Tuesday, November 11, 2014

වචන වලින් ඇත්ත කියන්න පුළුවන් ද?

මේ ලඟදි උපුල්ශාන්ත සන්නස්ගලගෙ ලස්සන කතාවක් මුහුණු පොතේ ෂෙයා වෙමින් තිබුණා. මමත් ඒක නිකමට වගේ ඇහුවා. ඒකෙ සන්නස්ගල කියනවා ‘‘වචනත් එක්ක ගණුදෙණු කරනවට වඩා ජීවිතත් එක්ක ගණුදෙණු කරන එක ගොඩක් අමාරර වැඩක්’’ කියල. ඔහු ඒකට හොඳ උදාහරනෙකුත් අරගෙන එනව, ලංකාවේ කසාද බඳින්න කලින් පූර්ව පරීක්ෂණ නැහැ ඒ නිසා විවාහයට කලින් ඒ දෙන්න කොයිතරම් දුරට ගැලපෙනවද කියන එක තේරුම් ගන්න හැකියාවක් අපේ සංස්කෘතිය ඇතුලෙ නැහැ කියන එක. ඇත්තටම මේ තත්ත්වය ගොඩක් දුරට ඇත්ත. මොකද අපිට එළියෙන් නොපෙනුනට විවාහයෙන් පස්සෙ මිනිස්සු ගොඩක් විඳවනවා.. එළියට විඳිනවා වගේ පෙන්නනව විතරයි.. සන්නස්ගල කියපු දේ මේකට ගොඩක් අදාල වෙන්නෙ මෙතනදි.

ඇයි ඒක එහෙම වෙන්නේ... ඒකට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. ඒත් මිනිස්සු වචනත් එක්ක කරන හරඹය මෙතනදි ගොඩක් දැනෙන දෙයක්. ඇත්තටම මිනිස්සු ඒ වචන වලට අර්ථයක් දුන්නනම් මිනිස්සුන්ට ජීවිතත් එක්ක ගණුදෙණු කරන එක ඒ තරම් අමාරු වෙන්න බැහැ. ප‍්‍රශ්ණෙ තියෙන්නේ මිනිස්සුන්ගෙ ඇතුලෙ. මොකද මිනිස්සු ඒ කතා කරපු වචන තිබිල තියෙන්නේ ඒ අයට පිටින්.. නැත්තම් ඇයි ඒ බඳින්න කලින් කියන ලස්සන කතා බැන්දට පස්සෙ මිනිස්සුන්ගෙන් කියවෙන්නේ නැත්තේ.. මිනිස්සු හිතල තමන් ආදරය කරන අනෙකාව රවට්ටනව වෙන්න බැහැ. මම හිතන්නේ ඒ මොහොතට ඒ මිනිස්සුන්ට දැනෙන ඇත්ත දේ තමයි ඒ වචන වලට පෙරළෙන්නෙ. ඒත් ඒක දිගටම ඒ විදිහට නොදැනෙන එකයි එතන තියෙන අවුල.

මිනිස්සු විවාහයෙන් පස්සේ ජීවිතේ අතහරිනවා. තවත් ඒ මිනිස්සුන්ට ලබාගන්න දෙයක් නැහැ.. පස්සේ තියෙන්නෙ ජීවිතේ ගැටගහගන්න දිවීමක් විතරයි. ඒකෙදි මිනිස්සුන්ට ආදරේ මඟහැරෙනවා. ගොඩක් වෙලාවට ඒක මුලින්ම වෙන්නේ ගෑණුන්ට. බඳින වයස එද්දිම ගෑණු සාම්ප‍්‍රදායික චරිත බවට පත්වෙනවා. ඒ කියන්නේ ඒ වෙද්දි ඒ ගෑණු චරිතෙ මැරිල ඉවරයි.. ඒකට ඒ මිනිස්සුන්ට මුකුත් කියන්න බැහැ. මොකද එහෙම කළේ නැත්තම් මැලිබන් වයිට් පෆ් ඇඞ් එකේදි වගේ ඒ අයව reject වෙන්න පුළුවන්.



1 comment:

  1. වචන වලට හිතේ තියන අවංක හැඟීම් මුසුකලොත් වචන ඇත්ත කියයි නේද ?

    //මිනිස්සු විවාහයෙන් පස්සේ ජීවිතේ අතහරිනවා. තවත් ඒ මිනිස්සුන්ට ලබාගන්න දෙයක් නැහැ.. පස්සේ තියෙන්නෙ ජීවිතේ ගැටගහගන්න දිවීමක් විතරයි. ඒකෙදි මිනිස්සුන්ට ආදරේ මඟහැරෙනවා.

    හැමෝම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔය මං තීරුවට වැටෙනවා අන්තිමට දුවනව......නැති ගමනක හැල්මේ දුවනව ...

    ReplyDelete