Saturday, November 14, 2009

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි

ලංකාවෙ ඉන්න සීලවන්ත හාමුදුරුවො ටික ආපහු වික්‍රමයක් කරල. ඇත්තටම හාමුදුරුවන්ට තියෙන අයිතිය මොකක්ද වෙන ආගමකට අයිති දේවල් වලට හානි කරන්න..බුද්ධාගම ලංකාවෙ ප්‍රධාන ආගම වෙන්න පුළුවන් ඒත් එහෙම වුණා කියල ඇගේ පතේ හිරි ඇරගන්න පල්ලි වලට ගහන්න තරම් බලයක් එයාලට හම්බ වෙලා නෑ. අඩුම තරමින් අනිත් ආගමකට ගරු කරන්න තරම් වත් සංයමයක් නැති හාමුදුරුවරු කොහොමද ආගමික වෙන්නෙ.. ඇත්තටම දැන් මට අහන්න තියෙන්නෙ ෙමි වගේ ගොං වැඩ කරන ජාතියකට ඇයි අපි තවත් ගරු කරන්නෙ. ඇයි තවත් පන්සල් ගානෙ ගිහින් විමුක්තිය හොයන්නෙ.

ක්‍රිස්තියානිකාරයො බුද්ධාගමේ මිනිස්සුන්ව ආගමට හරව ගන්නව කියල එක කාලෙකට කෑ ගහනව. ඔව් ඉතින් මිනිස්සු කන්න අඳින්න නැතුව ඉන්නකොට හාමුදුරුවො ගිහින් ඒ මිනිස්සු ගැන බැලූවෙ නෑනෙ. අනිත් එක තමන් කැමති ආගමක් අදහන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනව සහ ආගමි ප්‍රචාරය කිරීමේ අයිතියත් මානව හිමිකම් වල තියෙනව. අනිත් අතට මිහිදු හාමුදුරැවෝ ලංකාවට ඇවිත් කළෙත් එයාගෙ ආගම ප්‍රචාරය කරන එකනේ..

අල්පේච්ඡතාවෙ ගැන උඩ දාගෙන කියෙව්වට එහෙම දෙයක් තියෙනව කියල කටිටියට එක පාරට අමතක වෙනව. පන්සලේ මොකක් හරි අලූතෙන් අටව ගන්නයි තව මොනව හරි සල්ලි ටිකක් හොයාගන්න විදිහකුයි හම්බ වුණොත් නිවන හම්බවෙනව කියල ඒ අය හිතන් ඉන්නෙ. මම නම් දැකල තියන ගොඩක් හාමුදුරුවො මේ විදිහට තමයි ජීවත් වෙන්නෙ. මිනිස්සුන්ට අනිත්‍යතාව ගැන දේශනා කලාට හාමුදුරුවො ඒ ගැන හිතල වැඩ කරනව දකින්න හම්බවෙනව ගොඩක් අඩුයිනෙ. මොකද එහෙම හිතනව නම් මේ විදිහට ගිහින් පල්ලි ගිනි තියල එන්නෙ නැහැනෙ.

හරි ලෙඩ සුව කරන්න ගිහින් ගෑණු දෙන්නෙක් මැරුණ. ඒත් ඒක විතරමද ලංකාවෙ වෙච්ච අහඹු මරණ. ඇයි මේ ටික දවසට ඉන්ජක්ෂන් වැරදිල කී දෙනෙක් මැරුණද.. ඇයි ගිහින් ඉස්පිරිතාල කුඩු කරන් නැත්තෙ. මොන දේ වුණත් හිතෙන හිතෙන විදිහට ගිහිින් අනිත් ආගම් වලට බලපෑම් කරන්න තරම් හයියක් පන්සලට නැහැ. මොකද හාමුදුරුවො යැපෙන්නෙ මිනිස්සු දෙන දානෙන්. ඒ දානෙ නැවැත්තුවොත් පන්සලට වෙලා ආතල් එකේ ඉන්න හම්බවෙන් නෑ ගිහින් රස්සාවක් කරන් හොයාගෙන කන්න වෙනව. දැන් ප්‍රශ්නෙ කන්න නිකන් හම්බවෙද්දි නිකන් ඉන්න අමාරුයිනෙ ඒ නිසා පොඩ්ඩක් ගිහින් ඔය වගේ මොකක් හරි සද්දයක් දාල attention එක ගන්න බලනව. ඡන්දෙ ඉල්ලලත් හරියට වැඩේ set කරගන්න හම්බවුණේ නෑනෙ. එල්ලාවල කියනව මොකක් නැති වුණත් අපිට අභිමානෙ තියෙනවලූ. කොහෙද දන් නෑ ඒක තියෙන්නෙ. මට වෙලාවකට හිතෙනව ඇයි මේ තරම්ම මෝඩ කතා කියන්නෙ කියල.

මම නම් ගොඩක් කැමතියි මේ රට ක්‍රිස්තියානි රටක් වුණා නම්. මොකද එහෙනම් මීට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්. මීට වඩා වැඩක් කරන්න පුළුවන් මීට වඩා මොලේ තියෙන මිනිස්සු බිහිවෙලා.



6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මීට ඉදූරාම සම්බන්ධ නොවුණත් මියන්මාරයේ බෞද්ධ භික්ෂුන් හා බෞද්ධයන් දහස්ගණන් මරපු අඥාපතියාට අපේ ජනාධිපති ගරු බුහුමන් කරද්දී පැත්තක හෙළ උරුමය නිහඩයි. එක්කෝ උන්ට වැදගත් සිංහලෙන් විතරක් තියෙන අමුතු බෞද්ධවාදයක් නැත්තං වෙන අරමුණක්.

    ReplyDelete
  3. බලාගෙන ගිහාම, එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ ගල් පැලෙන බොරුනේ කියන්නේ. මම දැනගෙන හිටියේ නැහැ මෙය ඉතාමත් සංවිධානත්මක පහර දීමක්. එක්කෙනෙක් බොඩ් එක ගලවලා දාන්න කියලා කීවේ. අනෙක් පැත්තෙන් හාමුදු‍රුවෝ නමක් ජනෙල් දොරවල් ගලවලා දානවා. මෙම කියමන් කවුරු රවටන්න කියන කතා ද? මට පෙ‍න විදිහට ස්වකිය දේශපාලන පදනම ව්‍යාප්ත කිරීමට කරන වෑයමක්...

    ReplyDelete
  4. පෙලහර පාන්න බැරිනිසා, පොලුහර පාන්නවා කියලානේ ඔය උන්දෙලා ඕකට කියන්නේ. බුද්දං සරනං කියාලා කියපු කටින් කොහොම සංගං සරනං කියන්නද මන්දා. සංගං සරනං ගියෝතින් අපායේ කෙසේ වෙතත්, වැලිකඩ ගොහිල්ලා තමයි නවතින්නෙ මෙදා මුරේ.

    ReplyDelete
  5. ඇත්තටම කියලා තියෙන ටික හරියටම හරි.මේධානන්ද මහත්තයා ගැන නම්,මොකට කියනවද?ඇයි මියනමාර් එක්කෙනා විතරක් නෙමේ,ලංකාවේම හාමුදුරුවරු දහස් ගණන් මරපු කරුණා අම්මාන් ඇමත්තුමා එක්කත් ෂෝක් එකට ඉන්නෙ එකම ආණ්ඩුවට වෙලා.

    ReplyDelete
  6. ඔව් ක්‍රිස්තියානි කියන්නෙ මෝඩ හැත්තක්.

    මොකෝ මේ බූරු රැල හිතන් ඉන්නෙ අර තමාවත් මරණයෙන් ගලවගන්න බැරි‍වුනු ‍-- කියන පල් හොරා මේ ලොකෙ මැව්ව කියල. ඒ ව්තරක් නම් මදෑ මුන් හිතන්නෙ උන්ව මැව්වෙත් -- කියල. පව් ...

    ‍අනේ මෙහෙමත් ආගමක් උඔත් ක්‍රිස්තියානි වෙයන් !!! තොපිලගෙ බොරුවට මිනිස්සු ‍රැවටුන කලෙ ගියා...


    මරියා ජුසේට කි‍විවලු මේ දෙවියන් දුන්න දරුව කියල... කාට කියන්නද මේව?

    ඔක්කොටම ඉස්සෙල්ල දෙවියො කියල එකෙක් ඉන්නවනම් මුන්ට මොලේ ටිකක් මවල දෙන්න පුලුවන්ද දෙවි‍යනේ්්්්්්්්්්

    ReplyDelete