Saturday, November 14, 2009

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි

ලංකාවෙ ඉන්න සීලවන්ත හාමුදුරුවො ටික ආපහු වික්‍රමයක් කරල. ඇත්තටම හාමුදුරුවන්ට තියෙන අයිතිය මොකක්ද වෙන ආගමකට අයිති දේවල් වලට හානි කරන්න..බුද්ධාගම ලංකාවෙ ප්‍රධාන ආගම වෙන්න පුළුවන් ඒත් එහෙම වුණා කියල ඇගේ පතේ හිරි ඇරගන්න පල්ලි වලට ගහන්න තරම් බලයක් එයාලට හම්බ වෙලා නෑ. අඩුම තරමින් අනිත් ආගමකට ගරු කරන්න තරම් වත් සංයමයක් නැති හාමුදුරුවරු කොහොමද ආගමික වෙන්නෙ.. ඇත්තටම දැන් මට අහන්න තියෙන්නෙ ෙමි වගේ ගොං වැඩ කරන ජාතියකට ඇයි අපි තවත් ගරු කරන්නෙ. ඇයි තවත් පන්සල් ගානෙ ගිහින් විමුක්තිය හොයන්නෙ.

ක්‍රිස්තියානිකාරයො බුද්ධාගමේ මිනිස්සුන්ව ආගමට හරව ගන්නව කියල එක කාලෙකට කෑ ගහනව. ඔව් ඉතින් මිනිස්සු කන්න අඳින්න නැතුව ඉන්නකොට හාමුදුරුවො ගිහින් ඒ මිනිස්සු ගැන බැලූවෙ නෑනෙ. අනිත් එක තමන් කැමති ආගමක් අදහන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනව සහ ආගමි ප්‍රචාරය කිරීමේ අයිතියත් මානව හිමිකම් වල තියෙනව. අනිත් අතට මිහිදු හාමුදුරැවෝ ලංකාවට ඇවිත් කළෙත් එයාගෙ ආගම ප්‍රචාරය කරන එකනේ..

අල්පේච්ඡතාවෙ ගැන උඩ දාගෙන කියෙව්වට එහෙම දෙයක් තියෙනව කියල කටිටියට එක පාරට අමතක වෙනව. පන්සලේ මොකක් හරි අලූතෙන් අටව ගන්නයි තව මොනව හරි සල්ලි ටිකක් හොයාගන්න විදිහකුයි හම්බ වුණොත් නිවන හම්බවෙනව කියල ඒ අය හිතන් ඉන්නෙ. මම නම් දැකල තියන ගොඩක් හාමුදුරුවො මේ විදිහට තමයි ජීවත් වෙන්නෙ. මිනිස්සුන්ට අනිත්‍යතාව ගැන දේශනා කලාට හාමුදුරුවො ඒ ගැන හිතල වැඩ කරනව දකින්න හම්බවෙනව ගොඩක් අඩුයිනෙ. මොකද එහෙම හිතනව නම් මේ විදිහට ගිහින් පල්ලි ගිනි තියල එන්නෙ නැහැනෙ.

හරි ලෙඩ සුව කරන්න ගිහින් ගෑණු දෙන්නෙක් මැරුණ. ඒත් ඒක විතරමද ලංකාවෙ වෙච්ච අහඹු මරණ. ඇයි මේ ටික දවසට ඉන්ජක්ෂන් වැරදිල කී දෙනෙක් මැරුණද.. ඇයි ගිහින් ඉස්පිරිතාල කුඩු කරන් නැත්තෙ. මොන දේ වුණත් හිතෙන හිතෙන විදිහට ගිහිින් අනිත් ආගම් වලට බලපෑම් කරන්න තරම් හයියක් පන්සලට නැහැ. මොකද හාමුදුරුවො යැපෙන්නෙ මිනිස්සු දෙන දානෙන්. ඒ දානෙ නැවැත්තුවොත් පන්සලට වෙලා ආතල් එකේ ඉන්න හම්බවෙන් නෑ ගිහින් රස්සාවක් කරන් හොයාගෙන කන්න වෙනව. දැන් ප්‍රශ්නෙ කන්න නිකන් හම්බවෙද්දි නිකන් ඉන්න අමාරුයිනෙ ඒ නිසා පොඩ්ඩක් ගිහින් ඔය වගේ මොකක් හරි සද්දයක් දාල attention එක ගන්න බලනව. ඡන්දෙ ඉල්ලලත් හරියට වැඩේ set කරගන්න හම්බවුණේ නෑනෙ. එල්ලාවල කියනව මොකක් නැති වුණත් අපිට අභිමානෙ තියෙනවලූ. කොහෙද දන් නෑ ඒක තියෙන්නෙ. මට වෙලාවකට හිතෙනව ඇයි මේ තරම්ම මෝඩ කතා කියන්නෙ කියල.

මම නම් ගොඩක් කැමතියි මේ රට ක්‍රිස්තියානි රටක් වුණා නම්. මොකද එහෙනම් මීට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්. මීට වඩා වැඩක් කරන්න පුළුවන් මීට වඩා මොලේ තියෙන මිනිස්සු බිහිවෙලා.



Friday, October 30, 2009

මගේ වැරැද්දද... රටේ වැරැද්දද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණෙයි මහ මැතිවරණෙයි දෙක ම එකට තියන්න යනවලූ.මිනිස්සු කියනව සරත් පොන්සේකා එක්සත් ජාතික පක්ෂෙ පොදු අපේක්ෂකය කරන්න හදනවලූ. ඇයි දන් නෑ ඒ කිසි දෙයක් ඒ තරම් මගේ ඇගට දැනෙන් නෑ. මේ රටේ කිසි දෙයක් වෙන්නෙ නෑ කියන එක විතරයි මට දැනෙන්නෙ.

මට පොඩි කාලෙදි මගේ යාළුවො කිව්ව මං ඉන්නෙ හීන ලෝකෙක කියල. මට ඒ කාලෙදි තේරුන් නෑ මොකක්ද එයාල කියන්නෙ කියල. ඇත්තටම නම් තේරුම් ගන්න ඕනකමක් තිබුණෙත් නෑ. ඒත් හැබැයි මට දැන් තේරෙන විදිහට නම් ඒ කාලෙදිත් ඒ අය දැනගෙන හිටිය මේ රටට හරියන විදිහට ජීවත් වෙන්න.මං හිතන විදිහට මේ රටේ ජීවත් වෙන්න අමාරුයි කියල මට තේරුන් නැති වුණාට මගේ වයසෙ හිටපු අනිත් අයට ඒක තේරිල තිබුණා. මං නිදහස කියන වචනෙත් එක්ක ජීවිතෙ දිහා බලන්න පුරුදු වෙල තිබුණෙ. මං ආස කලේ ඒ විදිහට ජීවත් වෙන්න. ඒ කාලෙදි මං හිතුවෙ මං ජිවත් වෙන විදිහ හරි කියල. කොයි වෙලාවකවත් මට තේරුණේ නෑ මට කොතන හරි වැරදිල කියල.

දැන් මට සමහර දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒව හරිමද කියල නම් මං තාම දන්නෙ නෑ. ඒත් මට හිතෙන විදිහට නම් මගේ වයසෙ ඉන්න අනිත් අයට විඳින්න හම්බ වුණ ලෝකෙයි මට හම්බුණ ලෝකෙයි ගොඩක් වෙනස්. මට ඕන වුණෙ වෙනස් විදිහට දේවල් දකින්න. ඒත් සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අයින් කරල රැඩිකල් විදිහට ඉන්න තරම් හයියක් මට තිබුණෙත් නෑ. එි නිසා හැමවෙලේම සම්ප්‍රදායයි රැඩිකල් ලෝකෙයි මැද්දෙ තමයි මට ඉන්න සිද්ධ වුණෙ. එතකොට මට සාම්ප්‍රදායික ගැහැණු සමාජෙ කොටසකුයි රුඩිකල් සමාජෙ කොටසකුයි miss වෙනව. මට රැඩිකල් වෙන්න බෑ මං පවුලක් ඇතුලෙ ජීවත් වෙන නිසා. මට සාමිප්‍රදාමික ගැහැණියෙක් වෙන්න බෑ ඒක හරි ගොං කියල දැනෙන නිසා. සාම්ප්‍රදායික සමාජයක් ඇතුලෙදි ගැහැණියෙක්ට තියෙන්නෙ කොහොම හරි මිනිහෙක්ව කසාද බැඳගෙන ළමයෙක් හදාගෙන තමන්ගෙ ජීවිතේ ළමයා බවට පත් කරගෙන ජීවත් වෙන්න. එතනින් එයාලගෙ ජීවිතේ ඉවර වෙනව.

හ්ම්ම්.... දැන් මට ජීවිතේ ගැන වගකීමකින් හිතන්න වෙලා. ඉස්සර නම් ඇත්තටම කිසිම වෙලාවක මට මේ වගේ දේවල හිතුණෙ නෑ. ඉතිං..මට ආපහු හැරිල සාම්ප්‍රදායික වෙන්න නම් අමාරුයි. දැන් රට ඉස්සරට වඩා සංස්කෘතික වේගෙන එන නිසා රැඩිකල් වෙලා ජීවත් වෙන්න පුළුවන් කියලත් මං හිතන්නෙ නෑ. ඒ නිසා සමහර විට මං දැකපු ජීවිතේට යන පාර මගින් නවත්තන්න වේවි... අකමැත්තෙන් වුණත්...

Saturday, October 24, 2009

හීනයක්...

මේ වෙද්දි මිනිස්සුන්ගේ ජීවිත වල හීන කියල දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ හැමදෙයක්ම දියාරු වෙලා ගිහින්. ඇයි එහෙම වුණේ කියන එකට මිනිස්සුන්ට කියන්න ගොඩක් හේතු තියෙනව. සමහර අය කියනට ඒක මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි සමාජෙ තියන ප්‍රශ්නයක් කියල තවත් අය කියනව එහෙම වෙන්න හේතූව political හරි economical හරි ප්‍රශ්න නිසා කියල. ඔව් මම පිළිගන්නව ඒ හැම දේම ඒකට බලපානව ඒත් ඒ හින්දම විතරක් නෙමෙයි මිනිස්සුන්ට හීන නැති වෙල තියෙන්නෙ. ඇත්තටම කියනව නම් මට දැනෙන විදිහට මේ මිනිස්සු හීන කියල දෙයක් දන්නෙ නෑ. ඉතින් එහෙම දෙයක් ගැන දන් නැතූව කොහොමද හීනයක් හදන්නෙ.

දැන් මිනිස්සු ඔක්කොම ජීවත් වෙන්නෙ පොළවෙනෙ. පොළවෙ ඉන්නකම් මිනිස්සුන්ට හීන පේන්නෙ නෑ තමයි. පොළවෙ ඉද්දි දැනෙන කඨෝරකම විතරයි එතකොට හම්බවෙන්නෙ. පේන්නෙ නැද්ද එළියට බැස්සම හම්බවෙන මිනිස්සුන්ගේ මූණවල් වල හැටි. මැරෙන්න ඔන්න මෙන්න වගේ. ජීවත් වෙනව කියල කිසිම රහක් ඒ ජීවිත වල නෑ. මට ඒ වගේ මිනිස්සුන්ගෙන් අහන්න තියෙන්නෙ ඇයි ජීවත් වෙන්නෙ කියල විතරයි. ඒත් මොකක් හරි අහේතූවකට දැන් ඉන්නෙ එහෙම මිනිස්සු විතරයි. ඒ නිසා ඛෙදාගන්න දෙයක් නැති වුණත් අකමැත්තෙන් හරි හරි මිනිස්සු එක්ක ජීවත් වෙන්න වෙනව.

මේ පොළවෙ ඉන්නව කියන මිනිස්සුන්ටත් හීන වගයක් තියෙනව. ඒ තමයි එහා පැත්තෙ ඉන්න මිනිහට පේන්න ඊට වඩා ලොකූ ගෙයක් හදන එක. අනිත් එකාට වඩා හොඳ වාහනයක් ගන්න එක. තව ඇහුවොත් තවත් කියාවි...ආහ්..ඒ ටික ඉවර වුණාම එන්නෙ ළමයව හදන එක..ඇත්තට කොයි තරම් දුප්පත් thinking style එකක්ද.. කිසිම දවසක වෙන රටක මිනිහෙක්ට හිතෙන් නැති පහළම තියෙන thinking style එකක්.. ඇත්තටම ඇයි දන් නෑ දෙවියො මවද්දි ලංකාවෙ මිනිස්සුන්ව මේ තරම්ම ගොං කලේ. කිසිම දෙයක් ගැන ටිකක් වෙනස් විදිහට බලන්න කිසිමම ඕනකමක් මේ රටේ මිනිස්සුන්ට කවදාවත් එන එකක් නෑ. අර වගේ පල් වෙච්ච හීන එක්ක ඉඳල එහෙම්මම මැරිල යාවි.. එක අතකට ඒක හොඳයි මොකද මේ රට මෙතනින් ඉවර වේවිනෙ.. නැත්තම් මේ රටේ කාගෙ හරි ජෘනෙකින් හැදුනොත් ආපහු මෝඩ පරම්පරාවක් හැදෙන්න ඉඩ තියෙනවනෙ.

මොනා වුණත් මම මගේ හිත හදාගන්න ඕන නිසා හරි විශ්වාස කරනව පොඩි හරි හීනයක් ඉතූරු වෙල තියෙන මිනිස්සු ටික දෙනෙක් හරි තාම ලංකාවෙ ජීවත් වෙනව කියල.. නැත්තම් මට මං ගැනම ප්‍රශ්නයක් එනව මේ වගේ මිනිස්සු ගොඩක් මැද්දෙ මං ජීවත් වෙන්නෙ ඇයි කියල...