Wednesday, September 7, 2011

බුදුනුත් නොදන්න බුද්දාගම



මගේ යාළුවෙක්ට  අද e-mail වගයක් හම්බවුණා. ඒක එවල තිබුණෙ ඊමේල් ශී‍්‍ර ලංකා කියල group  එකකින්. ඒ කියන්නෙ අපි නියම සිංහල කියල හිතං ඉන්න ගොඩක් අය ඒ වගේ group වලට set  වෙනව. මොකද ඒ වගේ අයට සිංහලකම පොඞ්ඩක් උස්සල කිව්වම  ඕන දේකට set කරගන්න ලේසියි.ඒ නිසා ඒ වගේ group run කරන්න ඒ තරම් අමාරුවක් නෑ. ගොඩක් වෙලාවට වෙන රටවල ඉන්න ලංකාවෙ මිනිස්සුට සිංහලකමේ අමාරුව වැඩියි. ඒ ප්සක එකේ තිබුණෙ මුස්ලිම් අයයි, කි‍්‍රස්තියන් අයයි එකතු වෙලා බුද්ධාගම නැති කරන්න යනව කියල. ඒ නිසා ඒකට විරුද්ධව නැගී සිටින්න එකතු වෙන්න කියල. මම හොදටම දන්නව දිගට දිගට ඔය වගේ mail ටිකක් ආවම ලංකාවේ මෝඩ සිංහල ජනතාව ගිහින් මුස්ලිම් කි‍්‍රස්තියානි මිනිස්සුන්ට ගහනව කියල. පොලූ උස්සන් යන එක ලංකාවේ මිනිස්සුන්ගෙ අනන්‍යතාවය කියල අපි දන්නවනෙ. ඒ mail  වල තිබුණ පල්ලියක් ඉස්සරහ සදකඩපහන දාපු photo එකකුයි,තව ඒ පල්ලියේ ඇතුල්වෙන තැන මකර තොරණ ගහපු එකකුයි, කතෝලික ආගම අනුරාධපුර, පොළොන්නරු කාලෙ ඉදන් තිබුණ කියලයි ඔන්න ඔය වගේ ඒව ටිකක්. දැන් ඒක නිසා බුද්ධාගම නැතිවෙනව නම් ඉතින් ඒවගේ ආගමක් තිබිල වැඩක් නෑනෙ ඇත්තටම.

තව ඒකෙ එවල තිබුණ මුස්ලිම් අය බුද්ධාගමේ දීඝවාපී එකයි තව පූජස්ථානයි මුස්ලිම් පල්ලි වලට අරං ඒවා විනාශ කරනවලූ. ඇත්තටම මේ සිංහල ජනතාවට වැඩ නැති නිසා හොදයි ඔය වගේ ඒවට උඩ පනින්න. ඒක නිසා තමයි මේ වගේ රටවල් හැමදාම එකම තැන තියෙන්නෙ. ඇත්තටම නම් ඒ වගේ mail මට joke එකක්. මොකද සදකඩපහන, මකර තොරණ වගේ ඒව ඒ ඉස්සර තිබුණ ගෘහ නිර්මාණෙ දියුණුව පෙන්වන සාදක මිසක් බුද්ධාගමේ දායාදයක් නෙමෙයි. ඉතිහාසෙ ටිකක් හරි දන්න අය ඒක දන්නව. ඉතින්  ඕන කෙනෙක්ට ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්.

මුලින්ම ඔය සිංහලයො කියන අය එකතු වෙලා තමයි අපෝ දෙමළ උන් අපේ රට අල්ල ගන්න යනව, මේක අපේ රට මේක බෙදන්න දෙන්න බෑ කියල  උන්ව මරන්න  ඕනි කියල කෑ ගැහුවෙ. දැන් ඒක කොහොම හරි ඉවර කරගත්ත. ඒත් දැන් ආපහු ඉන්න බෑ. මොකද ඒ ආතල් එක ඉවරයිනෙ. දැන් අලූත් එකක්  ඕනි. මොකක් හරි මහා බුද්ධාගම්කාරයො ටිකම තමයි මිනිස්සුන්ව මරන්න  ඕනි කිය කිය උඩ පැන්නෙ. ඉතින් ඒ ජනතාවට හරියනම ගැලවුම්කාරය ජනාධිපති බවට පත්වුණා. සිංහලයන්ගෙ ආතල් එකට දෙමළ මිනිස්සු ලක්ෂ ගාණක් මැරුණ. මට මතකයි ඒ දවස් වල පන්සල් වල බණ ඉවර වෙල හාමුදුරුවොත් කියන්නෙ LTTE එකේ උන් නැතිවෙලා ගිහින් හමුදාවට ජය හම්බවෙන්න  ඕනි කියල. මිනිස්සු ලක්ෂ ගණන් මෝටාර් වැදිල මැරෙනකොට මේ බුද්ධ රාජ්‍යයෙ මිනිස්සුන්ගෙ ඇස් කණ් වැහිල තිබුණෙ. කිසිම මිනිහෙක් හිටියෙ නෑ වචනයක් කතා කරන්න. ඒ කාලෙදි බුද්ධාගම තිබුණ් නෑ. හරියට දෙමළ මිනිස්සුන්ව මැරුවට කමක් නෑ කියල බුදුහාමුදුරුවො කියල තියනව වගේ.

ඉතින් කොහොම හරි මිනිස්සු ලක්ෂ ගානින් මරල යුද්ධෙ ඉවර කරගත්ත. ඒ  කාලෙ යුද්ධෙ upset කියන හැම මිනිහම දේශද්‍රෝහියො වෙල තිබුණෙ. දේශපේ‍්‍රමියො ටික ඔක්කොම මිනිස්සු මැරෙනවට support. සිංහල කියන්නෙ ලංකාවේ මහා ජාතිය නිසා කොහොමත් අනිත් ජාතීන්ට ඒ තරම් හයියක් ඉතුරු වෙන් නෑ. කොහොම හරි දැන් සිංහලයන්ට වැඩ ඉවර නිසා මොකක් හරි අළුත් game එකක් පටන් ගන්න  ඕනි නැත්තම් කිසි ගතියක් නෑ වගේ.

තව ටික දවසකින් පටන් ගන්නව දැන් මුස්ලිම් උන් රට අල්ලන්න එන්නෙ ඒ නිසා උන්ව මරන්න  ඕනි කියල. ඒක ලංකාවෙ මිනිස්සුන්ගෙ සංස්කෘතිය. මොකක් හරි විදිහකට අනිත් මිනිහත් එක්ක පැටලෙනව තරම් ගතියක් නෑ. ඒක ඉඩම් අවුල් වල ඉදන්ම එනව. මට තේරෙන් නෑ ඒක සිංහලකමේ හැටියක්ද කියල. මොකක් වුණත් ලංකාවෙ බඩු මිල ගැනවත් කෑ ගහන් නැති මිනිස්සු මේ වගේ ඒවට නම් උඩ පැනගෙන එන්නෙ. ඉතින් මේ වගේ මිනිස්සු ඉන්න රටක මහින්ද ජනාධිපති වෙන් නැතුව වෙන කවුරු ජනාධිපති වෙන්නද. ලංකාවෙ මිනිස්සු කි‍්‍රස්තියානි මිනිස්සු බුද්ධාගමේ අයව ආගමට ගන්නව කියල කෑ ගැහුවට ඒ අයට මතක නෑ ඉංග‍්‍රීසිකාරයො ටික නැත්තම් ලංකාවෙ පාරවල් ටිකවත් නෑ කියල. මෙහෙම කෑ ගහන්ව ඇරෙන්න මෙහෙ මිනිස්සුන්ට කිසි දෙයක් හිතල කරන්න බෑ. ඒ නිසා ලංකාවෙ කිසිම නිෂ්පාදනයක් නම් වෙන් නෑ. ටික ටික නැතිවෙමින් යනව  මිසක්.

මම දන්නෙ මේකයි, මහින්දට තව ඡුන්දයක් දිනන්න chance  එක තියනව. කලින් theory එකමයි පාවිච්චි කරන්න තියෙන්නෙ. දෙමළ වෙනුවට මුස්ලිම් කියල ඒ බලවේගය තුරන් කරන්නට එක්වෙමු කියපු ගමන් කට්ටියම ආපහු ලස්සනට පෝලිමේ ගිහින් කතිරෙ ගහල එනව. ලංකාවෙ මිනිස්සු එකම මෝඩ කම නැවත නැවත කරන ජාතියක්.


No comments:

Post a Comment