Wednesday, August 12, 2009

හිරුට හොරෙන් – සඳුට හොරෙන්...

මට සමහර දේවල් තේරෙන්න පටන් අරන් තියෙන්නෙ දැන්... එහෙම නැත්තම් දැන් මට පිස්සු හැදීගෙන එනවද දන්නෙත් නෑ. මොනා වුණත් මට තේරෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු එකිනෙකාව රවට්ට ගනිමින් ජීවත් වෙනව වගෙයි. හැමතැනම තියෙන්නෙ රැුවටීමක් විතරයි.

දෙමව්පියො ළමයින්ට කියනව එයාල කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු වෙන් නැතුව ළමයින්ට හැම දෙයක්ම කරනව කියල. ඒත් ඒ කතාව කොයි තරම් බොරුවක්ද.. එයාල අවිඥානික ව හරි හිතනව ළමයි ලොකු වෙල එයාලට සලකයි කියල. සලකන එක යුතුකමක් තමයි. ඒත් ඇයි මිනිස්සු තමන්ට ඇත්තට ඕන දේ හංගගෙන කතා කරන්නෙ. තමන් ළමයින්ගෙන දෙයක් බලාපොරොත්තු වෙනව කියල ඇයි කියන් නැත්තෙ.. මට තියන ප‍්‍රශ්නෙ ඒකයි.

ආදරේ ගමුකො.. ඒක තනිකරම වංචාවක්.. කිසිම අප්පිරියාවක් නැතුව ඒ වංචාව දිගටම අරගෙන යන්න ඒ අයට පුළුවන්. දෙන්නට දෙන්න බොරු ගොඩක් කිය කිය ‘ආදරේ මේක තමයි’ වගේ ඉන්නව. මං දන් නෑ අපි මේ බොරුවක් කරමින් ඉන්නෙ කියල ඒ අය දන්නවද කියල. එහෙම දන්නව නම් ඉතිං ඒක ටිකක් විතර හොඳයි. ඒත් ඇයි එහෙම බොරු කරන්නෙ. බලාගෙන යද්දි හැම මිනිහෙක් ම කරන්නෙ රඟපාන එක. මැරෙනකම් ම එකට ඉඳල ඊලග ආත්මෙත් හම්බවෙන්න හිතන ආදරවන්තයො මාසයක් විතර යද්දි මරාගන්නව. එකාට එකා පේන්න බෑ. තෝ තමයි මගේ ජීවිතේ කෑවෙ කියල දෙන්නට දෙන්න වැරැුද්ද pass කර ගන්නව. ගෙදර ඇතුලේ මෙහෙම මරා ගන්න ගමන් අනිත් පවුල් වල ඒවත් හොයාගන්ගව. ඊට පස්සෙ එළියෙ මිනිස්සුන්ට පෙන්නනව අපේ ජීවිතේ හරිම ලස්සනයි, අපිට නම් කිසි ප‍්‍රශ්ණයක් නෑ කියල. කාටද මේ තරමට බොරු කරන්නෙ. එකට ජීවත් වෙන්න බැරි නම් කතා කරල අයින් වෙන එක හොඳයිනෙ එහෙම ජීවත් වෙනවට වඩා. ලංකාවෙ සංස්කෘතියෙ කියල දීල තියෙන්නෙ කොයි තරම් මරා ගත්තත් අයින් වෙන එක ශිෂ්ට නෑ කියල. ඒ නිසා කට්ටිය මැක්කා වගේ එල්ලිලම ඉන්නව... එක පැත්තකින් බලද්දි ගෑණු එහෙම ඉන්න එකත් හරි. මොකද තනියෙන් ජීවත් වෙන ගෑණියෙක් ව ගණිකාවක් විදියටනේ ලංකාවේ සදාචාර සම්පන්න මිනිස්සුන්ට පේන්නේ...

අපි මිනිස්සුනෙ.. ඒ නිසා ටික කාලයක් යද්දි එකම විදිහට ජීවත් වෙන්න එපා වෙනව තමයි. අනිත් එක ලංකාවෙ ගෑණුන්ගෙ තියෙන ලොකුම upset එක බැන්ඳ ගමන් ඔක්කොම හරි කියල තමයි ඒ අය හිතන්නෙ. ජීවිතේ අතඇරල දානව. ඊට පස්සෙ මුළු ජීවිතේම මිනිහ විතරයි. බඳිනකන් විතරයි ටිකක් බලන්න හිතෙන විදිහකට ඉන්නෙ. ඊට පස්සෙ තනිකර කුණු ගොඩක්.. ඉතිං ජීවිතේ එකම විදිහට ගෙවෙන කොට පොඩි වෙනසකට වගේ side love එකක් පටන් ගන්නව. ඒක ප‍්‍රශ්නයක් නෑ. ඇයි ඒක පොඞ්ඩක් කතා කරල ඇත්ත කියල කරන්න බැරි.. එහෙම කරන්න පුලූවන් වුණානම් ලස්සනක් තියෙවිනෙ.. මෙහෙම බොරු කරද්දි පොඩි guilty feeling එකක් දැනෙනවනෙ.. ඒත් ලංකාවෙ මිනිස්සු නම් මං හිතන්තෙ වැඩිපුර කැමති හොරෙන් කරන දේවල් වලට...

4 comments:

  1. මටත් මේ ජීවිතේ හෙන බොරු ගොඩක් උඩ තියෙන පුස්සක් කියල හිතෙන වෙලාවල් තියෙනව. ඒත් සමහර වෙලාවට ඇත්තම කියල ජීවත් වෙන්නත් අමාරුයි.
    උදාහරනෙකට තමන්ට හිතෙන ඇත්තම කියන තමන්ගෙ ඇත්ත විස්තර දාපු බ්ලොග් එකක් වත් තියෙනවද ? (බොරු ප්‍රොෆයිල්නෙ තියෙන්නෙ ගොඩක්)
    මේක ලියන තමුන්නාන්සෙත් ඉතින් තමන්ගෙ ප්‍රොෆයිල් එක පේන්න දාල නෑ නෙ.

    ReplyDelete
  2. ආදරේ ගමුකො.. ඒක තනිකරම වංචාවක්..

    Really? I think that you choose to see the glass half empty than it half full, which I normally choose to see. I mean, yes there are who do cheat, fight, bitch and all that, but there are more who live happily in love. Of course there is the odd row or two, but hell what's life without that?

    I always like to see things positive.

    ReplyDelete
  3. ආදරය කියන එක වංචාවක් විදියට පේන්නෙ තමන් ආදරය කරන කෙනාගෙන් නැවතත් ඒ ආදරයම බලාපොරොත්තු වෙනකොට. ඔයා කියලා තියෙන විදියටම ඇයි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතිවම ආදරය කරන්න බැරි. ආදරය කියන්නෙ වංචාවක් නෙවෙයි පරිත්‍යාගයක්.

    ReplyDelete
  4. ජිවිතේ ගැනම ලියලා තියන සටහනේ ආදරේ ගැනම කමේන්ට් තිබ්බ හින්දා මාත් මෙහෙම කියන්නම්.. ඇත්තටම ආදරේ වංචාවක් වෙන්නේ තමන් ඒක දකින විදිය අනුව. අපි ඔළුව හදන් ඉන්න විදිය අනුවයි අපිට විවිද දේවල් හිතෙන්නේ. ආදරෙත් එහෙම තමයි. ඔය කොහොම කිව්වත් කවුද කැමති තමන් විවාහ වෙලා ඉන්න කෙනාට ‍සයිඩ් ලව් එකක් තියනවාට? මම පුද්ගලිකව කැමති නෑ. එකෙන් අදහස් වෙන්නේ නෑ අනිත් කෙ‍නාට වෙන කෙනෙකුට ආදරේ කරන්න බෑ කියලා. හැබැයි දෙන්නෙකුට එකපාර බැහැ. එ‍ක පැත්තක් තෝරගන්න ඕනි. ජවිතේට වෙනස් වීම් අත්‍යවශ්‍යයි.. එහෙම නැති‍ උනොත් ජිවත් වීමත් එපා වෙනවා. ඒත් ඒ වෙනස් වීම් ඇතුලේ තමන්ගේ වටීනා කම් අමතක කර ගැනීම අනුමත කරන්න බෑ.. අනිත් එක එක්කෙනෙක් මත්තේ නහින්න ඕනි නෑ.. තමුන්ගේ නිදහස නිසි අයුරින් භාවිතා කරාම කාටවත් අවුලක් වෙන එකක් නෑ.

    ReplyDelete