Tuesday, August 4, 2009

තුන්වෙනි ලෝකයෙ රටක් මේක...

ලංකාවෙ මධ්‍යම පාන්තික පවුලක ඉපදෙනව කියන්නෙ නම් ඇත්තටම පෙර කරුමයක්. කිසි ම දෙයක් කරගන්න බැරි අම්මල තාත්තල තමයි ගොඩක් වෙලාවට ඒ පවුල් වල ඉන්නෙ. මොකද ඒ පවුල් වල අය දන්නෙ මොකක් හරි රජයෙන් හම්බෙන රස්සාවක් කරගෙන ජීවත් වෙන්න විතරයි. ජීවිතේ කිසිම දෙයක් විඳින්න ඒ මිනිස්සු දන් නෑ. කිසිම දෙයක් ගැන තෘප්තිමත් වීමකුත් ඒ ජීවිත වල නෑ. රජයට කඹුරල කඹුරල එතන තියෙත ඕපදූප ටිකත් අහුලගෙන ගෙදර ඇවිත් ගෙවල් වල ඉන්න අයගෙ කන් පුරවන එක තමයි මේ කට්ටිය කරන්න දන්න රස්සාව.

මේ වගේ පවුලක ජීවත් වෙනව කියන්නෙ මිහිපිට අපායක ඉන්නව වගේ.කවදාවත් ජීවිතේ කියල ලස්සන දෙයක් නම් ඒ පවුල් වල ළමයින්ට දකින්න හමිබ වෙන් නෑ. මොකද හැම දවසක ම අම්මල උදේ රස්සාවට ගියාට පස්සෙ අලූතින් කුණු ටිකක් එකතු කරගෙන තමයි ගෙදරට එන්නෙ. අරයගෙ ළමය අර විභාගෙ ච්ිි වෙච්ච එකයි අනිත් මිනිහගෙ ළමය කසාද බැඳපු එකයි... මේ වගේ එක එක මිනිහගේ දේවල් හොයාගෙන ඇවිත් ගෙදර ඉන්න ළමයින්ව මරාගෙන කනව. මම නම් මගේ ජීවිත කාලෙ පුරා ම අහගෙන තියෙන්නෙ ඔය වගේ කතා විතරයි. කිසිම දවසක මම විභාග ච්ිි වුණා කියල හොඳක් නම් මේ ජීවිතේට ම අහගෙන නෑ. එදාටත් අහගෙන තියෙන්නෙ තව ලකුණු ගන්න තිබුණ ... ඔය මදි... අරයගෙ දුව ඔයිට වඩා ලකුණු අරගෙන තිබුණ වගේ කථා ගොඩක්. ඔය වගේ කථා කාලයක් තිස්සෙ අහල දන්නෙ ම නැතුව දැන් නම් මගේ ඔලූවත් damage වෙලා ඇති. ලංකාවෙ ජීවත් වෙන ගොඩක් මිනිස්සු psychology treatment කරගන්න ඕන මට හිතෙන විදිහට නම්.

ලංකාවෙ ජීවත් වෙන අම්මල තාත්තල ළමයින්ව හදාගන්නෙ ඒ අයට කර ගන්න බැරි වුණ දේවල් ටික ළමය ලවා කරගන්න. අම්ම doctor කෙනෙක් වෙන්න ආසාවෙන් ඉඳල වෙන්න බැරි වුණා නම් ළමයට මොන වදේ දීල හරි doctor කෙනෙක් කරවන්න හදන්නෙ. ළමය කියල කියන්නෙ දෙමාපියන්ගෙ arrears පිට කරගන්න ඉන්න මොකක් අර්චන වස්තුවකටද... ලංකාවෙ ජීවත් වෙන ළමයෙක්ට වෙලා තියෙන්නෙ නම් ඒකයි. ළමයගෙ ආසාවට ළමයගෙ කැමැත්තට කිසිම දෙයක් කරන්න බෑ. එහෙම කලොත් ඒ ළමය කීකරු ළමයෙක් වෙන් නෑනෙ. පොඩි කාලෙ ඉඳන් ළමයගෙ ඔලූවට දානව කීකරු ළමයෙක් වෙන්න ඕනි කියන එක. ඒ නිසා ළමයට තනියෙන් කිසි දෙයක් හිතන්න කරන්න බැරුව යනව. ලාංකීය සමාජය ඇතුලෙදි ළමයගෙ අත්තටු කපල තියෙන්නෙ. ඒ නිසා ඉගිලෙන්න දන් නෑ. හරියට හීලෑ පරවියෙක් වගේ.

පොඩි කාලෙ ඉඳන් එයාල කියන දේවල් ඉගෙන ගන්න ඕනි. එයාල කියද්දි රස්සාවකට යන්න ඕනි... ඒ විතරක් නෙමෙයි එයාල කියන වයසෙදි එයාල කියන කෙනාව බ`දින්න ඕනි... මහ පුදුම ජීවිතයක් මේක... මොනා වුණත් ළමය උඩ දෙමාපියන්ගේ හීන සාක්ෂාත් කරගන්න යන එක දුප්පත් කමේ ලක්ෂණයක්. ඒ නිසා තමයි මේක ගොඩක් වෙලාවට මධ්‍යම පාන්තික පවුල් වල දකින්න හම්බ වෙන්නෙ. ඇත්තටම ඇයි මේ මිනිස්සුන්ට තේරෙන් නැත්තෙ ළමයි කියන්නෙ එයාලට අයිති දෙයක් නෙමෙයි. ඒ අයට වෙනම ජීවිතයක් තියෙනව, ඔවුන්ගෙ ජීවිතේ ගැන තීරණ ගන්න ඔවුන්ට අයිතියක් තියෙනව කියන එක..

දවස තිස්සෙම බලන්නෙ Buddhist channel එක, කට්ටිය සෙට් වුණාම කතා කරන්නෙ නිවනට යන විදිය... ‘අත ඇරීම’ ගැන... ඒත් ළමයින්ගෙ ජීවිත විතරක් නෙවෙයි, පුළුවන් නම් ඒ ළමයින්ගෙ ළමයින්ගෙත් ජීවිත ඒ ගොල්ලො බදාගෙන... Remote control එක තියන් ඉන්නෙ ඒ අයගෙ අතේ.

10 comments:

  1. හරි අගේ ඇති කතාවක්, මමත් ඔපය අත් දැකීමම විදිනවා. අපේ පව තමයි.

    ReplyDelete
  2. මමත් මුලින් හිතුවේ ඔය විධියට..මල්ලී, උඹත් ටිකක් mature වෙනකොට, ඔයාටම දැනෙයි; අම්මලා කියපු එකේ වටිනකම....

    ReplyDelete
  3. සහතික ඇත්ත පිස්සා

    ReplyDelete
  4. කොහොමත් මධ්‍යම පන්තිය කියන්නේ අතරමැදි පන්තියක්, ඉහල නැඟීමේ ආශාවෙන් ඒ උවමනාව නිසාම ජීවිතයේ හැම දෙයක්ම ඒ කාරණය මත හිතල තීරණය කරන මානසිකත්වය යුතු, ඒ වෙනුවෙන් ම දිවා රෑ වෙහෙසවෙන සමාජ පන්තියක්.
    ඒ නිසාම තමාගේ අනිකා දිහා නිතරම සැකෙන් බලන, ඊර්ෂ්‍යා කරන, කුහක කම් කරන්න සිද්ධවෙන මිනිස්සු එයින් ඇතිවන මානසික ආතතිය නැති කර ගන්නේ ආගම දහම ගැන දැඩි හැඟීමක්, භක්තියක් තියෙන, තමන් ඉතාම යහපත් කියල අනුන්ට පෙන්නීම තුලින්.

    අනිත් එක අපේ තියෙන සමාජ-දේශපාලනික-ආර්ථික හැඩගැස්මත් එක්ක තමන්ට සැබෑ කරගන්න බැරි වුනු සිහින, තමන්ගේ ළමයි ලවා හරි ඉෂ්ඨ කර ගන්න උත්සහ කරන එක, තමන්ගේ ජීවිත කෙරෙහි අතෘප්තිමත්ව ඉන්න දෙමව්පියන් පෙළඹෙන එක එක අතකට පුදුමයකුත් නෙමෙයි.
    ඕනෑම දෙමව්පියෙක් කැමතියි තමන්ගේ දරුවා සාර්ථක ජීවිතයක් ගතකරන කෙනෙක් බවට පත්වෙනවා දකින්න. මේ අයගේ ඔලුවෙ තිවෙන සාර්ථක ජීවිතය වෙන්නේ දොස්තරකෙනෙක්, ඉංජිනේරුවෙක් හරි 'ඒ වගේ' සමාජ පිළිගැනීමක් තියෙන යහමින් මුදල් හදල් ඇති සීතල ජීවිතයක්. ඉතිං මේ දෙමව්පියො උත්සහ කරන්නේ තමන්ගේ ළමයි එතනට ගෙනයන්න මිසක් ඇත්තටම ජීවිතය කියන්නේ මොකද්ද කියල උගන්නන්න හරි, ජීවිතය විඳින හැටි උගන්නන්නවත් නෙමෙයි.

    මේ කුණු ගඳ ගහන සමාජ ක්‍රමය තුල සමස්ථයක් වශයෙන් සෑම ජීවියෙක්ම ඇත්තටම ජීවත්වෙන්නේ විඳවමින්, මැරි මැරි උපදිමින්. ඒ යථාර්ථය අමතක කරන්න පිහිටට එන්නේ රූපවාහිනියත්, ආගමත් තමයි.

    ReplyDelete
  5. මම වගේ කරල බලන්න...www.myresignation1'blogspot.com

    ReplyDelete
  6. ඕක හැබැයි හැමෝටම සාධාරණ දෙයක් නෙවෙයි. අපේ අම්මයි තාත්තායි දෙන්නාම රජයේ සේවකයෝ. ඒත් ඉතින් මම දන්නවා හොඳටම මට මේක කරන්න මේක කරන්න කියලා පීඩනය දෙන්නේ නැති වග නම්. හැබැයි ඕක පොදු කාරණයක් විදිහට සාධාරණයි :) හැබැයි අතලොස්සකට අසාධාරණයි ;)

    ReplyDelete
  7. Malli uba thaama mature wela madi....ubata thawa awurudu keepekin therei ammalage comments wala watinaakama

    ReplyDelete
  8. අලන්කාර කතාව.

    ඔය ගොඩේ අස්සෙම ඉන්නාවා තව කාන්ඩයක් ඔය ක්‍රමවේදයෙන්ම යහතින් යැපෙන. ඒ කියන්නේ ජීවිතේ දුක ගැන කියන, හැම තිස්සෙම ලමයින්ට දෙකට තුනට නැමිලා හැම වයසින් වැඩි කෙනාටම වදින්නයැයී තග දාන හාමුදුරුවරු නොවෙයී, "මල්ලි, ඔය ගොල්ලොත් වැඩිහිටියො උනහම ඔය දේවල් තේරෙයී"යැයී කියලා වැඩිහිටියො ඉදිරියේ ලකුනු දාගන්න හොද අයීයලායී.

    මධ්‍යම පන්තියටත් වඩා, ඉහල මධ්‍යම පන්තියේ ඔය කාරනා බොහෝම දරුනුයී. විශේශයෙන්ම සිංහල බෞධද ඉහල මධ්‍යම පන්තිය.

    ඒ කාරනා කාරනා කොහොම උනත්, මම හිතන්නෙ නැහැ ලෝකෙ බොහෝමයක් දෙනෙකුට මාටින් වික්‍රමසින්හ උන්දැට වගේ අලංකාර ලමා කාලයක් තියෙනවා කියලා. අත පය හතර හරියට හදලා තියෙනවානම්, දෙමයීපියන්ට වැරදී කියලා වැඩක් නැහැ අන්තිමට, දෙමයීපියන්ගේ කොතරම් වැරදි තිබුනත් තමනගේ අතේ තමයි සියලුමදේ රදා පවතින්නේ. අපේ දෙමාපියනුත් අපිවගේම, නැත්තම් අපිට වඩා තග දාල හදාපු පරම්පරාවක්නේ. අර කවියටත් කියන්නේ, වේ වැල් පාරවල් කාල හොදට හැදුනෙ නැත්තම්, උබලට පොල්කටු අරගෙන හිගන්නයී වෙන්නේ කියලා.

    ReplyDelete
  9. I think the cause of all this is that having children is a "necessity" in the sinhala-buddhist (and other conservative) lifestyles. Not a rational decision that two people make. Not a independent choice. It's a norm of society and therefore they must abide by it. Even if they don't really want to bring another human being into this world.

    It's a tragedy, but the children grow up having the same values and one day they will make slaves of their own. It's kind of like a campus rag thing if you look it in a way.

    ReplyDelete