Saturday, November 14, 2009

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි

ලංකාවෙ ඉන්න සීලවන්ත හාමුදුරුවො ටික ආපහු වික්‍රමයක් කරල. ඇත්තටම හාමුදුරුවන්ට තියෙන අයිතිය මොකක්ද වෙන ආගමකට අයිති දේවල් වලට හානි කරන්න..බුද්ධාගම ලංකාවෙ ප්‍රධාන ආගම වෙන්න පුළුවන් ඒත් එහෙම වුණා කියල ඇගේ පතේ හිරි ඇරගන්න පල්ලි වලට ගහන්න තරම් බලයක් එයාලට හම්බ වෙලා නෑ. අඩුම තරමින් අනිත් ආගමකට ගරු කරන්න තරම් වත් සංයමයක් නැති හාමුදුරුවරු කොහොමද ආගමික වෙන්නෙ.. ඇත්තටම දැන් මට අහන්න තියෙන්නෙ ෙමි වගේ ගොං වැඩ කරන ජාතියකට ඇයි අපි තවත් ගරු කරන්නෙ. ඇයි තවත් පන්සල් ගානෙ ගිහින් විමුක්තිය හොයන්නෙ.

ක්‍රිස්තියානිකාරයො බුද්ධාගමේ මිනිස්සුන්ව ආගමට හරව ගන්නව කියල එක කාලෙකට කෑ ගහනව. ඔව් ඉතින් මිනිස්සු කන්න අඳින්න නැතුව ඉන්නකොට හාමුදුරුවො ගිහින් ඒ මිනිස්සු ගැන බැලූවෙ නෑනෙ. අනිත් එක තමන් කැමති ආගමක් අදහන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනව සහ ආගමි ප්‍රචාරය කිරීමේ අයිතියත් මානව හිමිකම් වල තියෙනව. අනිත් අතට මිහිදු හාමුදුරැවෝ ලංකාවට ඇවිත් කළෙත් එයාගෙ ආගම ප්‍රචාරය කරන එකනේ..

අල්පේච්ඡතාවෙ ගැන උඩ දාගෙන කියෙව්වට එහෙම දෙයක් තියෙනව කියල කටිටියට එක පාරට අමතක වෙනව. පන්සලේ මොකක් හරි අලූතෙන් අටව ගන්නයි තව මොනව හරි සල්ලි ටිකක් හොයාගන්න විදිහකුයි හම්බ වුණොත් නිවන හම්බවෙනව කියල ඒ අය හිතන් ඉන්නෙ. මම නම් දැකල තියන ගොඩක් හාමුදුරුවො මේ විදිහට තමයි ජීවත් වෙන්නෙ. මිනිස්සුන්ට අනිත්‍යතාව ගැන දේශනා කලාට හාමුදුරුවො ඒ ගැන හිතල වැඩ කරනව දකින්න හම්බවෙනව ගොඩක් අඩුයිනෙ. මොකද එහෙම හිතනව නම් මේ විදිහට ගිහින් පල්ලි ගිනි තියල එන්නෙ නැහැනෙ.

හරි ලෙඩ සුව කරන්න ගිහින් ගෑණු දෙන්නෙක් මැරුණ. ඒත් ඒක විතරමද ලංකාවෙ වෙච්ච අහඹු මරණ. ඇයි මේ ටික දවසට ඉන්ජක්ෂන් වැරදිල කී දෙනෙක් මැරුණද.. ඇයි ගිහින් ඉස්පිරිතාල කුඩු කරන් නැත්තෙ. මොන දේ වුණත් හිතෙන හිතෙන විදිහට ගිහිින් අනිත් ආගම් වලට බලපෑම් කරන්න තරම් හයියක් පන්සලට නැහැ. මොකද හාමුදුරුවො යැපෙන්නෙ මිනිස්සු දෙන දානෙන්. ඒ දානෙ නැවැත්තුවොත් පන්සලට වෙලා ආතල් එකේ ඉන්න හම්බවෙන් නෑ ගිහින් රස්සාවක් කරන් හොයාගෙන කන්න වෙනව. දැන් ප්‍රශ්නෙ කන්න නිකන් හම්බවෙද්දි නිකන් ඉන්න අමාරුයිනෙ ඒ නිසා පොඩ්ඩක් ගිහින් ඔය වගේ මොකක් හරි සද්දයක් දාල attention එක ගන්න බලනව. ඡන්දෙ ඉල්ලලත් හරියට වැඩේ set කරගන්න හම්බවුණේ නෑනෙ. එල්ලාවල කියනව මොකක් නැති වුණත් අපිට අභිමානෙ තියෙනවලූ. කොහෙද දන් නෑ ඒක තියෙන්නෙ. මට වෙලාවකට හිතෙනව ඇයි මේ තරම්ම මෝඩ කතා කියන්නෙ කියල.

මම නම් ගොඩක් කැමතියි මේ රට ක්‍රිස්තියානි රටක් වුණා නම්. මොකද එහෙනම් මීට වඩා ගොඩක් ඉස්සරහට ගිහින්. මීට වඩා වැඩක් කරන්න පුළුවන් මීට වඩා මොලේ තියෙන මිනිස්සු බිහිවෙලා.



Friday, October 30, 2009

මගේ වැරැද්දද... රටේ වැරැද්දද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණෙයි මහ මැතිවරණෙයි දෙක ම එකට තියන්න යනවලූ.මිනිස්සු කියනව සරත් පොන්සේකා එක්සත් ජාතික පක්ෂෙ පොදු අපේක්ෂකය කරන්න හදනවලූ. ඇයි දන් නෑ ඒ කිසි දෙයක් ඒ තරම් මගේ ඇගට දැනෙන් නෑ. මේ රටේ කිසි දෙයක් වෙන්නෙ නෑ කියන එක විතරයි මට දැනෙන්නෙ.

මට පොඩි කාලෙදි මගේ යාළුවො කිව්ව මං ඉන්නෙ හීන ලෝකෙක කියල. මට ඒ කාලෙදි තේරුන් නෑ මොකක්ද එයාල කියන්නෙ කියල. ඇත්තටම නම් තේරුම් ගන්න ඕනකමක් තිබුණෙත් නෑ. ඒත් හැබැයි මට දැන් තේරෙන විදිහට නම් ඒ කාලෙදිත් ඒ අය දැනගෙන හිටිය මේ රටට හරියන විදිහට ජීවත් වෙන්න.මං හිතන විදිහට මේ රටේ ජීවත් වෙන්න අමාරුයි කියල මට තේරුන් නැති වුණාට මගේ වයසෙ හිටපු අනිත් අයට ඒක තේරිල තිබුණා. මං නිදහස කියන වචනෙත් එක්ක ජීවිතෙ දිහා බලන්න පුරුදු වෙල තිබුණෙ. මං ආස කලේ ඒ විදිහට ජීවත් වෙන්න. ඒ කාලෙදි මං හිතුවෙ මං ජිවත් වෙන විදිහ හරි කියල. කොයි වෙලාවකවත් මට තේරුණේ නෑ මට කොතන හරි වැරදිල කියල.

දැන් මට සමහර දේවල් තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒව හරිමද කියල නම් මං තාම දන්නෙ නෑ. ඒත් මට හිතෙන විදිහට නම් මගේ වයසෙ ඉන්න අනිත් අයට විඳින්න හම්බ වුණ ලෝකෙයි මට හම්බුණ ලෝකෙයි ගොඩක් වෙනස්. මට ඕන වුණෙ වෙනස් විදිහට දේවල් දකින්න. ඒත් සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම අයින් කරල රැඩිකල් විදිහට ඉන්න තරම් හයියක් මට තිබුණෙත් නෑ. එි නිසා හැමවෙලේම සම්ප්‍රදායයි රැඩිකල් ලෝකෙයි මැද්දෙ තමයි මට ඉන්න සිද්ධ වුණෙ. එතකොට මට සාම්ප්‍රදායික ගැහැණු සමාජෙ කොටසකුයි රුඩිකල් සමාජෙ කොටසකුයි miss වෙනව. මට රැඩිකල් වෙන්න බෑ මං පවුලක් ඇතුලෙ ජීවත් වෙන නිසා. මට සාමිප්‍රදාමික ගැහැණියෙක් වෙන්න බෑ ඒක හරි ගොං කියල දැනෙන නිසා. සාම්ප්‍රදායික සමාජයක් ඇතුලෙදි ගැහැණියෙක්ට තියෙන්නෙ කොහොම හරි මිනිහෙක්ව කසාද බැඳගෙන ළමයෙක් හදාගෙන තමන්ගෙ ජීවිතේ ළමයා බවට පත් කරගෙන ජීවත් වෙන්න. එතනින් එයාලගෙ ජීවිතේ ඉවර වෙනව.

හ්ම්ම්.... දැන් මට ජීවිතේ ගැන වගකීමකින් හිතන්න වෙලා. ඉස්සර නම් ඇත්තටම කිසිම වෙලාවක මට මේ වගේ දේවල හිතුණෙ නෑ. ඉතිං..මට ආපහු හැරිල සාම්ප්‍රදායික වෙන්න නම් අමාරුයි. දැන් රට ඉස්සරට වඩා සංස්කෘතික වේගෙන එන නිසා රැඩිකල් වෙලා ජීවත් වෙන්න පුළුවන් කියලත් මං හිතන්නෙ නෑ. ඒ නිසා සමහර විට මං දැකපු ජීවිතේට යන පාර මගින් නවත්තන්න වේවි... අකමැත්තෙන් වුණත්...

Saturday, October 24, 2009

හීනයක්...

මේ වෙද්දි මිනිස්සුන්ගේ ජීවිත වල හීන කියල දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ හැමදෙයක්ම දියාරු වෙලා ගිහින්. ඇයි එහෙම වුණේ කියන එකට මිනිස්සුන්ට කියන්න ගොඩක් හේතු තියෙනව. සමහර අය කියනට ඒක මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් නෙමෙයි සමාජෙ තියන ප්‍රශ්නයක් කියල තවත් අය කියනව එහෙම වෙන්න හේතූව political හරි economical හරි ප්‍රශ්න නිසා කියල. ඔව් මම පිළිගන්නව ඒ හැම දේම ඒකට බලපානව ඒත් ඒ හින්දම විතරක් නෙමෙයි මිනිස්සුන්ට හීන නැති වෙල තියෙන්නෙ. ඇත්තටම කියනව නම් මට දැනෙන විදිහට මේ මිනිස්සු හීන කියල දෙයක් දන්නෙ නෑ. ඉතින් එහෙම දෙයක් ගැන දන් නැතූව කොහොමද හීනයක් හදන්නෙ.

දැන් මිනිස්සු ඔක්කොම ජීවත් වෙන්නෙ පොළවෙනෙ. පොළවෙ ඉන්නකම් මිනිස්සුන්ට හීන පේන්නෙ නෑ තමයි. පොළවෙ ඉද්දි දැනෙන කඨෝරකම විතරයි එතකොට හම්බවෙන්නෙ. පේන්නෙ නැද්ද එළියට බැස්සම හම්බවෙන මිනිස්සුන්ගේ මූණවල් වල හැටි. මැරෙන්න ඔන්න මෙන්න වගේ. ජීවත් වෙනව කියල කිසිම රහක් ඒ ජීවිත වල නෑ. මට ඒ වගේ මිනිස්සුන්ගෙන් අහන්න තියෙන්නෙ ඇයි ජීවත් වෙන්නෙ කියල විතරයි. ඒත් මොකක් හරි අහේතූවකට දැන් ඉන්නෙ එහෙම මිනිස්සු විතරයි. ඒ නිසා ඛෙදාගන්න දෙයක් නැති වුණත් අකමැත්තෙන් හරි හරි මිනිස්සු එක්ක ජීවත් වෙන්න වෙනව.

මේ පොළවෙ ඉන්නව කියන මිනිස්සුන්ටත් හීන වගයක් තියෙනව. ඒ තමයි එහා පැත්තෙ ඉන්න මිනිහට පේන්න ඊට වඩා ලොකූ ගෙයක් හදන එක. අනිත් එකාට වඩා හොඳ වාහනයක් ගන්න එක. තව ඇහුවොත් තවත් කියාවි...ආහ්..ඒ ටික ඉවර වුණාම එන්නෙ ළමයව හදන එක..ඇත්තට කොයි තරම් දුප්පත් thinking style එකක්ද.. කිසිම දවසක වෙන රටක මිනිහෙක්ට හිතෙන් නැති පහළම තියෙන thinking style එකක්.. ඇත්තටම ඇයි දන් නෑ දෙවියො මවද්දි ලංකාවෙ මිනිස්සුන්ව මේ තරම්ම ගොං කලේ. කිසිම දෙයක් ගැන ටිකක් වෙනස් විදිහට බලන්න කිසිමම ඕනකමක් මේ රටේ මිනිස්සුන්ට කවදාවත් එන එකක් නෑ. අර වගේ පල් වෙච්ච හීන එක්ක ඉඳල එහෙම්මම මැරිල යාවි.. එක අතකට ඒක හොඳයි මොකද මේ රට මෙතනින් ඉවර වේවිනෙ.. නැත්තම් මේ රටේ කාගෙ හරි ජෘනෙකින් හැදුනොත් ආපහු මෝඩ පරම්පරාවක් හැදෙන්න ඉඩ තියෙනවනෙ.

මොනා වුණත් මම මගේ හිත හදාගන්න ඕන නිසා හරි විශ්වාස කරනව පොඩි හරි හීනයක් ඉතූරු වෙල තියෙන මිනිස්සු ටික දෙනෙක් හරි තාම ලංකාවෙ ජීවත් වෙනව කියල.. නැත්තම් මට මං ගැනම ප්‍රශ්නයක් එනව මේ වගේ මිනිස්සු ගොඩක් මැද්දෙ මං ජීවත් වෙන්නෙ ඇයි කියල...

Wednesday, August 12, 2009

හිරුට හොරෙන් – සඳුට හොරෙන්...

මට සමහර දේවල් තේරෙන්න පටන් අරන් තියෙන්නෙ දැන්... එහෙම නැත්තම් දැන් මට පිස්සු හැදීගෙන එනවද දන්නෙත් නෑ. මොනා වුණත් මට තේරෙන්නෙ මේ ලෝකෙ මිනිස්සු එකිනෙකාව රවට්ට ගනිමින් ජීවත් වෙනව වගෙයි. හැමතැනම තියෙන්නෙ රැුවටීමක් විතරයි.

දෙමව්පියො ළමයින්ට කියනව එයාල කිසිම දෙයක් ආපහු බලාපොරොත්තු වෙන් නැතුව ළමයින්ට හැම දෙයක්ම කරනව කියල. ඒත් ඒ කතාව කොයි තරම් බොරුවක්ද.. එයාල අවිඥානික ව හරි හිතනව ළමයි ලොකු වෙල එයාලට සලකයි කියල. සලකන එක යුතුකමක් තමයි. ඒත් ඇයි මිනිස්සු තමන්ට ඇත්තට ඕන දේ හංගගෙන කතා කරන්නෙ. තමන් ළමයින්ගෙන දෙයක් බලාපොරොත්තු වෙනව කියල ඇයි කියන් නැත්තෙ.. මට තියන ප‍්‍රශ්නෙ ඒකයි.

ආදරේ ගමුකො.. ඒක තනිකරම වංචාවක්.. කිසිම අප්පිරියාවක් නැතුව ඒ වංචාව දිගටම අරගෙන යන්න ඒ අයට පුළුවන්. දෙන්නට දෙන්න බොරු ගොඩක් කිය කිය ‘ආදරේ මේක තමයි’ වගේ ඉන්නව. මං දන් නෑ අපි මේ බොරුවක් කරමින් ඉන්නෙ කියල ඒ අය දන්නවද කියල. එහෙම දන්නව නම් ඉතිං ඒක ටිකක් විතර හොඳයි. ඒත් ඇයි එහෙම බොරු කරන්නෙ. බලාගෙන යද්දි හැම මිනිහෙක් ම කරන්නෙ රඟපාන එක. මැරෙනකම් ම එකට ඉඳල ඊලග ආත්මෙත් හම්බවෙන්න හිතන ආදරවන්තයො මාසයක් විතර යද්දි මරාගන්නව. එකාට එකා පේන්න බෑ. තෝ තමයි මගේ ජීවිතේ කෑවෙ කියල දෙන්නට දෙන්න වැරැුද්ද pass කර ගන්නව. ගෙදර ඇතුලේ මෙහෙම මරා ගන්න ගමන් අනිත් පවුල් වල ඒවත් හොයාගන්ගව. ඊට පස්සෙ එළියෙ මිනිස්සුන්ට පෙන්නනව අපේ ජීවිතේ හරිම ලස්සනයි, අපිට නම් කිසි ප‍්‍රශ්ණයක් නෑ කියල. කාටද මේ තරමට බොරු කරන්නෙ. එකට ජීවත් වෙන්න බැරි නම් කතා කරල අයින් වෙන එක හොඳයිනෙ එහෙම ජීවත් වෙනවට වඩා. ලංකාවෙ සංස්කෘතියෙ කියල දීල තියෙන්නෙ කොයි තරම් මරා ගත්තත් අයින් වෙන එක ශිෂ්ට නෑ කියල. ඒ නිසා කට්ටිය මැක්කා වගේ එල්ලිලම ඉන්නව... එක පැත්තකින් බලද්දි ගෑණු එහෙම ඉන්න එකත් හරි. මොකද තනියෙන් ජීවත් වෙන ගෑණියෙක් ව ගණිකාවක් විදියටනේ ලංකාවේ සදාචාර සම්පන්න මිනිස්සුන්ට පේන්නේ...

අපි මිනිස්සුනෙ.. ඒ නිසා ටික කාලයක් යද්දි එකම විදිහට ජීවත් වෙන්න එපා වෙනව තමයි. අනිත් එක ලංකාවෙ ගෑණුන්ගෙ තියෙන ලොකුම upset එක බැන්ඳ ගමන් ඔක්කොම හරි කියල තමයි ඒ අය හිතන්නෙ. ජීවිතේ අතඇරල දානව. ඊට පස්සෙ මුළු ජීවිතේම මිනිහ විතරයි. බඳිනකන් විතරයි ටිකක් බලන්න හිතෙන විදිහකට ඉන්නෙ. ඊට පස්සෙ තනිකර කුණු ගොඩක්.. ඉතිං ජීවිතේ එකම විදිහට ගෙවෙන කොට පොඩි වෙනසකට වගේ side love එකක් පටන් ගන්නව. ඒක ප‍්‍රශ්නයක් නෑ. ඇයි ඒක පොඞ්ඩක් කතා කරල ඇත්ත කියල කරන්න බැරි.. එහෙම කරන්න පුලූවන් වුණානම් ලස්සනක් තියෙවිනෙ.. මෙහෙම බොරු කරද්දි පොඩි guilty feeling එකක් දැනෙනවනෙ.. ඒත් ලංකාවෙ මිනිස්සු නම් මං හිතන්තෙ වැඩිපුර කැමති හොරෙන් කරන දේවල් වලට...

Tuesday, August 4, 2009

තුන්වෙනි ලෝකයෙ රටක් මේක...

ලංකාවෙ මධ්‍යම පාන්තික පවුලක ඉපදෙනව කියන්නෙ නම් ඇත්තටම පෙර කරුමයක්. කිසි ම දෙයක් කරගන්න බැරි අම්මල තාත්තල තමයි ගොඩක් වෙලාවට ඒ පවුල් වල ඉන්නෙ. මොකද ඒ පවුල් වල අය දන්නෙ මොකක් හරි රජයෙන් හම්බෙන රස්සාවක් කරගෙන ජීවත් වෙන්න විතරයි. ජීවිතේ කිසිම දෙයක් විඳින්න ඒ මිනිස්සු දන් නෑ. කිසිම දෙයක් ගැන තෘප්තිමත් වීමකුත් ඒ ජීවිත වල නෑ. රජයට කඹුරල කඹුරල එතන තියෙත ඕපදූප ටිකත් අහුලගෙන ගෙදර ඇවිත් ගෙවල් වල ඉන්න අයගෙ කන් පුරවන එක තමයි මේ කට්ටිය කරන්න දන්න රස්සාව.

මේ වගේ පවුලක ජීවත් වෙනව කියන්නෙ මිහිපිට අපායක ඉන්නව වගේ.කවදාවත් ජීවිතේ කියල ලස්සන දෙයක් නම් ඒ පවුල් වල ළමයින්ට දකින්න හමිබ වෙන් නෑ. මොකද හැම දවසක ම අම්මල උදේ රස්සාවට ගියාට පස්සෙ අලූතින් කුණු ටිකක් එකතු කරගෙන තමයි ගෙදරට එන්නෙ. අරයගෙ ළමය අර විභාගෙ ච්ිි වෙච්ච එකයි අනිත් මිනිහගෙ ළමය කසාද බැඳපු එකයි... මේ වගේ එක එක මිනිහගේ දේවල් හොයාගෙන ඇවිත් ගෙදර ඉන්න ළමයින්ව මරාගෙන කනව. මම නම් මගේ ජීවිත කාලෙ පුරා ම අහගෙන තියෙන්නෙ ඔය වගේ කතා විතරයි. කිසිම දවසක මම විභාග ච්ිි වුණා කියල හොඳක් නම් මේ ජීවිතේට ම අහගෙන නෑ. එදාටත් අහගෙන තියෙන්නෙ තව ලකුණු ගන්න තිබුණ ... ඔය මදි... අරයගෙ දුව ඔයිට වඩා ලකුණු අරගෙන තිබුණ වගේ කථා ගොඩක්. ඔය වගේ කථා කාලයක් තිස්සෙ අහල දන්නෙ ම නැතුව දැන් නම් මගේ ඔලූවත් damage වෙලා ඇති. ලංකාවෙ ජීවත් වෙන ගොඩක් මිනිස්සු psychology treatment කරගන්න ඕන මට හිතෙන විදිහට නම්.

ලංකාවෙ ජීවත් වෙන අම්මල තාත්තල ළමයින්ව හදාගන්නෙ ඒ අයට කර ගන්න බැරි වුණ දේවල් ටික ළමය ලවා කරගන්න. අම්ම doctor කෙනෙක් වෙන්න ආසාවෙන් ඉඳල වෙන්න බැරි වුණා නම් ළමයට මොන වදේ දීල හරි doctor කෙනෙක් කරවන්න හදන්නෙ. ළමය කියල කියන්නෙ දෙමාපියන්ගෙ arrears පිට කරගන්න ඉන්න මොකක් අර්චන වස්තුවකටද... ලංකාවෙ ජීවත් වෙන ළමයෙක්ට වෙලා තියෙන්නෙ නම් ඒකයි. ළමයගෙ ආසාවට ළමයගෙ කැමැත්තට කිසිම දෙයක් කරන්න බෑ. එහෙම කලොත් ඒ ළමය කීකරු ළමයෙක් වෙන් නෑනෙ. පොඩි කාලෙ ඉඳන් ළමයගෙ ඔලූවට දානව කීකරු ළමයෙක් වෙන්න ඕනි කියන එක. ඒ නිසා ළමයට තනියෙන් කිසි දෙයක් හිතන්න කරන්න බැරුව යනව. ලාංකීය සමාජය ඇතුලෙදි ළමයගෙ අත්තටු කපල තියෙන්නෙ. ඒ නිසා ඉගිලෙන්න දන් නෑ. හරියට හීලෑ පරවියෙක් වගේ.

පොඩි කාලෙ ඉඳන් එයාල කියන දේවල් ඉගෙන ගන්න ඕනි. එයාල කියද්දි රස්සාවකට යන්න ඕනි... ඒ විතරක් නෙමෙයි එයාල කියන වයසෙදි එයාල කියන කෙනාව බ`දින්න ඕනි... මහ පුදුම ජීවිතයක් මේක... මොනා වුණත් ළමය උඩ දෙමාපියන්ගේ හීන සාක්ෂාත් කරගන්න යන එක දුප්පත් කමේ ලක්ෂණයක්. ඒ නිසා තමයි මේක ගොඩක් වෙලාවට මධ්‍යම පාන්තික පවුල් වල දකින්න හම්බ වෙන්නෙ. ඇත්තටම ඇයි මේ මිනිස්සුන්ට තේරෙන් නැත්තෙ ළමයි කියන්නෙ එයාලට අයිති දෙයක් නෙමෙයි. ඒ අයට වෙනම ජීවිතයක් තියෙනව, ඔවුන්ගෙ ජීවිතේ ගැන තීරණ ගන්න ඔවුන්ට අයිතියක් තියෙනව කියන එක..

දවස තිස්සෙම බලන්නෙ Buddhist channel එක, කට්ටිය සෙට් වුණාම කතා කරන්නෙ නිවනට යන විදිය... ‘අත ඇරීම’ ගැන... ඒත් ළමයින්ගෙ ජීවිත විතරක් නෙවෙයි, පුළුවන් නම් ඒ ළමයින්ගෙ ළමයින්ගෙත් ජීවිත ඒ ගොල්ලො බදාගෙන... Remote control එක තියන් ඉන්නෙ ඒ අයගෙ අතේ.

අපි වෙමු මල් වැනි පුංචි ළමයි

වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපට තහනම් කරන්න නීතියක් ගේන්න යනව. මට තේරෙන් නෑ රටක් පාලනය කරන කෙනෙක් මේ වගේ මෝඩ නීති ගේන්නෙ කොහොමද කියල. රටේ ඉන්න පොඩි අයයි ලොකු අයයි හැමෝම බබාල කියල තමයි ඒ කට්ටියට පේන්නෙ. ලංකාවේ ඉන්න හැමෝම පොඩි ළමයි. ඒ අයව හරි මගට ගන්න තමයි රටේ ඉන්න පාලකයො හැමෝම උත්සහ කරන්නෙ. ඒ නිසා හැමෝම ළමා චිත‍්‍රපටි විතරක් බැලූවම ඇති කියල තමයි ඒ කට්ටිය හිතන්නෙ. අපරාදෙ මේ ලොකු බබාලටත් යන්න ඉස්කෝලයක් පටන් ගත්ත නම් හොඳයි.

ඇත්තටම මොකක්ද මේ වගේ නීති රටකට දාල ඒ අය බලාපොරොත්තු වෙන්නෙ. film එකකින් ලංකාවෙ සංස්කෘතියට හානි වෙනව කියන්නෙ මේ රටේ මොකක් හරි ප‍්‍රශ්නයක් තියෙනව සහ ඒ වගේ film එකක් රසවිඳින්න තරමටවත් මේ රටේ මිනිස්සුන්ගේ ඔළුව වර්ධනය වෙලා නෑ කියල තමයි ඒකෙන් ඔප්පු කරන්නෙ. එහෙම film එකක් බැලූවම මිනිස්සුන්ගෙ ඔළුව විකෘති වෙනව නම් ඒක බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙමෙයි. මොකද නොදියුණු යුගයකට ගොඩක් ළඟින් තමයි මේ රටේ මිනිස්සු තාම ඉන්නෙ. සමහර විට ජනාධිපතිට ඒක හරියට තේරුම් ගන්න තරම් බුද්ධියක් තියෙනව ඇති. එහෙම නම් අපි එයාට මීට වඩා ගරුත්වයක් දෙන්න ඕනිනෙ.

මං බලන් හිටිය ලංකාවෙ ගොඩක් මිනිස්සුත් කියනව ඒ වගේ චිත‍්‍රපට තහනම් කරන්න ඕනි කියල. එහෙම කියන මිනිස්සු කිසිම කෙනෙක් ඒවගේ නරක ඒව බලලා නැතුව ඇති. එහෙම නැත්තම් කලින් ඒ අයත් නරක් වෙලා ඉදල දැන් තේරුම් අරගෙන හොඳ ළමයි වෙලා වෙන්න ඇති. මොනා වුණත් බලාගෙන යනකොට අපි වගේ කීප දෙනෙක් හැරුණම හොඳ ශිෂ්ට මිනිස්සු තමයි ලංකාවෙ ජීවත් වෙන්නෙ. එතකොට අර ඉස්කෝලෙ යන ළමයින්ව එහෙම දූෂණය කරල මරල දාන්නෙ ලංකාවෙ මිනිස්සු නම් වෙන්න බෑ වෙන කොහෙන් හරි ආපු කට්ටියක් වෙන්න ඕනි.

මේ යන විදිහට තව ටික දවසකින් කියාවි ලංකාවෙ දූෂණ වැඩි වෙන්න හේතුව තමයි ගෑණු ළමයි නොගැලපෙන ඇුම් අදින එක, මුස්ලිම් අය අදින ඇුම තමයි ලංකාවෙ ගෑණු ළමයින්ට ගැලපෙන ඇුම, ඒ නිසා අද ඉඳන් හැමෝම ඒ ඇුම අදින්න ඕන කියල. මොකද දැන් දැන් ලංකාවෙ ක‍්‍රියාත්මක කරන්න යන නීති අරාබි රටවල නීති වලට ගොඩක් සමානයිනෙ. දැන් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට නම් ඒකත් ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ මොකද රට හරියට හදන්න ඕනි නිසයි එහෙම කරන්නෙ කියන ගොං කතාවට දැන් මෙහෙ මිනිස්සු අහුවෙලා ඉවරයි.

මොනා වුණත් ලංකාවෙ මිනිස්සුත් හීන දැක්කෙ මේ වගේ රටකට, මේ වගේ පාලනයකට නිසා මොන නීතිය දැම්මත් කිසි ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒකට විරුද්ධ වෙන මිනිස්සුන්ගෙ කටවලූත් shape එකේ වහල දාන විදිහ මහින්ද දන්නව ඒ නිසා විරුද්ධ වෙන කීපදෙනාගෙන් ප‍්‍රශ්නෙකුත් නෑ. මේ හැම දේම හොඳ නිසානෙ ලෝකෙන් උතුම් රට ලංකාව වෙන්නෙත්...

Thursday, July 30, 2009

මට මැරෙන්න ඕනි

මේ කාලේ පුරා ම මගේ ජීවිතේ වහගෙන ඉන්නෙ පුදුම මූසලකමක්... කාලකණ්ණිකමක්. ඇයි මං මේ විදිහට ජීවත් වෙන්නෙ.. වෙන කරන්න දෙයක් නැතිකමට. ඒත් මං හිතන්නෙ ඊට වඩා හොද නිර්වචනයක් ඒකට තියෙනව. මැරෙන්න තරම් කොන්දක් නැති කමට එහෙමත් නැත්තම් මැරෙන්න තියෙන බයට. ඒක තමයි ඒකට තියෙන ඇත්ත හේතුව. මේ කාලෙ ඇතුලත මට මැරෙන්න හිතුණ වාරවල් අනන්තයි. ඒත් ඒක එහෙම නොවුණෙ මම අන්තිම දුර්වල මනුස්ස ආත්මයක් නිසා. අඩුම තරම්න් වයස 13ක ළමයෙක්ට තියෙන හයියවත් මට නැහැ.

මේ තරම් කාලකණ්ණිකමක් ජීව්තේට එකතු වෙලා තියෙන්නෙ මගේ වැරුද්දකින්ද නැත්තම් ඒක සමාජෙ තියෙන ප‍්‍රශ්නයක්ද කියල කියන්න නම් මම දන්නෙ නැහැ. එක පැත්තකින් රස්සාවල් නැති ප‍්‍රශ්න තවත් පැත්තකින් කසාද බ`දින ප‍්‍රශ්න... ඒව තමයි වයසට ගිය අම්මල, තාත්තල ළමයින්ගෙ ඔ`එව ඇතුලට ගෙනත් දාන විෂබීජ... මට හිතෙන්නෙ හැමෝට ම තමන් ව අහිමි වෙලා.. වර්තමානයෙ මේ සමාජය ඇතුලෙ ජීවත් වෙන හැම මිනිහෙක්ට ම වෙලා තියෙන්නෙ ඒක. ඒක හරියට තේරුම්ගන්නෙ නැතුව පු`එවන් තරම් අනිත් මිනිහට වද දෙනව. පවුලක් ඇතුලෙ ගත්තම වැඩිහිටියො ළමයින්ටත්, පාසලක් ඇතුලෙත් නම් ගුරුවරු සිසුන්ටත්, ආදර සම්බන්ධයකදි ඔවුන් ඔවුනොවුන්ටත් වද දී ගනිමින් ඔවුන් තුළ තියෙන හිස්කම වහගන්න ද`ගලනවා. හැමෝම තමාගෙ ජීවිතය ගැන හොයනවට වඩා අනෙකාගෙ ජීවිතය හාර අවුස්සනව.. ඔවුන් වෙර දරන්නෙ අනෙකාගෙ ජීවිතය කොහෙම හරි තමාගේ බල අධිකාරියට නතු කර ගන්න.

ළමයෙක් වුණාම කීකරු වෙන්න ඕනි, අපි කියන විදිහට හැදුණ නම් ඔහොම වෙන් නෑ... මේ වගේ කථා මමත් මගේ ජීවිතේ පුරාම අහල ඇති. තාමත් නොකඩවා අහනව.. එතකොට මම කියන්නෙ කවුද මම ඒ අයගෙ වහල් සේවකයෙක්ද, මට කියල ජීවිතයක් නැද්ද, තාම මම ඒ ප‍්‍රශ්ණ එකකටවත් උත්තර දන්නෙ නෑ.. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වල entertainment නැති නිසා එයාලාගේ කුණු වෙන ජීවිත වලට විනෝදයක් ගන්නෙ ළමයින්ගෙ ඔ`එ ඇතුලට රිංගල. ඒ අය හිතන්නෙ ළමයා ඉන්න ඕන එයාල කියන විදිහට කියල. ඒ අය තමයි ළමයාගෙ ජීවිතය හසුරුන්නේ. හැම වෙලේ ම යතුර තියෙන්නෙ එයාලගෙ අතේ. ලංකාවේ ජීවත් වෙන බොහෝ පවුල් වල ව්‍යුහය ඒකයි. ඒක තමයි ලංකාවෙ විදිය... ලංකාවෙ අනන්‍යතාවය.

මොන දේ කිව්වත් මමත් ඉන්නෙ මේ කාලකණ්ණි වෙච්ච ලෝකෙ ම නිසා මටත් මගේ ජීවිතේ වෙනස් කරගන්න පාරක් පේන්නේ නෑ. අනිත් එක මම දන්නෙ නැහැ සමාජය හො`දට තියෙද්දි මට ඒව වැරදියට පේන්නෙ මගේ ඔ`එවෙ ප‍්‍රශ්නයක් හින්දද කියලත්. ඒ මොනා වුණත් suicide කරගන්න තරම් හයියක් නැති නිසා ෙමි හැම දෙයක් ම තව දුරටත් බලාගෙන ඉන්නව හැරෙන්න මටත් වෙන කරන්න කිසි ම දෙයක් නෑ.

Monday, July 27, 2009

හිමි වැඩ සිටි සමයේ...

කොළඹ ඉස්කෝලෙක ගෑණු ළමයෙක් ටයි එකෙන් බෙල්ල හිර කරගෙන මැරිලලූ. හේතුව තමයි phone එකේ blue photo වගයක් තිබ්බ එක. තවත් ළමයි අට දෙනෙක් කණේරු ඇට කාල ඒකට හේතුව ඔවුන්ගෙ ආදර සම්බන්ධයක් ගුරුවරු ලොකු ප‍්‍රශ්ණයක් කරගැනීම. ඇත්තටම මේ වගේ කාලෙකදි ඔය වගේ දේවල් අහන්න හම්බවෙන්නෙ ලංකාවේ විතරයි. ලංකාවේ පාසල් වල ඉන්න ගුරුවරුන්ටයි, විදුහල්පතිවරුන්ටයි ඔවුන්ගෙ ජීවිතේ ගැන කිසිම තාප්තියක් නැති නිසා ළමයින්ගෙ ඉහ මොළ කාල තමයි ආතල් එකක් ගන්නෙ.

ඒත් ඉතින් එක පැත්තකින් බලද්දි ඔය දේවල් ඔහොම වෙන එක ගැන ඒ තරම් පුදුම වෙන්න දේකුත් නෑ. මොකද ලංකාවේ සංස්කාතිය බේර ගන්න නම් ඉස්කෝලෙ යන ළමයින්ව විනයානුකූල කරන්න ඕනිනෙ. ගුරුවරු උත්සහ කරනව ඇත්තෙ ළමයින්ට සංස්කෘතිය කියල දීල හරියට හදන්න වෙන්න ඇති. වෙලාවකට මට හිතෙනව ඇත්තටම අපි ඉන්නෙ 21 වෙනි සියවසේද කියල.

සාමන්‍යයෙන් ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට තේරෙනවනෙ අනිත් රටවල් වලට සාපේක්ෂව තමන්ගෙ රටේ මොකක් හරි ප‍්‍රශ්ණයක් තියෙනව කියල. පුදුමෙ කියන්නෙ ලංකාවේ මිනිස්සුන්ට ඒකවත් තේරෙන් නෑනෙ. අපේ සංස්කාතිය තමයි සංස්කෘතිය, අපේ සංස්කෘතිය තරම් පරණ සංස්කෘතියක් වෙන කිසිම රටකට නෑ වගේ බොරු ගොඩක් කියල ඒක වහ ගන්නව. තාම මං හරියට දන් නෑ එහෙම කියන මිනිස්සු දන්නවද කියල ඒක බොරුවක් කියල. එහෙම නැත්තමි ගොඩක් වෙලාවට ඒ අයත් අපිට ලොකු සංස්කෘතියක් තියෙනව කියල විශ්වාස කරනව ඇති. ඒත් මට නම් ඉතියෝපියාවෙයි ලංකාවෙයි මහ ලොකු වෙනසක් පේන්නෙ නැහැ.

අපේ සංස්කාතිය කියල කට්ටිය උදම් අනන ගමයි. පන්සලයි, වැවයි, දාගැබයි නම් දැන් ආපහු ලංකාවට හම්බවෙල තියෙන්නෙ. රටේ හැදෙන හාල තම්බගෙන කාල ජීවත් වෙනවට වඩා වැඩි දෙයක් කොහොමත් ලංකාව වගේ කොදෙව්වක ජීවත් වෙන බහුතරයකට කරන්න බැහැ තමයි. ඒ අයට පුලූවන් වෙන්නෙ සංස්කෘතිය හරි මොකක් හරි එකකට ආවඩන එක විතරයි. අනිත් රටවල් technology එකත් එක්ක ඉස්සරහට යද්දි ලංකාවෙ මිනිස්සු ආපහු උදැල්ල අරගෙන කුඹුරට බහිනව.ඒ කියන්නෙ ටික ටික ආපස්සට යනව.

ඔය විදිහට සංස්කෘතික වෙන ලංකාවේ මේ වෙද්දි මිනිස්සුන්ගෙ නිදහසටත් මාංචු දාල ඉවරයි. ඒ කියන්නෙ ඒ අය කියන සංස්කාතිය ප‍්‍රශ්ණ කරන්නවත්,ඒකෙන් ඔබ්බට හිතන්නවත් මිනිස්සුන්ට අයිතියක් නැහැ. ඒ නිසා කරන්න නම් කිසිමම දෙයක් නැහැ වෙන දේ බලන් ඉන්නවා හැර...

Sunday, July 26, 2009

ආදරේ... ගොඩක් දුර ගිහින්...

ආදරය... ඒක ගැන නිර්වචන දෙන්න තරම් ලොකු දැනුමක් මට නෑ කියල මම දන්නව. ඒත් මට දැනෙන විදිහට පුංචි දේවල් වගයක් කියන්න මට හිතුණා. ආදරයක් පටන් ගත්ත මුල්ම කාලෙදි ඒක ගොඩක් ලස්සනයි. හරියට හීනයක් දකිනව වගේ. ඒත් කාලයත් එක්ක ඒක ඇල් මැරිල යනව. ඒක තමයි ආදරේ හැටි.

ආදරයක් ඇති වෙන්නෙ දෙන්නෙක් අතර ඇති වෙන attraction එකකින්. ඒ නිසා මුල් කාලෙදි ඒ දෙන්න අතර හුවමාරු කරගන්න දේවල් තියෙනවා. ජීවිතේ වෙනසක් වුණා වගේ හැගීමක් දැනෙන්න ගන්නවා. පහු වෙනකොට ඒකත් අනිත් දේවල් වගේම සාමාන්‍ය දෙයක් වෙනව කිසිම වෙනසක් නැතුව යනව. කොයි තරම් ආදරේ කරත් එක කුටුමිබයකට ආවට පස්සෙ එකිනෙකාට, අපෝ මල වදයක් කියා ගන්න තරමටම අප්පිරිය වෙනව.

මොනා වුණත් 80 දශකෙට කලින් ජීවත් වෙචිච අයට අද ජීවත් වෙන අයට වඩා නම් ආදරේ ගැන හැගීමක් තිබුණ කියල මට හිතෙනව. ඒ කාලෙ තිබුණ සින්දුත් ඒකට එක හේතුවක් වෙන්න ඇති. මොකද ඒ කාලෙදිත් මිල්ටන්ගෙ එහෙම සින්දු අහද්දි ඇස් වලින් කදුලූ වැටිච්ච
මිනිස්සු එදත් ජීවත් වුණා. ඒත් අද වෙද්දි නම් ඒක ගොඩක් වෙනස් වෙලා. මිල්ටන්ලගෙ සින්දු අහන කෙනෙක්ව අද නම් බෙහෙතකටවත් හොයාගන්න හම්බවෙන් නෑනෙ. ඒ නිසාම අද ආදරේ කරන අයට ආදරේ කියන එක ඒ තරම් දැනෙන් නැහැ. සමහර විට ඒක හොද වෙන්නැති ඒත් මට නම් ඒක දැනෙන්නෙ මිනිස්සු ටිකෙන් ටික machine විගෙන යනව වගේ, මිනිස්සුන්ගෙ හැගීම් මැරිල යනව වගේ. ඒක මට විතරක් දැනෙන දෙයක්ද දන්නෙ නැහැ.

සමහරු දන්නැහැ වචන වලින් ආදරයක් කොයි තරම් දුර ගෙනියන්න පුලූවන්ද කියල. ආදරේ කරන්නත් වෙනම භාෂාවක් තියෙනව. හරියට භාෂාව දන්නෙ නැති කෙනෙකුට ලස්සන ආදරයක් ගොඩ නගන්න බැහැ. අනිත් කෙනාගෙ සිතිවිලි ඇතුලට යන්න නම් ඒ භාෂාව ඉගෙන ගන්නම වෙනව. මොකද වචන වලින් තමයි අනෙක් කෙනාගෙ ඔලූව ඇතුලෙ fantasy 1ක් ගොඩ නගන්න පුලූවන් වෙන්නෙ. ඉස්සර හිටපු මිනිස්සුන්ට ඒ වචන දැණුනා. ඒ ගැන හැගීමක් තිබුණ බොරුවට ඒ වචන පාවිච්චි කලේ නෑ. ඒත් අද ආදරවන්තයෝ ඊට වඩා ගොඩක් දක්ෂයි. ඒ අයට පුලූවන් ආදරේ ගැන කිසිම හැගීමක් නැතුව වුණත් ඒ වචන එක්ක play කරන්න මොකද අනිත් කෙනා ගැන කිසිම හැගීමක් ඒ අයට නැහැ.

ඒ නිසා ලංකාව ඇතුලෙ මේ වෙන කොට නම් ආදරේ කියල දෙයක් ඉතුරු වෙල තියෙනව කියල මම විශ්වාස කරන් නැහැ. කුටුම්බ වෙච්ච අය ඒකෙන් අයින් වෙන එක සදාචාරාත්මක නැති නිසා කොහොම හරි ඒක ඇතුලෙ ජීවත් වෙනව. අලූත් පරම්පරාවට නම් ආදරෙ කියන එක ඒ තරම් අදාල දෙයක් නෙමෙයි. ඒ අය ජීවත් වෙන පරිසරයයි ,මේ කාලෙ හැදෙන සින්දුයි නිසා ඒ අයට දැනෙන ආදරේ තියෙන්නෙ පොඩි සීනි බෝල ගතියක්. ඒ නිසා ඉස්සරහට romantic love 1ක් දකින්න,විදින්න හම්බෙන එකක් නම් නැති වේවි.......

Thursday, July 23, 2009

Styles, Fashions, Me and Them...

Most people here and abroad, who born in Sri Lanka says, there's no land in the world like this. But for me, this is a land of gaga,

Either they don't know about the world, or they don't know about Sri Lanka, that's why they see this as a noble land. For me, this is a country, where people celebrated the killing of people; a country where those who refused to do so were named as bastard.

There's nothing in this country except savage groups of people, fighting with each others. In the past people grouped into tribes for their own safe, because they couldn't face the life alone, in that savage era. People here still gathering in to cover their cowardity to face the life. Patriots call it as the traditional culture of Sri Lanka. But for me, is a sign of underdevelopment.

"Fashion" is a subject that people in here can never feel, although they are doing fashion a lot. In other word, they do fashions, they do copy fashions, but none of those fashions becomes styles in their life. No matter how much they talk about fashion, still I can't walk in a street wearing a short skirt, without being captured into those insulting eyes, which are also filled with hidden and hypocritical desires.

Tattoos, piercing etc are used as styles and fashions all around the world, but in here, if will only qualify you to being named as a prostitute by civilians and being harassed by policemen.

They say this is the most cultured country in the world. They watch US made porn films in their closet and blame American culture in he open society. They ban their girl friends and wives to do fashions which show off their bare legs and arms while enjoying such views in roads, an in strip dance shows they are organizing secretly.

I don't care they are watching porn and enjoying strip dance or whatever. People should be able to do entertain there lives. But the only problem I have is they are standing against them while secretly enjoying them.