2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත්වෙද්දි රටටම ‘සුභ අනාගතයක්’ ලබා දෙන්න පොරොන්දු වුණා. ඒ කියපු විදිහටම සියළුම සංවර්ධන වාර්තා වලට අනූව, ලංකාව අද ඉතාමත් ඉහල සංවර්ධනයක් ලබල තියෙනව. ඒත් ඒ සංවර්ධන වාර්තා වල දත්තයන්ගේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ලඟදි එක එක කතා පැතිරුණා. ඒ කොහෙම වුණත් මේ සංවර්ධනයේ මොකක් හරි හිඩසක් තියෙනවා කියල නම් මේ වෙනකොට සමහර මිනිස්සුන්ට තේරිල තියෙනවා. කොයි තරම් මිනිස්සුන්ට ඒ දේවල් තේරුණත් කටක් අරින්නෙ නැති විදිහට ඒ අයව නිශ්ශබ්ද කරල තියන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන්. එහෙම බලනකොට මේ ආණ්ඩුව ඇත්තටම හරිම දක්ෂ ආණ්ඩුවක් කියල තමයි කියන්න වෙන්නෙ. මොකද ඇත්තටම විපක්ෂය ආණ්ඩු පක්ෂය වෙලා ඉන්න කාලෙ ලංකාවට කැසිනෝ ගේන්න ගියා නම් හරි, මේ විදිහට පවුල් බලයක් ගොඩනැගෙන්න ගත්තනම් හරි, මිනිස්සු අතුරුදහන් වෙන්නයි ඝාතනය වෙන්නයි ගත්තනම් හරි, බඩු මිල වැඩි වෙන්න ගත්තනම් හරි මිනිස්සු කුලප්පු වෙලා උද්ඝෝෂණ කරල සෑහෙන්න වික‍්‍රම පානවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ අද වෙද්දි මොන දේ වුණත් ප‍්‍රශ්ණයක් නැති ගාණට මිනිස්සු අඳ, ගොළු, බිහිරි වගේ තත්ත්වෙකට පත්වෙල ඉන්න එක. මම හිතන්නෙ එහෙම වෙන්නෙ, ගොඩක් මිනිස්සු කියන විදිහට කන්න නැති වුණත් රට, ජාතිය බේරගෙන කිසිම බයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන් වෙන්න යුද්ධෙ ඉවර කරපු නිසා වෙන්න ඇති. ඒ වගේ හිතන මිනිස්සු ඉන්න රටකට නම් ආර්ථිකය ගැනවත්, දේශපාලනය ගැනවත් කිසි දෙයක් කියල වැඩක් නෑ. මොකද මිනිස්සුන්ට ඒ දේවල් ඇහෙන්නෙ නෑ කියල මේ වෙද්දි හොඳටම පැහැදිලියි.
මේ වෙනකොට ගාලූ පාරයි, හොරණ පාරයි දෙකම කාපට් කරල හදනවා. ඒකෙ තියෙන ආශ්චර්යය කියන්නෙ මිනිස්සුන්ට පැයකින් යන්න තියෙන ගමනට දැන් පැය 2-3ක් විතර යනවා. ඒත් මිනිස්සු නම් මුකුත්ම කියන්නෙ නෑ. මොකද ඒක හැදුවට පස්සෙ පාරවල් ලස්සන වෙලා රට දියුණු වෙනව කියල ආණ්ඩුවෙන් පෙන්නල දීල තියෙනවනෙ. අනේ ඒ නිසා වැඩ ඉවර වෙලා පැයෙන් ගෙදර යන මනුස්සයා පැය 2-3ක් විතර පරක්කු වෙලා යනවා. මටත් ගිනි රස්නෙ පිච්චි පිච්චි බස් එකේ එද්දි සුභ අනාගතයක පෙරනිමිති වගේම ආශ්චර්යයේ අසිරියත් හොඳටම පේන්න පටන් ගත්ත. නගර අලංකරණය කියල විහාරමහාදේවි එකේ තියෙන අවුරුදු ගාණක් පරණ ගස් කපල ගිනි ගහන අව්වෙ ළමා සෙල්ලම් පිට්ටනියක් හදලා. මේ හැම ව්‍යාපෘතියකින්ම කොයි තරම් මුදල් ප‍්‍රමාණයක් නාස්ති වෙනවද, ඒවට කොයි තරම් කොමිස් දෙනවද.. මේ දේවල් මිනිස්සු දන්නවා ඒත් ඒ දේවල් ලංකාවේ මිනිස්සුන්ට අදාල නෑ. ‘හැම ආණ්ඩුවක්ම එහෙම තමයි’ කියල ඒක සාධාරණීකරණය කරගන්නවා. මේ වගේ සැලසුම් වලින් රට දියුණු වෙනව කියල හිතන්න තරම් මිනිස්සු පටු වුණේ කොහොමද කියල මට තේරුම් ගන්න අමාරුයි.
ජේ.වී.පී එකෙන්වත් යූ.එන්.පී එකෙන්වත් මොන තරම් දේවල් ගෙනත් පෙන්නුවත්, කොයි තරම් කෑ ගැහුවත් ඒ කිසිම දෙයක් මේ මිනිස්සුන්ට දැන් ඇහෙන්නෙ නෑ. මොකද ඒ හැමදෙයක්ම යටගහන්න පුළුවන් විදිහට මිනිස්සුන්ගෙ ජාති ආලය උඩට උස්සුල තියෙන්නෙ. ඒ නිසා මානව හිමිකමුයි, ඇමරිකාවයි, NGO යි විකුණ විකුණ මේ ආණ්ඩුව ඒ අයගේ සුභ සිද්ධිය හදාගන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි, මාර්තු වල එන ජිනීවා සමුළුවෙදි ‘ලංකාව විනාශ කරන්න එන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වලට ඉඩ දෙන්න එපා’ කියල කෑගහල, සමහර අය නොකා නොබී උද්ඝෝෂණ එහෙමත් කරල කොහොමහරි බස්නාහිර ඡුන්දෙදි මිනිස්සුන්ගෙන් ඡුන්දෙ කඩාගන්න හදන එක. ඒක තව ටිකක් හොඳින් කරගන්න අපේ ජනාධිපතිතුමා ඉඳල හිටලා ගිහිල්ල පොඩි එකෙක්ව වඩාගෙන, වයසක ආච්චි කෙනෙක්ගේ ඔළුව අතගාලා එනවා. ඒ හින්ද අපේ රටේ මිනිස්සුන්ට ජනාධිපතිව දැනෙන්නෙ අපේ කෙනෙක් විදිහට. ගමේ මිනිහට ඒක තව ටිකක් ළංවෙලා ගමේ කෙනෙක් විදිහට දැනෙනවා. ඒ දැනෙන විදිහ නිසාම කොයි තරම් ප‍්‍රශ්ණ තිබුණත් ඇස් දෙක වහගෙන ගිහින් ‘අපේ නායකයට’ ඡුන්දෙ ගහල එනවා. ඒ මිනිස්සුම ඊට පස්සෙ හිතනව, ආණ්ඩුව වැරදි කරන්නෙ ශක්තිමත් විපක්ෂයක් නැති නිසා ඒ හින්ද එයාලට තියෙන ප‍්‍රශ්ණ විසඳන එක සිවිල් සංවිධාන වල හරි විපක්ෂෙ හරි වගකීමක් කියල. ඉතින් ඒ චින්තනය වෙනස් වෙනකල් මේ තියෙන අර්බුධ ඒ විදිහටම හරි තව ටිකක් වැඩි වෙලා හරි ඉස්සරහට ඒවි.
ඒ මොනා වුණත් මේ ආණ්ඩුුවට පාරවල් හැදීම ගැනයි, මිනිස්සුන්ට ඇන්දවීම ගැනයි සෑහෙන්න හොඳ පලපුරුද්දක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳට ඇඞ්වර්ටයිසිනුයි, මාර්කටිනුයි පාවිච්චි කරන්නත් දන්නවා. ඒ නිසා වැඩි වැඩියෙන් පාරවල් හැදෙන, ලොකු ලොකු අයට වැඩි වැඩියෙන් කොමිස් ලැබෙන ආශ්චර්යමත් රටක් ලැබීම පිළිබඳව කිසිම ගැටළුවක් නැතුවම ලංකාවාසී සියල්ලන්ම ඉත සිතින් සතුටු වනු නොඅනුමානය.
Monday, January 13, 2014
Wednesday, September 7, 2011
බුදුනුත් නොදන්න බුද්දාගම
මගේ යාළුවෙක්ට අද e-mail වගයක් හම්බවුණා. ඒක එවල තිබුණෙ ඊමේල් ශී‍්‍ර ලංකා කියල group එකකින්. ඒ කියන්නෙ අපි නියම සිංහල කියල හිතං ඉන්න ගොඩක් අය ඒ වගේ group වලට set වෙනව. මොකද ඒ වගේ අයට සිංහලකම පොඞ්ඩක් උස්සල කිව්වම ඕන දේකට set කරගන්න ලේසියි.ඒ නිසා ඒ වගේ group run කරන්න ඒ තරම් අමාරුවක් නෑ. ගොඩක් වෙලාවට වෙන රටවල ඉන්න ලංකාවෙ මිනිස්සුට සිංහලකමේ අමාරුව වැඩියි. ඒ ප්සක එකේ තිබුණෙ මුස්ලිම් අයයි, කි‍්‍රස්තියන් අයයි එකතු වෙලා බුද්ධාගම නැති කරන්න යනව කියල. ඒ නිසා ඒකට විරුද්ධව නැගී සිටින්න එකතු වෙන්න කියල. මම හොදටම දන්නව දිගට දිගට ඔය වගේ mail ටිකක් ආවම ලංකාවේ මෝඩ සිංහල ජනතාව ගිහින් මුස්ලිම් කි‍්‍රස්තියානි මිනිස්සුන්ට ගහනව කියල. පොලූ උස්සන් යන එක ලංකාවේ මිනිස්සුන්ගෙ අනන්‍යතාවය කියල අපි දන්නවනෙ. ඒ mail වල තිබුණ පල්ලියක් ඉස්සරහ සදකඩපහන දාපු photo එකකුයි,තව ඒ පල්ලියේ ඇතුල්වෙන තැන මකර තොරණ ගහපු එකකුයි, කතෝලික ආගම අනුරාධපුර, පොළොන්නරු කාලෙ ඉදන් තිබුණ කියලයි ඔන්න ඔය වගේ ඒව ටිකක්. දැන් ඒක නිසා බුද්ධාගම නැතිවෙනව නම් ඉතින් ඒවගේ ආගමක් තිබිල වැඩක් නෑනෙ ඇත්තටම.
තව ඒකෙ එවල තිබුණ මුස්ලිම් අය බුද්ධාගමේ දීඝවාපී එකයි තව පූජස්ථානයි මුස්ලිම් පල්ලි වලට අරං ඒවා විනාශ කරනවලූ. ඇත්තටම මේ සිංහල ජනතාවට වැඩ නැති නිසා හොදයි ඔය වගේ ඒවට උඩ පනින්න. ඒක නිසා තමයි මේ වගේ රටවල් හැමදාම එකම තැන තියෙන්නෙ. ඇත්තටම නම් ඒ වගේ mail මට joke එකක්. මොකද සදකඩපහන, මකර තොරණ වගේ ඒව ඒ ඉස්සර තිබුණ ගෘහ නිර්මාණෙ දියුණුව පෙන්වන සාදක මිසක් බුද්ධාගමේ දායාදයක් නෙමෙයි. ඉතිහාසෙ ටිකක් හරි දන්න අය ඒක දන්නව. ඉතින් ඕන කෙනෙක්ට ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්.
මුලින්ම ඔය සිංහලයො කියන අය එකතු වෙලා තමයි අපෝ දෙමළ උන් අපේ රට අල්ල ගන්න යනව, මේක අපේ රට මේක බෙදන්න දෙන්න බෑ කියල උන්ව මරන්න ඕනි කියල කෑ ගැහුවෙ. දැන් ඒක කොහොම හරි ඉවර කරගත්ත. ඒත් දැන් ආපහු ඉන්න බෑ. මොකද ඒ ආතල් එක ඉවරයිනෙ. දැන් අලූත් එකක් ඕනි. මොකක් හරි මහා බුද්ධාගම්කාරයො ටිකම තමයි මිනිස්සුන්ව මරන්න ඕනි කිය කිය උඩ පැන්නෙ. ඉතින් ඒ ජනතාවට හරියනම ගැලවුම්කාරය ජනාධිපති බවට පත්වුණා. සිංහලයන්ගෙ ආතල් එකට දෙමළ මිනිස්සු ලක්ෂ ගාණක් මැරුණ. මට මතකයි ඒ දවස් වල පන්සල් වල බණ ඉවර වෙල හාමුදුරුවොත් කියන්නෙ LTTE එකේ උන් නැතිවෙලා ගිහින් හමුදාවට ජය හම්බවෙන්න ඕනි කියල. මිනිස්සු ලක්ෂ ගණන් මෝටාර් වැදිල මැරෙනකොට මේ බුද්ධ රාජ්‍යයෙ මිනිස්සුන්ගෙ ඇස් කණ් වැහිල තිබුණෙ. කිසිම මිනිහෙක් හිටියෙ නෑ වචනයක් කතා කරන්න. ඒ කාලෙදි බුද්ධාගම තිබුණ් නෑ. හරියට දෙමළ මිනිස්සුන්ව මැරුවට කමක් නෑ කියල බුදුහාමුදුරුවො කියල තියනව වගේ.
ඉතින් කොහොම හරි මිනිස්සු ලක්ෂ ගානින් මරල යුද්ධෙ ඉවර කරගත්ත. ඒ කාලෙ යුද්ධෙ upset කියන හැම මිනිහම දේශද්‍රෝහියො වෙල තිබුණෙ. දේශපේ‍්‍රමියො ටික ඔක්කොම මිනිස්සු මැරෙනවට support. සිංහල කියන්නෙ ලංකාවේ මහා ජාතිය නිසා කොහොමත් අනිත් ජාතීන්ට ඒ තරම් හයියක් ඉතුරු වෙන් නෑ. කොහොම හරි දැන් සිංහලයන්ට වැඩ ඉවර නිසා මොකක් හරි අළුත් game එකක් පටන් ගන්න ඕනි නැත්තම් කිසි ගතියක් නෑ වගේ.
තව ටික දවසකින් පටන් ගන්නව දැන් මුස්ලිම් උන් රට අල්ලන්න එන්නෙ ඒ නිසා උන්ව මරන්න ඕනි කියල. ඒක ලංකාවෙ මිනිස්සුන්ගෙ සංස්කෘතිය. මොකක් හරි විදිහකට අනිත් මිනිහත් එක්ක පැටලෙනව තරම් ගතියක් නෑ. ඒක ඉඩම් අවුල් වල ඉදන්ම එනව. මට තේරෙන් නෑ ඒක සිංහලකමේ හැටියක්ද කියල. මොකක් වුණත් ලංකාවෙ බඩු මිල ගැනවත් කෑ ගහන් නැති මිනිස්සු මේ වගේ ඒවට නම් උඩ පැනගෙන එන්නෙ. ඉතින් මේ වගේ මිනිස්සු ඉන්න රටක මහින්ද ජනාධිපති වෙන් නැතුව වෙන කවුරු ජනාධිපති වෙන්නද. ලංකාවෙ මිනිස්සු කි‍්‍රස්තියානි මිනිස්සු බුද්ධාගමේ අයව ආගමට ගන්නව කියල කෑ ගැහුවට ඒ අයට මතක නෑ ඉංග‍්‍රීසිකාරයො ටික නැත්තම් ලංකාවෙ පාරවල් ටිකවත් නෑ කියල. මෙහෙම කෑ ගහන්ව ඇරෙන්න මෙහෙ මිනිස්සුන්ට කිසි දෙයක් හිතල කරන්න බෑ. ඒ නිසා ලංකාවෙ කිසිම නිෂ්පාදනයක් නම් වෙන් නෑ. ටික ටික නැතිවෙමින් යනව මිසක්.
මම දන්නෙ මේකයි, මහින්දට තව ඡුන්දයක් දිනන්න chance එක තියනව. කලින් theory එකමයි පාවිච්චි කරන්න තියෙන්නෙ. දෙමළ වෙනුවට මුස්ලිම් කියල ඒ බලවේගය තුරන් කරන්නට එක්වෙමු කියපු ගමන් කට්ටියම ආපහු ලස්සනට පෝලිමේ ගිහින් කතිරෙ ගහල එනව. ලංකාවෙ මිනිස්සු එකම මෝඩ කම නැවත නැවත කරන ජාතියක්.
Friday, September 2, 2011
ග්‍රීස් යක්කු
ලංකාවේ හැමතැනම යක්කුයි භූතයොයි පෙරේතයොයි වැහිවැහැල. ඒ හැම දෙයක්ම මේ කාලෙ trend එක වෙලා. ඒ කියන්නෙ පත්තර වලට tv වලට මාර fun මේ වගේ news දාන එක. මොකද ඒ වගේ ඒවා අහන්නම ඉන්න මිනිස්සු වගයක් දැන් ලංකාවේ ඉන්නවා. , බදුල්ලෙත් එකෙක් අල්ලලා, අම්පාරෙනුත් තව එකෙක් අල්ලලා, දැන් ලංකාවේ මිනිස්සු කතා කරන්නෙ ඒ වගේ ඒවා.
මුලින්ම මං ඔය භූත news එක දැක්කෙ මොණරාගල මුළු ගමටම භූතයෙක් වැහෙන එක. මේ යක්කුයි භූතයොයි ඔක්කොම වැහෙන්නෙ ගෑණු කට්ටියට. එ් මොණරාගල භූතයවත් අර ස්වර්ණවාහිණියෙ news කියල ඕප දූප උස්සල තියන live@8 වලින් හොදට උස්සල තිබ්බ. ඒ ගෑණු පිරිමි අයගෙ ඇගට පැනල ලේ බොනවලූ. හූරනවලූ. වැඬේ කියන්නෙ එක්කෙනෙක්ට දෙන්නෙක්ට නෙමෙයි මුළු ගමේම ඉන්න ගෑණු අයට භූත දෝෂයක් කිව්වම එ්ක ටිකක් දරුණු තත්වයක්නෙ. ලංකාවෙ ඉන්න මිනිස්සුන්ගෙ මානසික අවුල් ටික ඒ වගේ දේවල් වලින් අහු වෙනවා. ඒ වගේ භූතයො වැහෙන රටක කොහොමද දේශපාලනික හරි ආර්ථික හරි දියුණුවක් හැදෙන්නෙ. භූතයො එලවන්න තොවිල් නටනව ඇරෙන්න වෙන දෙයක් ගැන බලන්න වෙලාවක් නැහැ. රට ආපහු පරණ ගල් යුගයට පහු බහිමිින් ඉන්නෙ මේ වෙද්දි. සංස්කෘතිය ගැන උඩ පනින ලංකාව ඒකත් එක්කම නැති වෙලා යනව මිසක් වෙනස් විදිහකට ලෝකෙ ගැන හිතන්නවත් මිනිහෙක්ට පුළුවන් වෙන් නෑ.
මොණරාගල භූතයට කලින් ආව ආච්චිලව දූෂණය කරල මරණ භූතයෙක්. රත්නපුර පැතතෙන් තමයි එ්ක පටන් ගත්තෙ. එ්ක දිගට ගිහින් හැමතැනම ආච්චිල දූෂණය වෙන්නයි මැරෙන්නයි පටන් ගත්ත.එ් විදිහට එක පාරට එන භූතයො එක පාරටම නැතිවෙලත් යනව.ඉතින් මේ වෙන්නෙ මිනිස්සුන්ගෙ ඔළු ඇතුලෙ හිරවෙලා තියන pressure එක එළියට පනින එක නේද. මිනිස්සු මේ විදිහට ඒ pressure එක එළියට දාගන්න විදිහක් හොය හොය ඉබාගාතෙ යනව. මොකද ලංකාවේ යුද්ධෙ ඉවර වුණා කියල කිසි දෙයක් වෙනස් වුණෙ නෑ. ඒ වෙනුවට දරාගන්න බැරි හිස්කමක් ලංකාවට හම්බ වුණා.කිසිම දෙයක් වෙන් නෑ වගේ තියන මූසලකම එක්ක මිනිස්සු නන්නත්තාර වුණා. මිනිස්සුන්ගෙ ඔළු මොකක්ද වෙන්නෙ මොකක්ද කරන්න ඕනි කියල හිතාගන්න බැරුව දෝලනය වෙන්න අරගෙන. මහින්ද මේක තමයි අපේ ජයග‍්‍රහණය කියල කිව්වට මිනිස්සු මානසික ලෙඞ්ඩු වෙන ගානට රට කාලකණ්ණි වෙල.මිනිස්සුන්ට ඕනි මොකක් හරි event එකක්.ඒකට යක්කු ද භූතයො ද කියල ප‍්‍රශ්ණයක් නෑ. මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන වෙන්න තරම් දෙයක් ලංකාවෙ නෑ. රටේම තියෙන්නෙ පතුල පේන හිස්කමක් විතරයි. දේශපාලනය කියලවත් ආර්ථිකය කියලවත් දෙයක් දැන් ලංකාවෙ නෑ. ඒ නිසා මිනිස්සු උදේ ඉදන් ? වෙනකන් කරන්නෙ Buddhist channel එක ඉස්සරහ ඉදගෙන නිවනට යන්න පාර හොයන එක.
දැන් ලංකාවෙ අලූතින්ම තියෙන්නෙ ගී‍්‍රස් යක්කුන්ගෙ කතාව. මිනිස්සු එ්කෙන් තමයි මේ දවස් වල kik එකක් ගන්නෙ. මොකද ඒකත් එක්ක කතා ගොඩක් ගෙතිල තියනව. ඒක ආණ්ඩුනේ කරන වැඩක් කියල තමයි ගොඩක් මිිනිස්සු කියන්නෙ. ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද මිනිස්සුන්ව භය කරල තියාගත්තෙ නැත්තම් රටේ පාලනය මහින්දට ඕනි විදිහට කරන්න හම්බවෙන් නෑ. මිනිස්සු කෑ ගහල ආණ්ඩුව පෙරලන්න විදිහක් හොයනව. ඒ නිසා හැමවෙලේම මිනිස්සුන්ට භීතියක් දීල තියාගන්න වෙනව. ඒක මහින්ද දැනගෙන කරන්නෙ. රටේ ඒ වගේ අවුල් තියෙද්දි මිනිස්සු බඩු මිල ඉහල නගින එකට කෑ ගහන්න එන් නෑ. සිමෙන්ති ප‍්‍රශ්ණෙ ගැනවත් ජොන්ස්ටන් පොල් ගෙඩි ලක්ෂයක් මුහුදට දාපු එක ගැනවත් කෑ ගහන්න කවුරුත් එන් නෑ. ඒකයි ආණ්ඩුවට වෙන්න ඕනිත්. මේ වෙද්දි ලංකාවෙ තියෙන්නෙ ජනතාවක් නැති ආණ්ඩුවක් විතරක් නිසා මිනිස්සුන්ට හෙණ ගැහුවත් හැරිල බලන්න කවුරුත් එන් නෑ.

Subscribe to:
Posts (Atom)