Tuesday, August 4, 2009

අපි වෙමු මල් වැනි පුංචි ළමයි

වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපට තහනම් කරන්න නීතියක් ගේන්න යනව. මට තේරෙන් නෑ රටක් පාලනය කරන කෙනෙක් මේ වගේ මෝඩ නීති ගේන්නෙ කොහොමද කියල. රටේ ඉන්න පොඩි අයයි ලොකු අයයි හැමෝම බබාල කියල තමයි ඒ කට්ටියට පේන්නෙ. ලංකාවේ ඉන්න හැමෝම පොඩි ළමයි. ඒ අයව හරි මගට ගන්න තමයි රටේ ඉන්න පාලකයො හැමෝම උත්සහ කරන්නෙ. ඒ නිසා හැමෝම ළමා චිත‍්‍රපටි විතරක් බැලූවම ඇති කියල තමයි ඒ කට්ටිය හිතන්නෙ. අපරාදෙ මේ ලොකු බබාලටත් යන්න ඉස්කෝලයක් පටන් ගත්ත නම් හොඳයි.

ඇත්තටම මොකක්ද මේ වගේ නීති රටකට දාල ඒ අය බලාපොරොත්තු වෙන්නෙ. film එකකින් ලංකාවෙ සංස්කෘතියට හානි වෙනව කියන්නෙ මේ රටේ මොකක් හරි ප‍්‍රශ්නයක් තියෙනව සහ ඒ වගේ film එකක් රසවිඳින්න තරමටවත් මේ රටේ මිනිස්සුන්ගේ ඔළුව වර්ධනය වෙලා නෑ කියල තමයි ඒකෙන් ඔප්පු කරන්නෙ. එහෙම film එකක් බැලූවම මිනිස්සුන්ගෙ ඔළුව විකෘති වෙනව නම් ඒක බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයි. මොකද නොදියුණු යුගයකට ගොඩක් ළඟින් තමයි මේ රටේ මිනිස්සු තාම ඉන්නෙ. සමහර විට ජනාධිපතිට ඒක හරියට තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙනව ඇති. එහෙම නම් අපි එයාට මීට වඩා ගරුත්වයක් දෙන්න ඕනිනෙ.

මං බලන් හිටිය ලංකාවෙ ගොඩක් මිනිස්සුත් කියනව ඒ වගේ චිත‍්‍රපට තහනම් කරන්න ඕනි කියල. එහෙම කියන මිනිස්සු කිසිම කෙනෙක් ඒවගේ නරක ඒව බලලා නැතුව ඇති. එහෙම නැත්තම් කලින් ඒ අයත් නරක් වෙලා ඉදල දැන් තේරුම් අරගෙන හොඳ ළමයි වෙලා වෙන්න ඇති. මොනා වුණත් බලාගෙන යනකොට අපි වගේ කීප දෙනෙක් හැරුණම හොඳ ශිෂ්ට මිනිස්සු තමයි ලංකාවෙ ජීවත් වෙන්නෙ. එතකොට අර ඉස්කෝලෙ යන ළමයින්ව එහෙම දූෂණය කරල මරල දාන්නෙ ලංකාවෙ මිනිස්සු නම් වෙන්න බෑ වෙන කොහෙන් හරි ආපු කට්ටියක් වෙන්න ඕනි.

මේ යන විදිහට තව ටික දවසකින් කියාවි ලංකාවෙ දූෂණ වැඩි වෙන්න හේතුව තමයි ගෑණු ළමයි නොගැලපෙන ඇුම් අදින එක, මුස්ලිම් අය අදින ඇුම තමයි ලංකාවෙ ගෑණු ළමයින්ට ගැලපෙන ඇුම, ඒ නිසා අද ඉඳන් හැමෝම ඒ ඇුම අදින්න ඕන කියල. මොකද දැන් දැන් ලංකාවෙ ක‍්‍රියාත්මක කරන්න යන නීති අරාබි රටවල නීති වලට ගොඩක් සමානයිනෙ. දැන් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට නම් ඒකත් ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද රට හරියට හදන්න ඕනි නිසයි එහෙම කරන්නෙ කියන ගොං කතාවට දැන් මෙහෙ මිනිස්සු අහුවෙලා ඉවරයි.

මොනා වුණත් ලංකාවෙ මිනිස්සුත් හීන දැක්කෙ මේ වගේ රටකට, මේ වගේ පාලනයකට නිසා මොන නීතිය දැම්මත් කිසි ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒකට විරුද්ධ වෙන මිනිස්සුන්ගෙ කටවලූත් shape එකේ වහල දාන විදිහ මහින්ද දන්නව ඒ නිසා විරුද්ධ වෙන කීපදෙනාගෙන් ප‍්‍රශ්නෙකුත් නෑ. මේ හැම දේම හොඳ නිසානෙ ලෝකෙන් උතුම් රට ලංකාව වෙන්නෙත්...

3 comments:

  1. මොනව කරන්නද බං ? කොරන කොරන හරම එකටම "එහෙයි !" කියන්න එවුං ටිකක් මේකෙ ඉන්නව නෙ. අනික, මේ වගේ තීරණයක් ගන්න කෙලින්ම රජයට බලතල දුන්නෙ කවුද ?

    ReplyDelete
  2. 'වැඩිහිටියන්ට පමණයි' ලෙස නම් කරන ලබන චිත්‍රපටි කොහොමත් පෙන්නන්නේ ළමයින්ට බලන්න නෙමෙයිනේ. අර කිව්වත් වගේ ලංකාවේ වැඩිහිටියො නැති නිසා, 'වැඩිහිටියන්ට පමණයි' චිත්‍රපටි පෙන්වන එක වැරදි බව අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ටිකිරි මොලේට තෙරෙන්න ඇති. ඒ හින්දා මේ අරගෙන තියෙන තීරණය හරි.

    දැන් කරන්න තියෙන්නේ කොළඹ තියෙන නයිට් ක්ලබ් ටිකයි, ඔය වැඩිහිටියන්ට විතරක් යන්න හොඳ තැන් ටිකයි වහල දාන එක, නැතිනම් වැරදිලාවත් ඕවට ගිහින් අපේ ළමයි ටික නරක් උනොත්, මොන අපරාධයක්ද?

    ReplyDelete
  3. අපේ රටේ ගොඩක් දෙනෙකුට තියෙන්නේ හීනමානයක් එක්ක මුහු වෙච්ච ලිංගික කුහක කම. අනිත් කාරණය අපේ සමාජ චින්තනයේ තියෙන පටු කම.

    සාම්ප්‍රදායික අච්චුගත විදියට හිතන අපේ දෙමව්පියොත් රජය හෝ පාලකයන් ගෙනෙන ප්‍රගතිශීලි යැයි මතුපිටින් පෙනෙන ඕනෑම තීරණයක් නිවැරදි යැයි කියල ඒක වැළඳ ගන්නවා. අනිත් එක මේ කාරණයේදී නම් එකඟ නැති උනත්, ඒ විරුද්ධත්වය ප්‍රකාශකරන්න ගිහින් තමන්ට ලේබල් වැදේය කියන බිය නිසා ගොඩක් අය නිහඬ වෙනවා. මගේ අත්දැකීමක් නම්, මේ කාරණය ගැන කතා කරන වෙලාවේ අපේ අයියා කෙනෙක් කියනවා 'ඕව්, කොහොම උනත් ඒවා බලන්න කැමති අයත් ඉන්නවනේ' කියල. එයා ඒ කාරණය දිහා බැලුවේ පෞද්ගලික රුචිකත්වය කියන තැන ඉඳල, අසීමාන්තික විදියට ආත්මාර්ථය උත්කර්ෂයට නගන අපේ සමාජය තුල මේ විදියට පටු විදියට සමාජීය කාරණා දිහා බලන පිරිසක් බිහිව ඇති එක පුදුමයක් නෙමෙයි. ඒත් සමාජ ප්‍රගතිය සම්බන්ධයෙන් නම් ඒක ඛේදවාචකයක්

    මේ තහනම හුදෙක් ගැලරිය පිනවීම වෙනුවෙන් කල දෙයක් වෙන්නත් පුලුවන්, නැතනම් පාලකයන්ට හා අධිපති දෘෂ්ඨිවාදයට අභියෝගයක් විය හැකි සිනමාත්මක ප්‍රකාශනයන් ඉපදීමටත් පෙර විනාශ කර දැමීමේ අරමුණින්ද? කියන කාරණයත් නොසලකා හැරිය නොහැකි දෙයක්.

    ReplyDelete