසිනෝ ගේන්න ගියා නම් හරි, මේ විදිහට පවුල් බලයක් ගොඩනැගෙන්න ගත්තනම් හරි, මිනිස්සු අතුරුදහන් වෙන්නයි ඝාතනය වෙන්නයි ගත්තනම් හරි, බඩු මිල වැඩි වෙන්න ගත්තනම් හරි මිනිස්සු කුලප්පු වෙලා උද්ඝෝෂණ කරල සෑහෙන්න වික‍්‍රම පානවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ අද වෙද්දි මොන දේ වුණත් ප‍්‍රශ්ණයක් නැති ගාණට මිනිස්සු අඳ, ගොළු, බිහිරි වගේ තත්ත්වෙකට පත්වෙල ඉන්න එක. මම හිතන්නෙ එහෙම වෙන්නෙ, ගොඩක් මිනිස්සු කියන විදිහට කන්න නැති වුණත් රට, ජාතිය බේරගෙන කිසිම බයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන් වෙන්න යුද්ධෙ ඉවර කරපු නිසා වෙන්න ඇති. ඒ වගේ හිතන මිනිස්සු ඉන්න රටකට නම් ආර්ථිකය ගැනවත්, දේශපාලනය ගැනවත් කිසි දෙයක් කියල වැඩක් නෑ. මොකද මිනිස්සුන්ට ඒ දේවල් ඇහෙන්නෙ නෑ කියල මේ වෙද්දි හොඳටම පැහැදිලියි.

මේ වෙනකොට ගාලූ පාරයි, හොරණ පාරයි දෙකම කාපට් කරල හදනවා. ඒකෙ තියෙන ආශ්චර්යය කියන්නෙ මිනිස්සුන්ට පැයකින් යන්න තියෙන ගමනට  දැන් පැය 2-3ක් විතර යනවා. ඒත් මිනිස්සු නම් මුකුත්ම කියන්නෙ නෑ. මොකද ඒක හැදුවට පස්සෙ පාරවල් ලස්සන වෙලා රට දියුණු වෙනව කියල ආණ්ඩුවෙන් පෙන්නල දීල තියෙනවනෙ. අනේ ඒ නිසා වැඩ ඉවර වෙලා පැයෙන් ගෙදර යන මනුස්සයා පැය 2-3ක් විතර පරක්කු වෙලා යනවා. මටත් ගිනි රස්නෙ පිච්චි පිච්චි බස් එකේ එද්දි සුභ අනාගතයක පෙරනිමිති වගේම ආශ්චර්යයේ අසිරියත් හොඳටම පේන්න පටන් ගත්ත. නගර අලංකරණය කියල විහාරමහාදේවි එකේ තියෙන අවුරුදු ගාණක් පරණ ගස් කපල ගිනි ගහන අව්වෙ ළමා සෙල්ලම් පිට්ටනියක් හදලා. මේ හැම ව්‍යාපෘතියකින්ම කොයි තරම් මුදල් ප‍්‍රමාණයක් නාස්ති වෙනවද, ඒවට කොයි තරම් කොමිස් දෙනවද.. මේ දේවල් මිනිස්සු දන්නවා ඒත් ඒ දේවල් ලංකාවේ මිනිස්සුන්ට අදාල නෑ. ‘හැම ආණ්ඩුවක්ම එහෙම තමයි’ කියල ඒක සාධාරණීකරණය කරගන්නවා. මේ වගේ සැලසුම් වලින් රට දියුණු වෙනව කියල හිතන්න තරම් මිනිස්සු පටු වුණේ කොහොමද කියල මට තේරුම් ගන්න අමාරුයි.

ජේ.වී.පී එකෙන්වත් යූ.එන්.පී එකෙන්වත් මොන තරම් දේවල් ගෙනත් පෙන්නුවත්, කොයි තරම් කෑ ගැහුවත් ඒ කිසිම දෙයක් මේ මිනිස්සුන්ට දැන් ඇහෙන්නෙ නෑ. මොකද ඒ හැමදෙයක්ම යටගහන්න පුළුවන් විදිහට මිනිස්සුන්ගෙ ජාති ආලය උඩට උස්සුල තියෙන්නෙ. ඒ නිසා මානව හිමිකමුයි, ඇමරිකාවයි, NGO යි විකුණ විකුණ මේ ආණ්ඩුව ඒ අයගේ සුභ සිද්ධිය හදාගන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි, මාර්තු වල එන ජිනීවා සමුළුවෙදි ‘ලංකාව විනාශ කරන්න එන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වලට ඉඩ දෙන්න එපා’ කියල කෑගහල, සමහර අය නොකා නොබී උද්ඝෝෂණ එහෙමත් කරල කොහොමහරි බස්නාහිර ඡුන්දෙදි මිනිස්සුන්ගෙන් ඡුන්දෙ කඩාගන්න හදන එක. ඒක තව ටිකක් හොඳින් කරගන්න අපේ ජනාධිපතිතුමා ඉඳල හිටලා ගිහිල්ල පොඩි එකෙක්ව වඩාගෙන, වයසක ආච්චි කෙනෙක්ගේ ඔළුව අතගාලා එනවා. ඒ හින්ද අපේ රටේ මිනිස්සුන්ට ජනාධිපතිව දැනෙන්නෙ අපේ කෙනෙක් විදිහට. ගමේ මිනිහට ඒක තව ටිකක් ළංවෙලා ගමේ කෙනෙක් විදිහට දැනෙනවා. ඒ දැනෙන විදිහ නිසාම කොයි තරම් ප‍්‍රශ්ණ තිබුණත් ඇස් දෙක වහගෙන ගිහින් ‘අපේ නායකයට’ ඡුන්දෙ ගහල එනවා. ඒ මිනිස්සුම ඊට පස්සෙ හිතනව, ආණ්ඩුව වැරදි කරන්නෙ ශක්තිමත් විපක්ෂයක් නැති නිසා ඒ හින්ද එයාලට තියෙන ප‍්‍රශ්ණ විසඳන එක සිවිල් සංවිධාන වල හරි විපක්ෂෙ හරි වගකීමක් කියල. ඉතින් ඒ චින්තනය වෙනස් වෙනකල් මේ තියෙන අර්බුධ ඒ විදිහටම හරි තව ටිකක් වැඩි වෙලා හරි ඉස්සරහට ඒවි.

ඒ මොනා වුණත් මේ ආණ්ඩුුවට පාරවල් හැදීම ගැනයි, මිනිස්සුන්ට ඇන්දවීම ගැනයි සෑහෙන්න හොඳ පලපුරුද්දක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳට ඇඞ්වර්ටයිසිනුයි, මාර්කටිනුයි පාවිච්චි කරන්නත් දන්නවා. ඒ නිසා වැඩි වැඩියෙන් පාරවල් හැදෙන, ලොකු ලොකු අයට වැඩි වැඩියෙන් කොමිස් ලැබෙන ආශ්චර්යමත් රටක් ලැබීම පිළිබඳව කිසිම ගැටළුවක් නැතුවම ලංකාවාසී සියල්ලන්ම ඉත සිතින් සතුටු වනු නොඅනුමානය.